slc
logo
Home   |    News
දෙසැම්බර් 14, 2022
පළමු ස්ථානය තීරණාත්මක කෙරෙන තරගයේ කැන්ඩි පන්දුවට පහර දෙයි

sinhala editor

Chamila Karawita reporting from Pallekale

තෙවැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ස්ථීරවම පෙරමුණ ගනු ලබන කණ්ඩායම කවුරුන්ද යන්න තෝරනු ලබන කැන්ඩි ෆැල්කන්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර තරගයේ තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය දිනා ගැනීමට ෆැල්කන්ස් නායක වනිඳු හසරංග සමත්විය. පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ෆැල්කන්ස් නායකයා පළමුව ලකුණු රැස් කිරීම තෝරා ගත්තේය.

අද තරගයට පෙර දෙපිළම ජයග්‍රහණ 4 බැගින් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු 8 ක් ලබා පළමු සහ දෙවැනි ස්ථානවල පසුවෙති. දළ ලකුනු ලබා ගැනීමේ වේගය අනුව ෆැල්කන්ස් පිල ඉදිරියෙන් සිටියි.

දෙපිළම මීට පෙර එක් වතාවකදීී මුන ගැසී තිබෙන අතර එහිදී ජැෆ්නා පිල පරාජය කිරීමට කැන්ඩි පීල සමත්විය. එම තරගයේදී චාමික කරුනාරත්න විසින් ක්‍රීඩා කරන ලද සුවිශේෂී පිතිහරඹය කැපී පෙනිණ. ෆැල්කන් පිල අද තරගයට පිවිසෙන්නේ ඊ‌යේ දඹුල්ලට එරෙහි තරගය ජය ගනිමින් වන අතර ජැෆ්නා පිල කලම්බු ස්ටාර්ස් පිල පරදවමින් අද තරගයට අවතීර්ණව සිටිති.

අද තරගයේදී ෆැල්කන්ස් පිල එකම වෙනස්කමක් හෝ නොකරමින් අවතීර්ණව සිටිද්දී ජැෆ්නා පිල වෙනස්කම් 3 ක් සමගින් අවතීර්ණව සිටිති. ජැෆ්නා කණ්ඩායම ධනංජය ද සිල්වා, වකාර් සලම්කේ සහ ඩිල්ෂාන් මදුශංකව ක්‍රීඩා කරවන අතර අශාන් රන්දික, අසිත ප්‍රනාන්දු සහ මශීෂ් තීක්ෂණ අද දිනයේ විවේක ගන්වා තිබේ.

කැන්ඩි ෆැල්කන්ස් – පැතුම් නිස්සංක, ඇන්ඩ්‍රෙ ‌ෆ්ලෙචර්, කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, නජිබුල්ලා සද්‍රාන්, වනිඳු හසරංග (නායක), කාලෝස් බ්‍රැත්වයිට්, චාමික කරුණාරත්න, ෆේබියන් ඇලන්, චමිඳු විජේසිංහ, ඉසුරු උදාන.

ජැෆ්නා කිංග්ස් – රාමනුල්ලා ගුර්බාස්, අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම, ‌ෂොයෙබ් මලික්, තිසර පෙරේරා (නායක), ජේම්ස් ෆුලර්, දුනිත් වෙල්ලාලගේ, වකාර් සලමන්කෙයිල්, විජයකාන්ත් වියස්කාන්ත්, ඩිල්ෂාන් මදුශංක.

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee