slc
logo
Home   |    News
ජනවාරි 7, 2023
කණ්ඩායම් හැඟීම’ සහ ‘පෞරුෂය’ වර්ධනය කරගැනීමට බාළිකාවන්ට වැඩසටහනක්

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පළමු වතාවට පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා ක්‍රිකට් කණ්ඩායමට කණ්ඩායම් හැඟීම සහ පෞරුෂය වර්ධනය කර ගැනීම අරමුණු කොට ඉතා වැදගත් වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා පියවර ගනු ලැබීය.

පුරා දින දෙකෙක් මුලුල්ලේ කොළඹදී පැවැති මෙම වැඩ සටහන යටතේ, කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම සහ පෞරුෂය සංවර්ධනය යන මාතෘකාවලට අමතරව, වෘත්තීමය භාවයක් ගොඩ නගා ගැනීම, සැබෑ වෘත්තිකයකු වශයෙන් කටයුතු කිරීම, ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම, මහජයාට ආමන්ත්‍රණය කිරීම සහ බාහිර සහ අභ්‍යන්තර සන්නිවේදනය යන මාතෘකා පිළිබඳව ක්‍රීඩිකාවන් තුළ දැනුම වර්ධනය කරනු ලැබීය.

ඊට අමතරව අපේක්ෂිත පෞරුෂයන් කරා ක්‍රීඩිකාවන් යා යුතු ආකාරය මෙන්ම ආහාර ගැනීමේදී අනුගමනය කළ යුතු ආචාර විධි ද මෙම වැඩසටහන යටතේ ක්‍රීඩිකාවන් දැනවත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනේ සමාරම්භක දේශනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මානව සංවර්ධන අංශයේ ප්‍රධානී මේජර් ටනේෂ් බී. ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ඊට අමතරව එක් එක් අංශ පිළිබඳව වූ දේශන, මානව සම්පත් විශේෂඥ රන්ජීව කුලතුංග, මානව සම්පත් උපදේශක, ආචාර්ය මනේෂා කොඩිතුවක්කු, හේමාස් ආයතනයේ  පළමු සමූහ විධායක අධ්‍යක්ෂවරියක වන කස්තුරි ෂෙල්ලරාජා විල්සන් සහ කීර්තිමත් රූපලාවන්‍ය උපදේශිකා සූ වික්‍රමරත්න යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතාව ලෙසින්  පළමු වරට විවාහක රූ රැජින ලෙස කිරුළු පළන් රෝසි සේනානායක මහත්මිය සහභාගි වූ අතර ඇය විසින් පෞරුෂත්වයේ වැදගත්කම, කීර්තිමත් තලයට සූදානම් වන්නේ කෙසේද සහ මහජන විවේචන වලදී ධනාත්මක ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඇය විසින් ක්‍රීඩිකාවන්ව දැනුවත් කරන ලදී.

මෙම සුවිශේෂී වැඩසටහනේ අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් උපදේශකවරයා ලෙසින් කටයුතු කරනු ලබන ලුතිනන් කර්නල් මනුජ කාරියප්පෙරුමගේ ප්‍රධාන්තවයෙන් සිදුකෙරිණ. මෙහිදී කාරියප්පෙරුම මහතා විසින් ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩකයින් වෙනුවෙන් වන ක්‍රීඩක චර්යාධර්ම පද්ධතිය පිළිබඳව වූ දේශනයක්ද සිදුකරනු ලැබිය.

ඉතිහාසයේ පළමු වතාවට පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා බාලිකා ක්‍රීඩිකාවෝ හෙට (ජනවාරි 06 වැනිදා) දකුණු අප්‍රිකාව බලා පිටත්ව යනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee