slc
logo
Home   |    News
දෙසැම්බර් 18, 2022
LPL තරගාවලියට ලබන වසරේදී තවත් කණ්ඩායමක්

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ ලබන වසරේ අදියරට උතුරු මැද පළාත කේන්ද්‍රකොට ගනිමින් හෝ උතුරු පළාත කේන්ද්‍රකොට ගනිමින් තවත් අලුත් කණ්ඩායමක් එක්කරන බව එල්පීඑල් තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පවසයි. ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය එන්න එන්නම ලබන සාර්ථකත්වය හේතුවෙන් එවැනි නව කණ්ඩායමක් කෙරෙහි වැඩි ඉල්ලුමක් පවතින බව  දොඩන්වෙල මහතා සදහන් කළේය. එබැවින් උතුරු මැද, උතුරු පළාත්වල දක්ෂයින්ට ක්‍රිකට් පිටියේ දොරටු විවිර කර යුතුව ඇතැයි ඒ මහතා සදහන් කළේය. එම නව කණෟඩායම මිළදී ගැනීමට අළුත් ආයෝජකයන් ද සිටින බව දොඩන්වෙල මහතා පැවැසීය.

“ එල්පීඑල් තරගාවලියේ නවක ක්‍රීඩකයන් දක්වන දක්ෂතා දැක්කාම සතුටු වෙන්න පුලුවන්. මේක ඔවුන්ට හොද අවස්ථාවක් වුණා. මේ දක්ෂතා ජාත්‍යන්තරය පවා දකිනවා. ඒ තත්ත්වය මත අපේ නවකයින්ට ජාත්‍යන්තර තලයේ විස්සයි 20 තරගාවලි සදහා ආරාධනා ලැබෙනවා. ඔවුන් යොවුන් වියේදීම අත්දැකීම් සහිත පරිණත තත්ත්වයකට පත් වෙනවා. ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට හොද දෙයක්. මේ ප්‍රවණතාව තවත් පුළුල් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමා ප්‍රමුඛ විධායක සභාවේ අපේක්ෂාවයි. අද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉහළට ඇවිත් තියෙනවා. තරගාවලියට එක්ව සිටින විදෙස් ක්‍රීඩකයන් අපේ යොවුන් ක්‍රීඩකයන්ගේ දස්කම් ඇගැයීමට ලක්ව තිබීම සතුටක්. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ක්‍රිකට් දියුණුව වෙනුවෙන් නිර්මාණශීලී ක්‍රමවේද ඉදිරිපත් කරනවා. ඉදිරියේදී එන ටී 10 තරගාවලිය එම වැඩ පිළිවෙලේම කොටසක්“ දොඩන්වෙල මහතා සදහන් කළේය.

ආර්ථික අර්බුදයකට පත්ව සිටින ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට පත් කිරීම උදෙසා විදේශ විනිමය අත්‍යාවශ්‍ය සාධකයක්ව ඇති මොහොතක ශ්‍රී ලංකා ආර්ථීකයට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක ආදායමක් එක් කිරීමට ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය සමත්ව ඇතැයි ද ඒ මහතා පැවැසීය. ක්‍රීඩා ලෝලීන්ට ආශ්වාද ජනක තරගාවලියක් දැක බලා ගැනීමට හැකියාව වනවා සේම ජාතික යුතුකමකට කැපවීම ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය තුලින් ඉටුවන කලෝචිත මෙහෙවරක්වී තිබේ.

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ කණ්ඩායම් 5 මිළදී ගැනීමට දෙස් - විදෙස් ධන කුවේරයෝ ඉදිරිපත්ව සිටිති. එමගින් රටේ ආර්ථිකයට සෘජු ආයෝජනයක් සිදුව ඇත. එමෙන්ම රජය අපේක්ෂා කරන ක්‍රීඩා ආර්ථිකය ශකිත්මත් කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය තුලින් සිදුවීම විශේෂත්වයකි.

බොහෝ අවස්ථාවලදී ක්‍රීඩා ආර්ථිකයක් පිළිබඳ කතා කළ ද එය යථාර්ථයක් වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවෙනි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් උපයන මුදලින් රටට අවශ්‍ය බෙහෙත් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට මුදල් පරිත්‍යාග කිරීම, මහරගම අපේක්ෂා රෝහලට හා රිජ්වේ ආර්යා ලමා රෝහලට මිලියන ගණනින් ආධාර කිරීම, ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා අරමුදල ශක්තිමත් කිරීම හා මලල ක්‍රීඩා, නෙට්බෝල් හා පැරා ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපකාර කිරීම ජාතික මෙහෙවරයන් කිහිපයකි. ඒ සදහා මූල්‍ය ශක්තිය සපයන ප්‍රධානතම කොටසක් බවට එල්පීඑල් පත්ව ඇත.

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee