slc
logo
Home   |    News
දෙසැම්බර් 3, 2022
පළමු වතාවට LPL විනිශ්චයට විදෙස් විනිසුරුවන් දෙදෙනෙක්

sinhala editor

දෙසැම්බර් මස 06 වැනිදා ආරම්භවීමට නියමිත තෙවැනි ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර ව්සිසයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා විදෙස් විනිසුරුවරුන් දෙදෙනකුගේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු ව තිබේ. ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග ඉතිහාසයේ විදෙස් විනිසුරුවරුන් දෙපළක් කටයුතු කරනු ලබන පළමු අවස්ථාව වන්නේද ‌මෙවර තරගාවලිය වීම විශේෂත්වයකි.

නවසීලන්ත ජාතික විනිසුරු වේන් නයිට් සහ බටහිර ඉන්දීය කොදෙව් ජාතික ග්‍රෙගර් බ්‍රැත්වයිට් එල්.පී.එල්. තරගාවලියේදී ශ්‍රී ලංකා විනිසුරුවන් සමග කටයුතු කිරීමට නියමිත විදෙස් විනිසුරුවරුන් දෙපළ වෙති.  මොවුන් දෙදෙනාම අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් වන අතර ඔවුහු එකලොස් දෙනෙකුගෙන් යුතු එල්.පී.ඒ. විනිසුරු මඩුල්ල සමඟ කටයුතු කරනු ඇත.

“ජාත්‍යන්තර විනිසුරුවරුන් දෙදෙනෙක් මෙම තරගාවලියට එක් කිරීම හරහා තරගාවලියේ ගුණාත්මක බව ඉහළ දැමීමේ පියවරක් ලෙස අපි සලකනවා. වේන් නයිට් සහ ග්‍රෙගර් බ්‍රැත්වයිට් යන විනිසුරුවන් අනෙක් විනිසුරුවරුන් සමග තරගාවලියේ විනිශ්චය කටයුතු සිදුකරනු ඇත” යැයි තරගාවලි අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කරන සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කර සිටියි.

ඒ අනුව ප්‍රකාශයට පත් කරන ලද තරග නිලධාරීන් අතර තරග තීරකවරුන් සිව් දෙනෙකු සහ විනිසුරුවරුන් 11 දෙනෙකු ඇතුළත්ව සිටියි. විනිසුරුවරුන් අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල විනිසුරු කමිටුවේ ඉහළ ගෞරවයට පාත්‍රව සිටින කුමාර් ධර්මසේන මහතාද ඇතුළත්ව සිටිති.

තරග තීරකවරුන්

ග්‍රේම් ලැබ්‍රෝයි – අයි.සී.සී, තරග තීරක

වෙන්ඩල් ලැබ්‍රෝයි – අයි.සී.සී. තරග තීරක

මනෝජ් මෙන්ඩිස් – පළමු පෙළ තරග තීරක

ප්‍රදීප් ජයප්‍රකාශදරන් – පළමු පෙළ තරග තීරක

විනිසුරුවරුන්

කුමාර් ධර්මසේන – අයි.සී.සී, උත්තරීතර විනිසුරු මඩුල්ල

රවීන්ද්‍ර විමලසිරි – ජාත්‍යන්තර විනිසුරු

රුචිර පල්ලියගුරුගේ – ජාත්‍යන්තර විනිසුරු

වේන් නයිට්ස් – ජාත්‍යන්තර විනිසුරු

ග්‍රෙගරි බ්‍රාත්වයිට් – ජාත්‍යන්තර විනිසුරු

ලින්ඩන් හැනිබල් – ජාත්‍යන්තර විනිසුරු

ප්‍රගීත් රඹුක්වැල්ල – ජාත්‍යන්තර විනිසුරු

රැන්මෝ මාර්ටිනස් – ජාත්‍යන්තර විනිසුරු

රවීන්ද්‍ර කොට්ටච්චි – පළමු පෙළ විනිසුරු

චාමර ද සොයිසා – පළමු පෙළ විනිසුරු

චන්ද්‍රික අමරසිංහ – පළමු පෙළ විනිසුරු

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee