slc
Home   |    News
දෙසැම්බර් 27, 2022
තුන්වරක් ශූරතාව දින්න හැටි ගැන කණ්ඩම්බි කතා කරයි

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පිට පිට  පිටම   තෙවැනි වතාවට  ශූරතාව  දිනාගැනීමේ අපේක්ෂාවෙන් ඉදිරිපත්වන  විට   විශාල අභියෝගයක්  සහ  පීඩනයක් තිබුනත්   එය  නොසළකමින් දක්ෂ ලෙස   ක්‍රීඩා කිරීමෙන්    ශූරතාව දිනා ගැනීමට තම කණ්ඩායමට හැකියාව ලැබුණු බව ජයග්‍රාහී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තිළිණ කණ්ඩම්බි ප්‍රකාශ කරයි.

පසුගිය  වසරේ    ක්‍රීඩා කළ  ජේෂ්ඨ ක්‍රීඩකයන් දෙතුන් දෙනෙකුම වෙන කණ්ඩායම්වලට  අනුයුක්ත කරගැනීමෙන්   පීඩනය  තවත්    වැඩි  වුවත් වනිදු හසරංග වෙනුවට  කණ්ඩායමට  එක්වු විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු  ලබාගනිමින්   නැගී එන    ක්‍රීඩකයා  ලෙස    තේරී ප්‍රශ්ණවලට   පිළිතුරු ලැබුණු ආශිර්වාදයක්  වු   බවද කීය.

තරගාවලියේ  අවසාන භාගය  වනවිට කළම්බු  ස්ටාර්ස්ද    පිළිමළුන්   පරාජය    කරමින්  අවසාන    තරගයට    ප්‍රබල    ලෙස    අවතීර්ණවීමද තර්ජනයක්  හා අභියෝගයක් වූ බව කී    ජැෆ්නා පුහුණු කරු කෙසේ වෙතත් විරුද්ධ  කණ්ඩායම්   අතුරින්    දක්ෂම    කණ්ඩායම ලෙස   තමා   දකින්නේ කැන්ඩි ෆැල්කන්ස්  කණ්ඩායම   බවද   කීය.

අවිශ්ක ප්‍රනාන්දු , අසිත    ප්‍රනාන්දු සහ   දුනිත්    වෙල්ලාලගේ යන    ක්‍රීඩකයන්    පාසල්   වියෙහි සිට  අන්තර්   සමාජ පවා  නියෝජනය  කරමින්  දක්ෂ ලෙස     ඉදිරියට    පැමිණෙනු    අයුරු තමා   පුහුණු  කරුවකු    ලෙස   දීර්ඝ කළක    සිට  නීරීක්ෂණය    කර  ඇතැයි  පවසන   කන්දම්බි  දුනිත්    වෙල්ලාලගේ   ඉතා  ඉහළ  මානසිකත්වයකින්  යුත් ක්‍රීඩකයෙකු   බවත්    අවිශ්ක ප්‍රනාන්දු  ඔහුගේ    හැකියාවන්    සහ    දක්ෂතා   ඔහුවත්    නොදන්න තරන් දක්ෂයෙකු   බවත් කියයි.

ජැෆ්නා  කින්ග්ස් කණ්ඩායම   තෝරන  සෑම  විටෙකම  මා  පළමු වෙන්ම ෂොයිබ්  මලික්  කණ්ඩායමට   තෝරගන්නේ   ඔහු   දක්ෂ  ක්‍රීඩකයෙකුටත්   වඩා  දක්ෂ    උපදේශයෙකු වන   නිස.යි  කණ්ඩායමේ   රැස්වීම්    පවතින  විට   ෂොයිබ්   මටත්  වඩා උපදෙස්  දෙමින්  ක්‍රීඩකයන්   දිරිමත්  කරනවා” යැයිද   තිළිණ කණ්ඩම්බි කීය.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest