slc
logo
Home   |    News
දෙසැම්බර් 3, 2022
ග්‍රේස් පිට පිටම දෙවැනි ජයත් ලබයි

sinhala editor

දක්ෂතම ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන කාන්තා සුපිරි කණ්ඩායම් 4 අතර විස්සයි-20 තරගාවලියේ දෙවැනි දිනය වූ අද (03 දා) පැවැති තරග වලදී හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් කණ්ඩායම විසින් ටීම් ග්‍රීන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 26 ක ජයක් වාර්තා කිරීමට සමත්විය. මෙය මෙම තරගාවලියේ ග්‍රේස් කණ්ඩායම තරග 2 කදී ලද දෙවැනි ජයග්‍රහණය විය.

කොළඹ බී.ආර්.සී. පිටියේ පෙරවරුවේ පැවැති මෙම තරගයෙන් අනතුරුව පැවැති රෙඩ්ස් සහ බ්ලූස් අතර තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අවසන් වීය.

පෙරවරුවේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ග්‍රේස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 104 ක් රැස් කිරීමට සමත් වූ අතර ඊට පිළිතුරු ලෙස ග්‍රීන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසනදී රැස් කරගත හැකි වූයේ කඩුලු 9 ට ලකුණු 78 ක් පමණි.

නායිකා හර්ෂිතා සමරවික්‍රම ලකුණු 02 කට සහ අවුරුදු 19 න් පහළ නායිකා විශ්මි ගණරත්න දෙදෙනාම ලකුණු 16 ක් ඇතුළත බිද වැටුණද හංසිමා කරුණාරත්නට එක්වූ ඉමල්කා මෙන්ඩිස් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් පවත්වමින් ග්‍රේස් පිල අසීරුතාවයෙන් මුදවා ගත්හ. මෙහිදී හංසිමා පන්දු 43 කදී ලකුණු 36 ක්ද ඉමල්කා මෙන්ඩිස් පන්දු 35 කදී ලකුණු 31 ක්ද රැස් කළහ. මැද පෙළින් පැමිණි කඩුලු රකින ක්‍රීඩිකා කෞෂානි නුත්‍යාංගනා පන්දු 17 කදී ලකුණු 20 ක් ලබා ගැනීමට ග්‍රේස් ලකුනු පුවරුව 100 සීමාවෙන් ඔබ්බට රැගෙන යෑමට දායකත්වය දැක්වූවාය.

පන්දු යැවීමේදි නිමේෂා මදුශාන් කඩුලු 2 ක් දවා ගනිද්දී උදේශිකා ප්‍රබෝධනී ලකුණු 15 කට කඩුලු 3 ක් දවා ගත්තාය. ඉලක්කය හඹා යෑමේදී තරුෂා රාජකරුණා සහ විහාර ද සිල්වා කඩුලු 2 ක බැගින් දවා ගනිද්දී ඉනෝෂි ප්‍රනාන්දු ලකුණු 13 කට කඩුලු 3 ක් දවා ගනිමින් ජයග්‍රහණයට වැඩි දායකත්වයක් දැක්වූවාය.

මේ අතර පස්වරුවේ පැවැති බ්ලූස් සහ රෙඩ්ස් අතර තරගයේදී බ්ලූස් ඉනිම ක්‍රියාත්මක වන අතරතුරදී තරගයට වර්ෂාව හරස් විය. පන්දුවාර 4.4 කදී නවතා දමන විට පන්දුවට පහර දෙමින් සිටි චමරි අතපත්තු පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 28 ක් ලබා සිටියාය. මෙම තරගයේ ප්‍රතිඵලයක් ලැබීමට නම් තවත් පන්දු 2 ක් යැවිය යුතු වුවත් ඊට පෙර තරගය නතර කිරීම නිසා තරගය ප්‍රතිඵල රහිත විය.

පළමුව පන්දුවට පහර දුන් රෙඩ්ස් කන්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට ලකුණු 109 ක් රැස් කළ අතර ඊට වැඩිම ලකුණු ලාභිනය බවට පත්වූයේ මල්ෂා ෂෙහානි (21) ය. මෙම තරගාවලිය සඳහා වයස අවුරුදු 19 න් පහළ බාලිකා කන්ඩායමේ ක්‍රීඩිකාවන් කීප දෙනෙකුම ක්‍රීඩා කිරීම කැපී පෙනෙන අතර එහිදී මනුදි නානායක්කාර ලකුණු 13 ක් රෙඩ්ස් පිල වෙනුවෙන් ලබා ගත්තාය.

ග්‍රේස් – ග්‍රීන්ස්

ග්‍රේස් පිලට ලකුණු 26 ක ජයක්

ග්‍රේස් පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 104 යි – හංසිමා කරුණාරත්න 36, ඉමල්කා මෙන්ඩිස් 31, කෞෂානි නුත්‍යාංගනා 20, උදේශිකා ප්‍රබෝධනී 15/3, නිමේෂා මදුශානි 18/2

ග්‍රීන්ස් පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 78 යි – සුමුදු නිසංසලා 21, රශ්මි සිල්වා 23, ඉනෝෂි ප්‍රනාන්දු 13/3, විහාර ද සිල්වා 15/2, තරුෂි රාජකරුනා 08/2

බ්ලූස් – රෙඩ්ස්

විසඳුම් රහිතයි

රෙඩ්ස් පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 109 යි – ප්‍රසාදිනී වීරක්කොඩි 15, මනුදි නානායක්කාර 13, නිලක්ෂි ද සිල්වා 13, මල්ෂා ෂෙහානි 21, සචිනි නිසංසලා 16, තාරිකා සෙව්වන්දි (නොදැවී) 10, සත්‍යා සංදීපනී 22/2

බ්ලූස් පන්දුවාර 4.4 කදී කඩුලු 1 කට ලකුණු 34 යි – චමරි අතපත්තු නොදැවී 28, සතයා සංදීපනී නොදැවී 05

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee