slc
logo
Home   |    News
දෙසැම්බර් 10, 2022
කාන්තා   සුපිරි හතරේ  අවසන් සටන රෙඩ්ස්  සහ  ග්‍රේස් අතර

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවු  කාන්තා  සුපිරි හතර  විස්සයි 20  ක්‍රිකට් තරගාවලියේ  මුලික  වටය  අද  (9) නිමාවූ  අතර  තරගාවලියේ   අවසාන  මහා   තරගයට  රෙඩ්ස්  සහ  ග්‍රේස්  කණ්ඩායම්  සුදුසුකම්  ලැබූහ.

නිලක්ෂි   ද  සිල්වා   නායකත්වය  දරණ  රෙඩ්ස්   කණ්ඩායම  සහ   හර්ෂිතා මරවික්‍රම   නායකත්වය   දරණ ග්‍රේස් කණ්ඩායම අතර  අවසාන මහා තරගය  ඉරිදා (11)පැවැත්වීමට   නියමිතය.

මේ කණ්ඩායම්  දෙක  අතර   මුලික   වටයේ   අවසාන   තරගය අද  (9) උදෑසන    කෝල්ට්ස්   ක්‍රීඩාංගණයේ දී  පැවැති  අතර   එහිදී ග්‍රේස්  කණ්ඩායම  කඩුලු  8  ක පහසු  ජයක් අත්කරගත්තේ  ඩක් – වර්ත් –  ලුවිස් ක්‍රමයටය.

අද (9) දිනයේ   පැවැති   අනෙක්  තරගයේදී  බ්ලුස් කණ්ඩායම නැවත   වරක්    අසාර්ථක  වෙමින්  කඩුලු   7ක්  දැවී   ලකුණු  63 ක් පමණක් රැස්  කළ  අතර  ග්‍රීන්   ජයලැබුවේ   කඩුලු හතරක්  පමනක්   දැවී  යාමෙනි.  උදයවරුවේ  අද  (9) පැවැති රෙඩ්ස්  සහ    ග්‍රේස්   අතර   තරගයේ  නැවත වතාවක්  රෙඩ්ස් නායිකාව  නිලක්ෂි   ද සිල්වා  ( ලකුණු 33)  සහ ග්‍රේස් නායිකාව  හර්ෂිතා  සමරවික්‍රම  ( ලකුණු 26)  කණ්ඩායම් දෙකේ වැඩිම  ලකුණු   ලාභිනියන්   බවට    පත්වූහ.

ග්‍රීන්ස්  සහ  ග්‍රේස්   අතර  පැවැති  තරගයේදී   මුලින්   පන්දුවට   පහරදුන්   බ්ලුස්   කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක්  දැවී   ලකුණු 63ක්  පමණක්  රැස්  කළ  අතර පිළිතුරු ලෙස ග්‍රීන්ස්   පන්දුවාර 12.5 කදී   කඩුලු 4ක් දැවී ලකුණු 64  ක  රැස් කරමින් කඩුලු  හයකින්  ජයගත්තේ   තවත්   පන්දු   43 ක්ම  ඉතිරිව  තිබියදීය .

බ්ලුස් කණ්ඩායමේ නායිකාව  චමරි  අතපත්තු   මේ  තරගයට  සහභාගි නොවු  අතර  කණ්ඩායමට   නායකත්වය දුන්නේ සත්‍යා  සංදීපනීය. බ්ලුස්  ක්‍රිඩිකාවන්  ඉනිම  ආරම්භයේ සිටම අඩු ලකුණු  සංඛ්‍යාවන්ට   දැවී ගි යඅතර ලකුණු දහයේ සීමාව    ඉක්මවුයේ   ළිහිණි අප්සරා පමණකි .ඇය  පන්දු  30  කදී   හතරේ   පහරක්  සමග   ලකුණු   17ලැබුවාය.

ග්‍රීන්ස්  කණ්ඩායම  ලකුණු  64ක්  වු ජයග්‍රාහී  ඉලක්කය කරා   පහසුවෙන්ම  ගියේ කඩුලු හයක් සහ පන්දුවාර 7.1 ක්ද  ඉතිරිව   තිබියදීය . එහිදි  ඕෂදී රණසිංහ  පන්දු 21 කදී   නොදැවී  ලකුණු 16 ක්ද   හසිනි  පෙරේරා පන්දු 15කදීහතරේ  දෙකක්  සමග   ලකුණු 14ක්ද  අනුෂ්කාසංජීවනී පන්දු 13 කදී  ලකුණු  10 ක්ද   ලැබුහ.

රෙඩ්ස් සහ  ග්‍රේස්  කණ්ඩායම අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී උදයවරුවේ  පැවැති  තරගයේදී  මුලින්  පන්දුවට පහරදුන්  රෙඩ්ස්  කණ්ඩායම නියමිත්  පන්දුවාර 20 අවසානයේ කඩුලු  පහක්  දැවී   ලකුණු   106ක්   රැස්  කළේය . ග්‍රේස්  කණ්ඩායම   පන්දුවට  පහර දෙන අවස්ථාවේ  වර්ෂාව  පතිත  වුයේන් ඩක් වර්ත්  ලුවිස්  ක්‍රමයට  ඔවුනට  ඕවර  12ක්  තුළ  ලකුණු  59 ක් ජයග්‍රහණයට   අවශ්‍ය විය.ග්‍රේස්  පිතිකාරිනියන් දෙදෙනෙකු  දැවී   එම  කණ්ඩායම මෙ

ඕවර  11.5 ක්  තුළ  ලකුණු   59  ක්  රැස් කරගෙන    එම  තරගයෙන්    ජයගත්තේ  කඩුලු  අටකිනි.

ග්‍රේස් කණ්ඩායමට  කඩුලු 8ක ජයක්

රෙඩ්ස් පන්දු වාර 20 කදී  කඩුලු  5 ට 106 යි ( නිලක්ෂි ද සිල්වා 33 නෙත්මි සේනාරත්න  27 ප්‍රසාදිනි වීරක්කොඩි  18 මල්ෂා ෂෙහානි 10 මල්ෂා මධුෂානි  20/2  හංසිමා කරුනාරත්න  26/1)

ග්‍රේස් කණ්ඩායම පන්දුවාර 11.5 කදී කඩුලු 2 ට 59 යි (හර්ෂිතා  සමරවික්‍රම  26 ඉමල්කා  මෙන්ඩිස්  23 විශ්මි ගුණරත්න නොදැවී 08  තාරිකා සෙව්වන්දි  24/1 තාරුකා ෂෙහානි  6/1)

ග්‍රීන්ස් කඩුලු හයකින්  බ්ලුස්  පරාජය කරයි

බ්ලුස්  පන්දුවාර  20කදී  කඩුලු 7ට    63 යි ( ළිහිණි අප්සරා 17   අමා කාංචනා 08  පමෝද්  සයිනි   08 සත්‍යා සංදීපනී 07  උදේශිකා   ප්‍රබෝදිනී   9/2 ඕෂදී   රණසිංහ  11/2)

ග්‍රීන්ස්   පන්දුවාර  12.5  කදී  කඩුලු  4ට  64 යි -(ඕෂදී   රණසිංහ නොදැවී  16  හසිනි  පෙරේරා  14 අනුෂ්කාසංජීවනී 10  චමරි  ලක්ෂානි 21/3)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සන්නාම සම්මානයෙන් පිදුම් ලබයි
    ලෝක මානව සම්පත් කොංග්‍රසය (World HRD Congress) විසින් වාර්ෂිකව පවත්වනු ලබන සේවා යෝජක 2024 සම්මාන ප්‍රධානයේදී මෙරට හොඳම සේවා යෝජකයා සන්නාම සම්මානයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිදුම් ලැබීය. […]
  • ආරාධිත කාන්තා ක්‍රිකට් 15 දා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2024 මේජර් අන්තර් සමාජ කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලිය මේ මස 15 සිට ලබන මස (නොවැම්බර්) 19 දක්වා කණ්ඩායම් 15ක සහභාගිත්වයෙන් පැවැත්වේ. තරගාවලියට […]
  • ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ පරදිති
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සියුම් හෝ බලාපොරොත්තුවක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වූ ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව  පැවැති තරගයෙන්ද ලකුණු 82 ක […]
  • එක්දින ශූරතාවත් ගාලු ක්‍රීඩකයෝ දිනති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත ක්‍රීඩා සමාජ ටියර් බී පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තෙදින ක්‍රිකට් තරගාවලියේද ශූරයන් වුණු ගාලු ක්‍රිකට් සමාජය […]
  • කොදෙව් පිලට එරෙහි විස්සයි-20 සංචිතය නම් කරයි
    ඔක්තෝම්බර් 13 වැනි ඉරිදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි ආරම්භ වන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් […]

Pin It on Pinterest

USD United States (US) dollar