slc
logo
Home   |    News
ජනවාරි 10, 2023
 ‘ඒ’ පිලේ කලමනාකරු ගැන කරුණු පැහැදිළි කිරීමක්

sinhala editor

ජනවාරි මස අගදී පැවැත්වීමට නියමිත එංගලන්ත ‘සිංහයින්ගේ’ ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ කලමනාකරු ලෙස කටයුතු කිරීම සදහා චරිත් සේනානායක මහතාව පත් කිරීමට කිසි විටෙකත් කටයුතු නොකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියි.

ආගමික නිකායක් සම්බන්ධ කර ගනිමින් මෙරට ඇතැම් මාධ්‍ය මේ සම්බන්ධව වාර්තා කර තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳව නිවැරදි කිරීමක් නිකුත් කිරීමට පියවර ගනු ලැබීය.

ඒ වගේම ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය කලමනාකරුවකු ලෙස කිසිදා සේවයට බඳවා නොගත් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දැනුම් දී සිටියි. එවැනි පත් කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ චරිත් සේනානායක මහතා සමඟ වාචිකව හෝ ලිඛිතව කිසිදු සාකච්ඡාවක් මෙතෙක් පවත්වා නොමැති බවද සදහන් කර සිටියි.

මෙහිදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තරගාවලියක නිරත වන අවස්ථාවන්හිදී එම කළමනාකරු ලෙස පත්වීම් ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් කලමනාකාරීත්වයේ නිර්දේශයන් මත පදනම්වය.

එම නිර්දේශයන් අනුව එංගලන්ත සිංහයින්ගේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා වන තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ කලමනාකරු තනතුර භාර දී ඇත්තේ චරිත් සේනානායක මහතාට නොව විනෝදන් ජෝන් මහතාට බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි. මෙහිදී එම තීරණය කරන ලද්දේද ඉකුත් 2022 වසරේ දෙසැම්බර් මස 20 වැනිදා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී බවද මේ පිළිබඳව නිවේදනයක් නිතුක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරුණු පැහැදිළි කර සිටියි.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee