slc
Home   |    News
දෙසැම්බර් 13, 2022
ෆැල්කන් සිව්වැනි ජය ලබද්දී අවුරා සිව්වැනි පරාජය ලබයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් දඹුල්ල අවුරා පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 77 ක පහසු ජයක් වාර්තා කළ කැන්ඩි ෆැල්කන්ස් ක්‍රීඩකයෝ යළිත් වතාවක් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණිමට අද (13 දා) පස්වරුවේ සමත්වූහ. මෙය මෙවර තරගාවලියේ කැන්ඩි කණ්ඩායම තරග 5 කදී ලද සිව්වැනි යග්‍රහණය ලෙසින් සනිටුහන් වුණු මෙම ජයග්‍රහණයත් සමග අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට තවත් ළං විය.

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුනු 194 ක ඉලක්කයක් දඹුල්ල හමුවේ ලබා දුන් ෆැල්කන් ක්‍රීඩකයෝ එය හඹා යෑමේදී පන්දුවාර 14.2 කදී ලකුණු 116 කට සීමා කළහ.

පන්දු යැවීමෙන් යළිත් කැපී පෙනුණු කාලෝස් බ්‍රැත්වයිට් ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත්තේ රමේෂ් මෙන්ඩිස් සහ නායක දසුන් ශානක පිට පිට පන්දු 2 කදී දවා ගනිමිනි.

මෙම තරග පරාජය දඹුල්ල පිල ලද සිව්වැනි පරාජය ලෙසින් සනිටුහන් විය. මෙතෙක් තරග වැදි 4 ම පරාජයට පත්ව සිටින දඹුල්ල කණ්ඩායමට තවදුරටත් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට පිවිසීම සදහා බලාපොරොත්තු තබා ගැනීමට නම් හෙට දිනයේ (14 දා) කලම්බු පිලට එරෙහිව පැවැත්වෙන තරගය ජය ගැනීම අනිවාර්යය වනු ඇත.

පිතිකරුවන් යැයි සම්මත සියල්ලෝම ලකුණු අතරට පැමිණීමට අසමත්වීම දඹුල්ල කණ්ඩායමේ අසාර්ථකත්වයට ප්‍රධානම හේතුව වේ. ඔවුන් අතරින් අද දිනයේදී ලකුණු 25 ක ලබා ගන්නා ලද්දේ චතුරංග ද සිල්වා පමණි. නායක දසුන්ද මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර භානුක රාජපක්ෂටද ලබාගත හැකි වූයේ ලකුනු 18 ක් පමනි.  

කාසියේ වාසියත් සමඟ පළමුව පිති ප්‍රහාරය දියත් කළ කැන්ඩි කණ්ඩායමට ප්‍රධාන ජීවය සැපයූවේ කමිඳු මෙන්ඩිස්ය. පන්දු 40 කට මුහුණ දුන් වමත් පිතිකරුවා හතරේ පහර 9 ක්ද සමඟින් ලබා ගත් ලකුණු 58 ට ඔහුට තරගයේ වීරයා සම්මානයද ගෙන දුන්නේය. කැන්ඩි ඉනිමේ ඇති සුවිශේෂීතාව වූයේ සෑම කඩුල්ලකටම සාර්ථක සම්බන්ධතා එක් කිරීමට පිතිකරුවන් සමත්වීමය. ඊට මූලිකත්වය ගන්නා ලද්දේ නායක කමිඳු මෙන්ඩිස්ය.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ෆ්ලෙචර් සමඟ එක්වන කමිදු පන්දු 35 කදී ලකුණු 48 ක්ද, පසුව අෂේන් බණ්ඩාර සමග තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී වේගවත් ලකුනු 68 ක සම්බන්ධතාවක් පවත්වමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. සිව්වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාව වූ සද්‍රාන් සහ බණ්ඩාරගේ සම්බන්ධතාව පන්දු 14 කදී ලකුණු 32 කදී.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest