slc
Home   |    News
දෙසැම්බර් 27, 2022
ලෝක පූජිත වසීම් අක්‍රම්ගෙන් එල්පීඑල් තරගාවලියට පැසසුම්

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පිට පිට වසර තුනක් සාර්ථකව පැව්ත්වීම සම්බන්ධ සියලු ගෞරව ශම්මි සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  වෙත හිමිවිය යුතු බව එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස පැමිණි ලෝක පූජිත ක්‍රිකට් තරුවක් වූ වසීම් අක්‍රම් මහතා පවසයි. ක්‍රමයෙන් දියුණුවට පත්වන එල්පීඑල් ක්‍රිකට් තරගාවලිය ලොව හොදම වෘත්තීය ක්‍රිකට් තරගාවලියක් වනු ඇතැයි ද අක්‍රම් මහතා අනාවැකි පළ කළේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගයේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වෙමින් අක්‍රම් මහතා මේ බව පැවැසීය.

“ මේ වගේ දැවැන්ත තරගාවලියක් වාර තුනක් සාර්ථකව අවසන් කිරීම සම්බන්ධයෙන් සංවිධායකයින්ට ප්‍රශංසාව හිමි කළ යුතුයි. ලෝකයේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි බොහොමයක් පවතිනවා. එයින් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය විශේෂයි. කොරෝනා අවධියේදීත් මේ තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගත්තා. මුලු ලෝකයේම අවධානය දිනාගත හැකි ලෝකයට අලෙවි කළ හැකි සන්නාමයක් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් අපේ ස්තූතිය පුද කළ යුතුයි“ අක්‍රම් මහතා පැවැසීය.

වත්මන් ආර්ථික අර්බුද අභියෝග මැද මෙම තරඟාවලිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම තුලින් ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක ආකර්ශනය වැඩි වූ බව ද වසීම් අක්‍රම් මහතා පැවැසීය. ලොව පුරා විශාල සමාගම් එල්පීඑල් සඳහා අවධානයෙන් සිටින අතර, එය මෙම ක්‍රිකට් තරඟාවලියේ ඉදිරි කොටසක් වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

“ මේ තරගාවලිය අංශ කිහිපයකින් වැඩි දියුණු කළ යුතුයි. තව තවත් විදෙස් ක්‍රීඩකයන් මේ සදහා යොමු කර ගැනීමේ හැකියාව පවතිනවා. පසුගිය වසර තුන ලබාගත් විශාල දියුණුව පුළුල් කළ යුතුයි. වැඩි තරගකාරී බවකින් යුත් තරග සංවිධානය කිරීම මගින් ක්‍රීඩා පිටියට ප්‍රේක්ෂකයින්ගේ ආකර්ශනය වැඩි කළ හැකියි. තණතිලි සකස් කිරීමේදී පිතිකරුවන්ට යෝග්‍ය වීම වැදගත්. ප්‍රේක්ෂකයින් තරග නරඹන්න එන්නේ පිතිකරුවන් ලකුණු ගණනක් රැස් කරනවා බලන්නයි. ඒ වගේම ඒ ලකුණු හඹා යෑමේ රිද්මයටත් ඔවුන් ඇලුම් කරනවා. ඒ නිසා ලකුණු ඇති තණතිලි සැකසීම මේ වගේ තරගාවලි දියුණුවට වැදගත්“ වසීම් අක්‍රම් මහතා පැවැසීය.

“ ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩකයන්ට මෙම තරගාවලියෙන් ලැබුණු අවස්ථා ඉතා විශාලයි. ඔවුන්ට හොද අනාගත සැලැස්මක් සදහා මූලික අඩිතාලමක් එල්පීඑල් තරගාවලිය සැපයූවා. ඉදිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන දිනිත් වෙල්ලාලගේ, ෂෙවෝන් ඩැනියෙල් සහ විජයකාන්ත් වියස්කාන්ත් වැනි යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා එල්පීඑල් මගින් ප්‍රදර්ශනය වුණා. සැලකිය යුතු ක්‍රීඩකයන් පිරිසකට ක්‍රිකට් ජීවිතයේ හොද අවස්ථාවක් උදාවීම අගය කළ යුතුයි. ජාතික කණ්ඩායමට පිවිසීමට බලාපොරොත්තු වන තරුණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට මේ තරගාවලිය කදිම වේදිකාවක් වුණා. ජාතික කණ්ඩායමේ තැනක් ගන්න බලාගෙන ඉන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට පවා හොද අභියෝගයක් ලැබුණා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය හරහා මූල්‍ය ශක්තියක් ලැබීම අමතක කළ නොහැකියි“ වසීම් අක්‍රම් මහතා පැවැසීය.

පාකිස්තානයේ ලාහෝර් හීදී උපත ලද දැනට 56 වියෙහි පසුවන වසීම් අක්‍රම් මහතා එංගලන්තයේ ලැන්කර්ෂයර් හා හැම්ප්ෂයර් කණ්ඩායම්වලට ක්‍රීඩා කළේය. ඔහු පාකිස්තානය ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගනිද්දී ප්‍රබල දායකත්වයක් සැපයූ අතර, ටෙස්ට් තරග 104කදී හා එක්දින තරග 356කදී තම රට නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෙක් විය.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest