slc
Home   |    News
දෙසැම්බර් 12, 2022
ග්‍රේස් ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලියේ වාඩුව විස්සයි-20 න් ගනිති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ කාන්තා සුපිරි හතර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සමග මුදලින් රුපියල් ලක්ෂ 5ක මුදල් ත්‍යාගය දිනා ගැනීමට ග්‍රේස් කණ්ඩායම සමත්විය. කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ අද (11) පැවති අවසන් තරගයේදී ග්‍රේස් පිල වෙතින් රෙඩ්ස් පිල පරාජයට පත්විය. මෙම අවසන් මහා තරගයේදී හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් පිල වෙතින් නිලක්ෂි ද සිල්වාගේ නායකත්වයෙන් තරග කළ රෙඩ්ස් කණ්ඩායම කඩුලු 6ක පරාජයක් ලැබීය.


කාන්තා සුපිරි හතර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අනු ශූරතාව දිනාගත් රෙඩ්ස් කණ්ඩායමට රුපියල් ලක්ෂ 3ක මුදලක් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා තිබිණි.

මීට දින කීපයකට ඉහතදී පවත්වා අවසන් කෙරුණු සුපිරි කණ්ඩායම් 4 අතර පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් රෙඩ්ස් හා ග්‍රේස් යන කණ්ඩායම් දෙකම විස්සයි 20 තරගාවලියේදීත් එදිරිවාදීන් බවට පත්වීම විශේෂත්වයක් වේ.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් රෙඩ්ස් පිල ලකුණු 91කට සීමා වූ අතර  තරුෂි රාජකරුණා කඩුලු 4ක් බිද හෙලමින් දස්කම් දැක්වූවාය. එමෙන්ම ඉනූෂී ප්‍රනාන්දු කඩුලු 2ක් බිද හෙලා පීඩනය වැඩි කළාය. රෙඩ්ස් ඉනිමේ බිඳ වැටුණු අවසන් කඩුලු 7 ලකුණු 28ක් තුළ දවා ගැනීමට ග්‍රේස් ක්‍රීඩිකවෝ සමත් වීම කැපී පෙණුනි. එම පීඩනය මැද නෙත්මි සෙනෙවිරත්න ලකුණු 33ක් රැස් කර ගැනීමට සමත් වූවාය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ග්‍රේස් ක්‍රීඩිකාවෝ පන්දු 3ක් ඉතිරිව තිබියදී කඩුලු 4ක් දැවී ජය කණුව පසු කළහ. ඉතා සාර්ථක පිතිකරණයක නිරත වූ  ග්‍රේස් පිල ඕවර් 19. 4කදී කඩුලු 4ක් දැවී ලකුණු 94ක් ලබා ගැනීමට සමත් විය. එහිදී හංසිමා කරුණාරත්න නොදැවී 35ක් හා කෞෂිනී නුත්‍යාංගනා ලකුණු 18ක් ලබා ගත්හ.

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස හංසිමා කරුණාරත්න සම්මාන දිනාගත් අතර, ඇයට රුපියල් 50,000ක මුදලක් පිරිනැමිණි. තරගාවලිය පුරා දක්ෂතා පෙන්වූ  රෙඩ්ස් නායිකා නිලක්ෂි ද සිල්වා  දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය සමඟින් රු. 100,000ක මුදල හිමි කර ගත් අතර, දක්ෂතම පිතිකාරිනිය ප්‍රසාදිනී වීරක්කොඩි (රෙඩ්ස්) සහ දක්ෂතම පන්දු යවන්නිය තරුෂි රාජකරුණා (ග්‍රේස්) සම්මානය සමග රුපියල් 75,000 බැගින් මුදල් ත්‍යාග දිනා ගත්හ.

රෙඩ්ස් පිල කඩුලු 9කට ලකුණු 91යි (ඕවර 20) – නෙත්මි සෙනෙවිරත්න 33, ප්‍රසාදිනී වීරක්කොඩි 14 (තරුෂි රාජකරුණා 17/4, ඉනෝෂි ප්‍රනාන්දු 10/2


ග්‍රේස් පිල කඩුලු 4කට ලකුණු 94යි (ඕවර 19.4) හංසිමා කරුණාරත්න නොදැවී 35, කෞෂිනී නුත්‍යාංගනා 18, විශ්මි ගුණරත්න 12 (මල්ෂා හේෂානි 13/2)

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest