slc
logo
Home   |    News
ජනවාරි 24, 2023
එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් නම් කරයි

sinhala editor

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කන්ඩායමට එරෙහිව තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායමට සිව්දින තරගාවලිය ආරම්භයට පෙර පැවැත්වෙන තෙදින පුහුණු තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් XI  කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩකයකු වන සහන් ආරච්චිගේට ලබා දී තිබේ.

ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් XI සඳහා නවකයින් රැසක් නම් කර තිබෙන අතර ඒ අතර ටෙස්ට් වරම් දිනාගත් දුනිත් වෙල්ලාලගේද පුසවේ. ඒ හැරුණු විට විස්සයි-20 ජාත්‍යන්තර වරම් දිනාගත් ජනිත් ලියනගේද කණ්ඩායමට එක්ව සිටියි.

මෙම තුන් දින පුහුණු තරගය හෙට (ජනවාරි 25 දා) සිට ලබන 27 වැනිදා දක්වා වූ තෙදින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එම තරගයෙන් අනතුරුව දෙපිළ අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලිය ජනවාරි මස 31 වැනිදා සිට ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එම තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය පෙබරවාරි 15 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සහන් ආරච්චිගේ (නායක)

ලසිත් කෲස්පුල්ලේ

ළහිරු උදාර

පසිඳු සූරියබණ්ඩාර

අවිශ්ක තරිඳු

ජනිත ලියනගේ

නිමේෂ් විමුක්ති

ඉසිත විජේසුන්දර

කවිඳු පතිරත්න

දුෂාන් හේමන්ත

නිම්සර අතරගල්ල

දුනිත් වෙල්ලාලගේ

නිශාන් මදුශ්ක.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar