slc
logo
Home   |    News
දෙසැම්බර් 20, 2022
පිළිමළුන්ගේ තරග වටය කැන්ඩි – ජැෆ්නා තරගයෙන් ඇර‌ඹෙයි

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වරට පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Play off තරග වටය හෙවත් පිළිමළුන් පිටු දැකීමේ තරග වටය හෙට (21 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානය වල පසුවන කැන්ඩි ෆැල්කන්ස් සහ ජැෆ්නා කිංග්ස් හෙට ප.ව. 3.00 ට ආරම්භ වීමට නියමිත තරගයේ එදිරිවාදීහු බවට පත්ව සිටිති.

පළමු සුදුසුකම් ලැබීමේ තරගය වශයෙන්  (Qualifier 1) පැවැත්වෙන මෙම තරගය ජය ගනු ලබන කණ්ඩායම ලබන 23 වැනිදා රාත්‍රියේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සෘජුවම සුදුසුකම් ලබන අතර අනෙක් කණ්ඩායම සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය (Qualifier 2) සඳහා තරග වැදීමට සිදුවනු ඇත. එම තරගයේ අනෙක් ප්‍රතිවාදීන් වන්නේ හෙට පස්වරුවේ පැවැත්වෙන එලිමිනේටර් හෙවත් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන කලම්බු ස්ටාර්ස් සහ එහි සිව්වැනි ස්ථානයේ පසුවන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමත් අතර ජය ගනු ලබන කණ්ඩායම වේ.

හෙට ප්‍රධාන තරගය ඉලක්ක කොට ගෙන කණ්ඩායම් දෙකම අද (20 දා) දිනයේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් සිදුකළ අතර කණ්ඩායම් දෙකේ වැඩි පිරිසක් පුහුණුවීම් වල නිරතව සිටියහ.

ප්‍රධාන තණතීරුවේ වම් පසින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමත් දකුණු පසින් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමත් සිය පුහුණුවීම් වල නිරත වූ අතර එය අවසනදී පැති පුහුණු තණතීරුවලදීද ක්‍රීඩකයින්ගේ රුචිකත්වය පරිදි පුහුණුවීම් වල නිරත වූහ.

පිට පිටම දෙවතාවක්ම ශූරතාව ජයග්‍රහණය කරමින් වර්තමාන ජයග්‍රාහකයින් බවට පත්ව සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පිට පිටම ශූරතා ත්‍රිත්වයක් දිනා ගැනීම සදහා තවත් අවශ්‍ය වන්නේ තරග 2 ක් ජය ගැනීම පමණි. එහෙත් ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන කැන්ඩි ෆැල්කන්ස් යනු මූලික තරග වටය යටතේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අවස්ථා 2 දීම පරාජයට පත්වීමට සමත් කණ්ඩායම වේ.

වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් වාගේ සිය දක්ෂතා අතරට සිටීම කැපී පෙනෙන අතර ඒ අතරින් කාලෝස් බ්‍රැත්වයිට් සහ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් පෙරමුණේ පසුවෙයි. ඔවන්ට නොදෙවැනි ‌ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ඒ සදහා පිදෙන කොල පැහැති හිස් වැස්ම දිනා ගැනීමට සමත්ව සිටින්නේය.

සමස්ථයක් ගෙන බැලූ විට වනිදු හසරංගගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ෆැල්කන්ස් පිල පළමු වටයේ තරග වැදි තරග 8 න් 7 ක් ජය ගනිමින්ද ජැෆ්නා කිංග්ස් පිල තරග 8 න් 6 ක් ජය ගනිමින්ද අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලැබූහ. කැන්ඩි පිල පරාජයට පත්වූ එකම තරගය වූයේ ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව පල්ලකැලේ පැවැති තරගය වේ.

ක්‍රීඩකයින්ගේ පෞද්ගලික දක්ෂතා ගත් විට වැඩිම ලකූණු ලබා සිටින පිතිකරුවන් අතර පළමු පස් දෙනාගෙන් දෙදෙනෙකු ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේද තවත් දෙදෙනකු කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේද පිතිකරුවෝ වෙති. අවිශ්ක ප්‍රනාන්දු (268) සහ සදීර සමරවික්‍රම (252) ජැෆ්නා පිලේ පිතිකරුවන් වන අතර ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් (264), කමිදු මේඩිස් (211) ජැෆ්නා කණ්ඩායමේ පිතිකරුවෝ වෙති.

හෙට දිනයේ පැවැත්වෙන දෙවැනි තරගය වන්නේ ගෝල් ග්ලැඩියේටර්ස් පිල සහ කලම්බු ස්ටාර්ස් අතර එලිමිනේටර් තරගය වේ. ප.ව.7.30 ට ආරම්භ වන මෙම තරගය ඉලක්ක කොට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම රාත්‍රී කාලයේදී විදුලි ආලෝක ධාරා මධ්‍යයේ සිය පුහුණුපුහුණුවීම් වල නිරත විය. එහෙත් ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන ගෝල් ග්ලැඩියේටර්ස් පිල අද දිනය විවේක දිනයක් ලෙස සලකමින් සිය පුහුණුවීම් වලින් වැළකී සිටියේය.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest