slc
logo
Home   |    News
දෙසැම්බර් 17, 2022
කැන්ඩි ෆැල්කන්ස් පළමු අවසන් පූර්ව තරගයට ඉඩ වෙන්කර ගනියි  

sinhala editor

Chamila Karawita

චාමික කරුණාරත්න (11/4) සහ ඔෂේන් තෝමස් (20/3) එක්ව ලකුණ 31 ක් ඇතුළත කඩුලු 7 ක් දවා ගැනීමට සමත්වීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොළඹ අදියරය ආරම්භ කරමින් අද (17 දා) රාත්‍රියේ පැවැති පන්දුවාර විස්සයි-20 තරගයෙන් කලම්බු ස්ටාර්ස්ට එරෙහිව කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරග වාරයේදී කැන්ඩි පිල ලද 6 වැනි තරග ජය වූ මෙම තරග ජයත් සමග අවසන් කණ්ඩායම් අතර තරග වටයේ පළමු අවසන් පූර්ව අවස්ථාව සදහා ඉඩ කඩ වෙන්කර ගැනීමටද කැන්ඩි ක්‍රීඩකයෝ සමත්වූහ.

ලකුණු 107 පහසු ඉලක්කයක් හඹා ගිය කැන්ඩි පිතිකරුවෝ එක් කඩුල්ලක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමන් ඉලක්කය සපුරා ගත්තේ තවත් පන්දු 24 ක් ඉතිරිව තබමිනි. අංක 3 පිතිකරු කමිඳු මෙන්ඩිස් පන්දු 48 කදී ලකුණු 51 ක්ද ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් පන්දු 41 කදී ලකුණු 44 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

සත්කාරකයින් වුණු කොළඹ කණ්ඩායමට කිසිදු ඉඩ හසරක් ලබා නොදුන් ෆැල්කන්ස් පන්දු යවන්නෝ ස්ටාර්ස් පිතිකරුවන්ව ග්‍රහණයට නතු කර ගත්තේ පළමු පන්දුවාරයේ සිටය. දෙවැනි පන්දුවේදීම ඉසුරු උදාන විසින් නිරෝෂන් දික්වැල්ලව පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දවමින් දවා ගත්තේ දික්වැල්ල එවැනි ආකාරයට දැවී ගිය සිව්වැනි අවස්ථාවට හසු කර ගනිමිනි.

කඩුලු අතර සම්බන්ධතා ගොඩ නඟා ගැනීමට කලම්බු පිතිකරුවෝ අසමත්වද්දී නායක ඇන්ජලෝ මැතිව්ස් පමණක් පැත්ත ආරක්ෂා කර ගනිමින් ලකුණු 41 ක් ලබා ගත්තේය. හයේ පහරක් සහ හ තරේ පහර 4 ක් සමගින් පන්දු 39 කදී ලකුණු 41 ක් මැතිව්ස්ගේ පිත්තෙන් වාර්තා වද්දී සෙසු පිතිකරුවන් ලකුනු 20 අඩුවෙන් තබා ගැනීමට කැන්ඩි පන්දු යවන්නෝ සමත් වූහ.

කලම්බු වැඩිම හානිය සිදුවූයේ ඔෂේන් තෝමස් විසින් යවන ලද 7 වැනි පන්දුවාරයේදීය. පළමු පන්දුවේදීම රවී බොපාරාව දවා ගන්නා තෝමස් ඊළඟ පන්දුවේදී බෙනී හොවෙල් දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් ආසන්නයට පැමිණෙන්නේය. කඩුලු ත්‍රිත්වයෙන් බේරීමට ජැනට් සමත් වුවත්, හවැනි පන්දුවෙන් ඔහු දැවී ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් උඩ පන්දුවක් දවා ගනිමිනි. පන්දුවාර 4 ම යැවූ තෝමස් ලකුනු 20 කට කඩුලු 3 ක් දවා ගනිද්දී කැපී පෙනෙනම පන්දු යවන්නා වුනු චාමික කරුනාරත්න පන්දුවාර 3.1 කදී ලකුණු 11 කට කඩුලු 4 ක් දවා ගත්තේය. ‌මෙම දක්ෂතාව නිසා තරගයේ වීරයා සම්මානයද චාමිකට හිමිවිය.

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee