slc
logo
Home   |    News
ජනවාරි 27, 2023
ඉලක්කය නැවතත් කණ්ඩායමට පැමණීම – ඇඹුල්දෙණිය

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තම ප්‍රධානම සැලසුම වී ඇත්තේ හොඳින් දක්ෂතා අතරට පැමිණ යළිත් ජාතික කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීම වන බව වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය සදහන් කර සිටියි.

තරගාවලිය ආරම්භ කරමින් කලම්බු පිලට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 10 ක් දවා ගත් ඇඹුල්දෙණිය කැන්ඩි කණ්ඩායමට ඉනිමක ජයග්‍රහනයක් කරා රැගෙන යෑමට ප්‍රධාන දායකත්වයක් දැක්වූවේය. එම තරගයේ මුල් ඉනිමේදී ලකුනු 60 කට කඩුලු 5 ක් දවා ලූ ඇඹුල්දෙණිය දෙවැනි ඉනිමේදී ලකුනු 27 කට කඩුලු 5 ක් දවාළමින් සමස්ථ තරගයේදී ලකුනු 87 කට කඩුලු 10 ක් බිඳ හෙළුවේය.

“පළමු දිනයේදී පොඩි තෙත් ගතියක් තිබුණා තණතීරුවේ. නමුත් ඒක අවුවත් එක්ක හරි ගියා. පන්දු  යවන්නන්ට  එය  එතරම් සහයක් නොදුන්නත්  අප  ඒ  තණතිල්ලෙන්  හොදට ප්‍රයෝජන  ගෙන   කඩුලු දවාලුවා.  අප  දෙවන දිනයේ සිට   ලකුණු 565ක් රැස් කිරිමෙන්  එය  පිතිකරුවනටද  ඉතා යහපත් බව සනාථ වුවා” යැයිද   ඇඹුල්දෙණිය  කියයි.

නැෂනල් සුපර් ලීග්  ප්‍රථම තරගයේදීම කඩුලු දහයක් දවාලීමට අවස්ථාව ලැබීම පිළිබඳව  සතුටු වන බව කී ඇඹුල්දෙණිය   ශ්‍රී ලංකාවට  පැමිණ සිටින  එංගලන්ත  ලයන්ස්  කණ්ඩායම  සමග  ශ්‍රී ලංකා  “ඒ” කණ්ඩායමේ තරග  කිහිපයට සහභාගි වී ජාතික පිලට ඇතුලු වීම  තම  අපේක්ෂාවක්  බවද  කීය.

“කළම්බු පිතිකරුවන්ට  ඉනිම දෙකේදීම දීර්ඝ සබදතා තබා  ගැනීම අප  කිසිදු  අවස්ථාවක්  ලබා දුන්නේ නෑ. දින  තුනහමාරකදී  තරගය නිමා කිරීමටත්  අපට අවස්ථාව සැළසුණේ  ඒ නිසයි. මෙවැනි තරගාවලියන්ගෙන්  අත් දැකිම් බහුලව  ලබා ගැනීමට අවස්ථාව උදාකරදීම පිළිබඳ ක්‍රිකට් ආයතනයට  ස්තුති වන්ත  වනවා” යැයිද ඇඹුල්දෙණිය පැවැසීය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමෙන් පසු ඇඹුල්දෙණියට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි විය. එම තරගයේදී ඔහු පන්දුවාර 15 ක් යැව්වත් එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි විය. මෙම තත්ත්වය මත ඔහුව සංචිතයෙන් නිදහස් කිරීමට තේරීම් කමිටුව පියවර ගනු ලැබීය. ‌

වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 17 කදී කඩුලු 7්‍1 ක් දවාලීමට සමත්ව ඇත්තේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 36.77 ක් රඳවා ගනිමිනි.

  • බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee