slc
Home   |    News
දෙසැම්බර් 11, 2022
ග්ලැඩියේටර්ස් පිලේ වෙනස්කම් දෙකක්

sinhala editor

Chamila Karawita reporting from Pallekele

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය හෙවත් ගෝල් ග්ලැඩියේර්ස් සහ කලම්බු කිංග්ස් අතර තරගයේ කාසියේ වාසිය තමන් සතු කරගත් ගෝල් ග්ලැඩියේටර්ස් නායකයා, කුසල් මෙන්ඩිස්, පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

මෙතෙක් තරගාවලියේ එකම තරගයක් හෝ ජය ගැනීමට සමත් නොවූ කණ්ඩායම වන්නේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වන අතර ඔවුන්ට මෙම තරගයේ ජය තරගාවලියේ ඉදිරියට සඳහා බෙහෙවින් වටිනු ඇත.

මෙම තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් පිල වෙනස්කම් දෙකක් සමගින් අවතීර්ණව සිටියි. පෙර තරගයට ක්‍රීඩා කරන ලද මොවින් සුබසිංහ සහ පුලින තරංග වෙනුවට අද තරගයේදී ළහිරු උදාර සහ ලක්ෂාන් සඳකැන් කැඳවා තිබේ. කළින් තරගයේ වැඩිම ලකුණු ලාභියා වුණු මොවින් සුබසිංහ වෙනුවට ළහිරු උදාරවද, පුලින තරංග වෙනුවට ලක්ෂාන් සඳකැන්වද අද තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් වෙනුවෙන් ක්‍රීඩා කරති.

මේ අතර මෙතෙක් පැවැති තරග 2 දී එක් තරගයක් ජය ගෙන සිටින ‌කලම්බු ස්ටාර්ස් එකම ‌වෙනස්කමක් හෝ නොකරමින් අවතීර්ණව සිටියි.

අද තරගය පැවැත්වෙන්නේද ඊයේ (10 වැනිදා) දිනයේ කැන්ඩි ෆැල්කන්ස් සහ ජැෆ්නා කිංග්ස් තරගය පැවැති තණතීරුවේම වුවත්, තණතීරුවේ වාර්තාව ගෙන ආ බටහිර ඉන්දීය කොදෙව් විස්තර විචාරක ඩැරන් ගංගා පවසා සිටියේ, අද තරගයේදීද පිතිකරුවන් අතර හොඳ තරගයක් දැක බලාගත හැකි වනු ඇති බවයි.

කලම්බු ස්ටාර්ස් – 1. නිරෝෂන් දික්වැල්ල, 2. ඇන්ජලෝ මැතිව්ස් (නායක), 3. නවෝද් පරණවිතාන, 4. රවී බොපාරා, 5. චරිත් අසලංක, 6. දිනේෂ් චන්දිමාල්, 7. කරීම් ජැනට්, 8. ඩොමිනික් ඩ්‍රේක්ස්, 9. සුරංග ලක්මාල්, 10. ජෙෆ්රි වැන්ඩර්සි, 11. නවීන් උල්හක්. ගෝල් ග්ලැඩියේටර්ස් – 1. කුසල් මෙන්ඩිස්, 2. තනුක දාබරේ, 3. අසාම් ඛාන්, 4. නුවනිදු ප්‍රනාන්දු, 5. ඉෆ්තිකාරි අහමඩ්, 6. ළහිරු උදාර, 7. ඉමාද් වසීම්, 8. වහාබ් රියාස්, 9. නුවන් ප්‍රදීප්, 10. නුවන් තුෂාර, 11. ලක්ෂාන් සඳකැන්.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest