slc
Home   |    News
ජනවාරි 2, 2023
නව වසරේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකාව හෙට ඉන්දියාව මුණ ගැසෙයි

sinhala editor

2023 වසර උදාවත් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාත්‍යන්තර දින දර්ශනය ආරම්භ කරමින් පළමු විස්සයි-20 තරගයට ක්‍රීඩා කිරීම සදහා හෙට (ජනවාරි 03 දා) ඉන්දීය කණ්ඩායම සමඟ මුම්බායිහි වැන්කඩේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පිවිසෙති.

අසාර්ථකත්වයට පත් විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටින ඉන්දීය කණ්ඩායම හෙට තරගයට පිවිසෙන්නේ නායකත්වයට අලුතෙන් පත් හර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වය යටතේය. වර්තමාන ආසියානු ශූරයින් ලෙසින් කිරුළු පළදා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ හෙට තරග වැදීම සඳහා තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායමක් නම් කර තිබීමද විශේෂත්වයකි.

ගෙවී ගිය මාසයේදී බංග්ලාදේශයට එරෙහි තරගාවලිය්දී මහපටැඟිල්ලේ ආබාධයකට ගොදුරුවීම නිසා රෝහිත් ෂර්මා තවමත් සුවය ලබා නොමැති අතර ඔවුන් සතු හොඳම පිතිකරුවා ලෙස සැලකෙන විරාට් කෝලිටද විවේකයක් ලබා දීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ.

මෙම තරගාවලියේ වැඩිම අවධානය දිනාගෙන සිටින පිතිකරුවන් කීප දෙනෙකුම කණ්ඩායම් දෙකේම පසුවීම කැපී පෙනෙයි. ඒ අතරින් ඉන්දිය පිතිකරු සූර්යකුමාර් යාදව් කැපී පෙනෙනෙන්නේ ගතවූ 2022 වසරේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර ගැනීමට සමත්ව සිටීම නිසාය. තරග 31 කට ක්‍රීඩා කර ඇති යාදව් රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 1164 ක් වේ. ඔහුට අමතරව නායක හර්දික් පාණ්ඩ්‍යාද තරග 25 කදී ලකුණු 607 ක් ලබා සිටියි.

සංචාරක කණ්ඩායම බවට පත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම නෙත ගැටෙන පිතිකරුවා බවට පත්ව සිටින්නේ පැතුම් නිස්සංකය. ගෙවී ගිය 2022 වසරේදී තරග 24 කට ක්‍රීඩා කර ඇති දකුණත් ආරම්භක පිතිකරුවා අර්ධ ශතක 6 ක් ද සමඟ රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 713 කි. ඊට අමතරව ඔහුගේ සහායක ආරම්භක පිතිකරුවා වන කුසල් මෙන්ඩිස්ද තරග 20 කදී ලකුණු 521 ක් රැස් කර සිටින්නේ ප්‍රහාරාත්මක වේගය 132.23 ක් රදවා තබා ගනිමිනි.

පිතිකරුවන්ට පාරාදීසයක් බඳු යැයි සැලකෙන වැන්කඩේ තණතීරුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හොදම මතකය වන්නේ 2011 වසරේ පැවැති පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය වේ. එම තරගයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ කඩුලු 7 ක පරාජයකට පත්වූවා පමණක් නොව කුසලාන සිහිනය පසෙක තබා අනුශූරතාවයෙන් පමණක් සෑහිමකට පත්වීමට සිදුවිය.

වැන්කඩේ තණතීරුව මතු පිට ගත් විට එය මතු පිටින් ලිස්සා යන ස්වරූපයක් පෙන්නුම් කෙරේ. වේග පන්දු යවන්නන්ට ඔවුන්ගේ උපරිමය කළහොත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බව ඉතිහාසය සාක්ෂි දරාතිබේ. කෙසේ වෙතත් මෙහි ප්‍රධානම බලපෑම ලෙස රාත්‍රි කාලයේදී ඇද හැළෙන පිණි සහිත තත්ත්වය සඳහන් කළ හැක.

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම – දසුන් ශානක (නායක), වනිඳු හසරංග (උප නායක), අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, අෂේන් බණ්ඩාර, මහීෂ් තීක්ෂණ, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මදුශංක, කසුන් රජිත දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මදශාන්, ළහිරු කුමාර, නුවන් තුෂාර.

ඉන්දීය විස්සයි-20 කණ්ඩායම – හර්දික් පාණ්ඩ්‍යා (නායක), සූර්යකුමාර් යාදව්, අර්ශ්දීප් සිං, යුස්වේන්ද්‍ර චෙහල්, රුටුරාජ් ගයික්වාඩ්, දීපාක් හූඩා, ඉෂාන් කිෂාන්, මුකේෂ් කුමාර්, හර්ෂල් පතෙල්, අක්සාර් පටෙල්, සංජු සැම්සන්, ශිවාම් මාවි, ශුබ්මන් ගිල්, රාහුල් ට්‍රිපාටි, උමරන් මලික්, වොෂිංටන් සුන්දර්.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest