slc
logo
Home   |    News
දෙසැම්බර් 8, 2022
බ්ලූස් පැරදවූ රෙඩ්ස් කළින්ම අවසන් මහ සටනට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කාන්තා සුපිරි කණ්ඩායම් 4 අතර ක්‍රිකට් තරගාවලියේ අද (08 දා) පැවැති තරග වලදී නිලක්ෂි ද සිල්වාගේ නායක්තවයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම ලකුණු 25 කින් බ්ලූස් පිල පරාජයට පත් කළේය. මෙම තරගයේ ප්‍රතිඵලයත් සමග රෙඩ්ස් කණ්ඩායම ලබන 11 වැනිදා කොළඹ කෝල්ට්ස් පිටියේ පැවැත්වෙන අවසන් මහ තරගයට ද සුදුසුකම් ලබා ගත්තේය.

පළමු තරග වටය යටතේ හෙට දිනයේදී තවත් තරග 2 ක් පැවැත්වීමට නියමිත වුවත් එම තරගයේ ප්‍රතිඵලය අවසන් මහ තරගයට යන කණ්ඩායම් කවුරුන්ද යන්න වෙනස් කිරීමට ප්‍රමාණවත් නොවනු ඇත. ඒ අනුව හර්ෂිතා මාධවීගේ නායක්තවයෙන් යුතු ග්‍රේස් කණ්ඩායම සහ රෙඩ්ස් කණ්ඩායම අතර අවසන් මහ තරගය පැවැත්වෙනු ඇත.

අද තරගයේදී රෙඩ්ස් නායිකාව වන 33 හැවිරිදි නිලක්ෂි ද සිල්වා නැවත වතාවක් නොදැවී අර්ධ ශතකයක් රැස් කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරාගනෙ යාමට මුල් වූවාය. නිලක්ෂි ද සිල්වා මේ තරගාවලියේ දී පිට පිට ම රැස් කළ දෙවැනි අර්ධ ශතකය මෙයයි.  රෙඩ්ස් කණ්ඩායමේ ජයග්‍රගහණ පිටුපස සෑම අවස්ථාවකම ක්‍රිත්මක වූයේ නිලක්ෂිගේ දක්ෂ පිතිකරණයයි.  මේ සෑම අවස්ථාවකම ඇය අනුගමනය කරන ලද්දේ හතරේ පහර සඳහා උත්සාහ නොකර කෙටි ලකුණු මගින් පමණක් වැඩි ලකුණු කරා යාමය. නිලක්ෂි පසුගිය තරගයේදීද ලකුණු 62 ක් රැස් කළාය.

මෙම තරගයේ අනතුරුව තරගය පැවැති කෝල්ට්ස් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ ග්‍රේස සහ ග්‍රීන් අතර තරගය අයහපත් කාලගුණය මත නොපැවැත්විණි.

රෙඩ්ස් සහ බ්ලූස් අතර උදෑසන කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයේ දී මුලින් පන්දුවට පහරදුන් රෙඩ්ස් පන්දුවාර 20 අවසානයේ කඩුලු හතරකට රැස්කළ ලකුණු 113ට පිළිතුරු ලෙසින් බ්ලූස්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 88ක් පමණකි.

රෙඩ්ස් කණ්ඩායම පන්දුවාර පහර දෙද්දී ලකුණු තුනක‍‍ට කඩුලු දෙකක් දැවී යද්දී ආරම්භක පිතිකාරිනිය ප්‍රසාදිනී වීරක්කොඩි සහ නායිකාව නිලක්ෂි ද සිල්වා තෙවන කඩුල්ලට පන්දු 90ක දී  ලකුණු 81ක් රැස් කරමින් කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට ගෙන ආහ.

නායිකාව නිලක්ෂි ද සිල්වා පන්දු 54ක දී නොදැවී ලකුණු 51ක් රැස් කළත් ඇයගේ ඉනිමේ විශේෂත්වය වූයේ එකම හතරේ පහරක්වත් එල්ල නොකර කෙටි ලකුණු වලින් පමණක් අර්ධ ශතකය ද ඉක්මවා යාමය.

ආරම්භක පිතිකාරිනිය ප්‍රසාදිනී වීරක්කොඩි හතරේ පහර දෙකක් සමග පන්දු 53ක දී ලකුණු 34ක් ද මල්ෂා ෂෙහානි පන්දු 9ක දී ලකුණු 10ක් ද රැස් කළහ.  බ්ලූස් පන්දු යවන්නියන් අතුරින් නැවතත් කැපී පෙනුණු අමා කාංචා කඩුලු දෙකක් දවාලුවේ ලකුණු 25ක් ලබාදෙමිනි.

බ්ලූස් කණ්ඩායම ලකුණු 114 ජයග්‍රහණ ඉලක්කයක් කරා යාමට පැමිණි අවස්ථාවේ තාරිකා සෙව්වන්දි එවූ ඉනිමේ ප්‍රථම ඕවරයට ම බ්ලූස් නායිකාව චමරි අතපත්තු ලකුණු හතරකට දැවී යාමත් සමග කණ්ඩායම පත්වූයේ අසීරු තත්ත්වයකට ය. මොවුනගේ තත්ත්වය තවත් බැරෑරුම් වූයේ නවවන ඕවරය වන විට ලකුණු 36ක ට කඩුලු පහත්ම දැවී යාමෙනි.

අංක තුන පිතිකාරිනිය සත්‍යා සංදීපනී හුදකලා සටනක නියැළී හයවන කඩුල්ල ලෙස මුළු ලකුණු 53 දී දැවී යනවිට පන්දු 34ක ට මුහුණ දී හතරේ හතරක් සමග ලකුණු 32ක් ලබා සිටියාය.  හයවන කඩුල්ලට සත්‍යා සහ පමෝදා සයිනි ලකුණු 17ක් ද රශ්මිකා සෙව්වන්දි සහ රිස්මි සංජානා අටවන කඩුල්ලට ලකුණු 18ක් ද රැස් කළහ.  තාරිකා සෙව්වන්දි ලකුණු 14ක ට කඩුලු තුනක් දවාලමින් කැපී පෙනුණු පන්දු යවන්නිය වූවාය.

රෙඩ්ස් පන්දුවාර 20ක දී කඩුලු 4113යි (නිලක්ෂි ද සිල්වා නොදැවී 51, ප්‍රසාදිනී වීරක්කොඩි 34, මල්ෂා ෂෙහානි 10, අමා කාංචනා 25/2, චමරි අතපත්තු 17/1)

බ්ලූස් පන්දුවාර 20 අවසානයේ කඩුලු 888යි (සත්‍යා සංදීපනී 32, රශ්මිකා සෙව්වන්දි 21, පමෝදා සයිනි 12, තාරිකා සෙව්වන්දි 14/3, සයිනි නිසංසලා 14/2)

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar