slc
Home   |    News
දෙසැම්බර් 10, 2022
LPL ටිකට් කළින්ම ගන්න

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සදහා වන ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම මේ වන විටත් ආරම්භ කර තිබේ.

මෙම තරගාවලිය ඉකුත් 06 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයෙන් ආරම්භ වුණු අතර 09 වැනිදා තෙක් පැවැති තරග 5 න් අනතුරුව පල්ලකැලේ ක්‍රීඩාංගණයේ තරග 9 ක් පැවැත්වෙනු ඇත.

මෙතෙක් අපරාජිතව පසුවන කැන්ඩි ෆෙල්කන්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර තරරගයෙන් අද (10 දා) ප.ව. 7.30 සිට ආරම්භ වන පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තරග වලදී ප්‍රවේශ පත්‍ර කැන්ඩි සිටි සෙන්ටර් සහ බලගොල්ල අභීත ක්‍රීඩාංගණයෙන් මිලදී ගැනීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදා කර දී තිබේ. අභිත ක්‍රීඩාංගණෆය්දී අළෙවි වන ප්‍රවේශ පත්‍ර සියලුම දිනයන්හි පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 වන තෙක්ද කැන්ඩි සිටි සෙන්ටර්හි මෙම මස 10 වැනිදා සහ 11 වැනිදා දෙදින පෙ.ව. 10.00 සිට ප.ව. 7.00 දක්වාත් අළෙවි කෙරෙනු ඇත.

ඊට අමතරව අන්තර්ජාලය හරහාද ප්‍රවේශ පත්‍ර අලෙවි කෙරෙන අතර https://click.daraz.lk/e/_6gJbD වෙබ් පිටුවට ප්‍රවේශ වීමෙන්ද සිය ප්‍රවේශපත්‍ර වෙන් කරගැනීමේ හැකියාව ක්‍රීඩා ලෝලීන්ට උදාවනු ඇත. තණකොළ බැම්මේ ප්‍රවේශ පත්‍ර රු. 500 කටත්, ‘ඒ’ සහ ‘බී’ ලෝවර් ප්‍රවේශ පත්‍ර රු. 2000 කටත්, ග්‍රෑන්ස්ට් ස්ටෑන් ‘ඒ’ සහ ‘බී’ ප්‍රවේශ පත්‍ර රු. 3000 කටත් සහ කෝපරේට් බොක්ස් ප්‍රවේශ පත්‍ර රු. 5000 කටත් අලෙවි වනු ඇත.

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest