slc
logo
Home   |    News
ජනවාරි 7, 2023
නායකයා ලෙස වගකීම ඉටු කළා දසුන් ශානක

sinhala editor

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන් සාර්ථක වන්නේ නම් ලංකා පිතිකරුවනට මීට වඩා පහසුවෙන් කණ්ඩායමට අවශ්‍ය ලකුණු සංඛ්‍යාවක් කරායාමට අවස්ථාව උදාවන්නේ යැයි ශ්‍රී ලංකා නායක දසුන් ශානක ශ්‍රී ලංකා ඉන්දියා දෙවන විස්සයි 20 තරගයෙන් පසුව ප්‍රකාශ කළේය.  ඔහු මේ තරගෙය් වීරයා ලෙස ද නම් කෙරණි.

“දෙවැනි විස්සයි 20 තරගයේ දී අපගේ ආරම්භක පිතිකරුවන් සහ ඉදිරි පෙළ පිතිකරුවන් සාර්ථක වූවා.  ඒත් මැදපෙළ පිතිකරුවන් ලකුණු අතරට නොපිවිසීම මත ලකුණු රැස් කිරීමේ වේගය ද ක්‍රමයෙන් අඩාල වූවා.  මැදපෙළ සාර්ථක වන්නේ නම් අගපෙළ පිතිකරුවනට හොඳින් ඉනිම නිම කිරීමට අවස්ථාව සැළසෙනවා” යැයි ද දසුන් ශානක කීය.

ශ්‍රී ලංකා ඉනිමේ අවසාන කඩුල්ල ලෙස හයවන කඩුල්ලට තමාට සහ චාමික කරුණාරත්නට පන්දු 24 ක දී ලකුණු 68ක් රැස් කිරීමට අවස්ථාව උදාවීමෙන් ලංකා කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට පත්කිරීමට අවස්ථාව උදාවුණු බව ද ශ්‍රී ලංකා නායකයා පැවසීය.

පන්දු 22ක ට පමණක් මුහුණ දෙමින් හයේ පහර හයක් හතරේ පහර දෙකක් සමග නොදැවී ලකුණු 56ක් රැස් කිරීමෙන් පසුව ඉන්දීය ඉනිමේ අවසාන තීරණාත්මක පන්දු ඕවරය යවමින් ලකුණු හතරකට කඩුලු දෙකක් දවාලමින් කණ්ඩායමට දුන් දායකත්වය පිළිබඳව විමසූ විට ඔහු සදහන් කර සිටියේ කණ්ඩායමේ නායකයා ලෙස නායකත්ව ඉනිමක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වන බවය.

අපගේ මේ ජයග්‍රහණය උදෙසා කුසල් මෙන්ඩිස් (52) චරිත් අසලංක (37) පැතුම් නිශ්ශංක (33) සහ වේග පන්දු යවන කසුන් රාජිත (22/2යි) දුන් සහයෝගය තමා අගය කරන බව ද තම අපෙක්ෂාව වනුයේ තෙවන විස්සයි විස්ස තරගයත් ජයගෙන තරගාවලියම ජයගැනීම යැයි ද ශ්‍රී ලංකා නායකයා පැවසීය.

ඉන්දීය නායක හර්දික් පාන්ඩ්‍යා තරගයෙන් පසුව ප්‍රකාශ කළේ වැඩිපුර නීති විරෝධි පන්දු (නෝ බෝල්) වැනි පන්දු රැසක්ම තම පන්දු යවන්නන් අතින් යැවුනත් තමා ඔවුනට දොස් නොතබන බවත්, ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික සිද්ධාන්ත නිවැරදිව පිළිපැදීමට කණ්ඩායමම කටයුතු කළ යුතු බවත්ය.

තම කණ්ඩායමේ සූරියකුමාර් යදෙව් ලකුණු 56ක් (පන්දු 36යි) සහ අක්ෂාර් පටෙල් ලකුණු 65 (පන්දු 31යි) හයවන කඩුල්ලට පන්දුවට පහරදෙන අවස්ථාවේ තම කණ්ඩායමට ජයග්‍රහණ  බලාපොරොත්තු පවා ඇති වූ බවත් ශ්‍රී ලංකාව මේ තරගෙය් ආරම්භයේ සිට ඉන්දීය ඉනිමේ හයවන කඩුල්ල තෙක් ම පහසුවෙන් ම ඉදිරියෙන් පසුවූවත් සූරියකුමාර් සහ පටෙල් තම කණ්ඩායම නැවත තරගයට අවතීර්ණ කළ බවත් පාන්ඩ්‍යා පැවසීය.

“ක්‍රිකට් තරගයක වාසනාවන්ත සහ අවාසනාවන්ත දිනත් පවතිනවා.  අප කළ වැරැදි සකසා ගැනීම අපගේ යුතුකමයි.  වැරැදි සකස් කරගෙන ඊළඟ තරගයේදී සාර්ථක වීමට අපේක්ෂා කරනවා” යැයිද ඉන්දීය නායකයා පැවසීය.

මේ තරගයේ දක්ෂම දක්ෂතා දැක් වූ ක්‍රීඩකයා (Top Performer) ලෙස නම් කෙරුණු කසුන් රාජිත (22/2) ප්‍රකාශ කළේ, කණ්ඩායම වෙනුවෙන් තමාට මෙහෙයක් ඉටුකිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වන බවය.

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee