slc
logo
Home   |    News
ජනවාරි 25, 2023
නිශාන් මදුශ්ක දිගු ඉනිමකට සැරසෙයි

sinhala editor

ඇලෙක්ස් ලීස්ගේ ‌වේගවත් ශතකය ප්‍රධාන කොට පළමු ‌ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී එංගලන්ත ලයන්ස් පිල රැස් කරන ලද ලකුණු 413 ට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම පළමු දිනට තරගය නිමා කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 93 ක් ලබා සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම වෙනුවෙන් දීර්ඝ ඉනිමකට පෙර නිමිත් පහළ කර සිටින ආරම්භක පිතිකරු නිෂාන් මදුශ්ක නොදැවී ලකුණු 56 ක් රැස් කරගෙන සිටියි. සෙසු ආරම්භක පිතිකරුවා වූ ලසිත් කෲස්පුල්ලේ දැවී යෑමත් සමඟ සැඳෑ පිතිකරුගේ වගකීම කරට ගෙන පැමිණි නිමේෂ් විමුක්තිගේ(17) දැවී යෑමත් සමග පළමු දිනට තරගය නිමා කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ. කෙසේ වෙතත් තරගයේ දෙවැනි දිනය වන හෙට දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායමට, එංගලන්ත ලයන්ස් පළමු ඉනිම අභිබවා යෑම සඳහා තවත් කඩුලු 8 කදී ලකුණු 320 ක් අවශ්‍ය වේ.

 ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලියට පෙර එංගලන්ත ලයන්ස් පිලට ලැබුණු පළමු සහ එකම තුන්දින පුහුණු තරගයේ පළමු දිනය අවසන් වීමට තවත් පන්දුවාර 23 ක් ඉතිරිව තිබියදී සිය ඉනිම අත්හිටුවීමට එංගලන්ත ලයන්ස් පිල තීරණය කළේය. ඒ වන විටත් පන්දුවාර 67 කට පමණක් ක්‍රීඩා කර තිබූ ලයන්ස් පිතිකරුවෝ කඩුලු 8 කට ලකුණු 413 ක තරම් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩනැංවීමට සමත්ව සිටියහ.

ලබන 27 වැනිදා තෙක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අනුකම්පා විරහිත පිතිහරඹයක් දියත් කළ එංගලන්ත ලයන්ස් පිතිකරුවෝ එක්දින තරගයක මෙන් පන්දුවාරයකට ලකුණු 6.164 ක දළ ලකුණු වේගයක් තබා ගනිමින් ලකුණු රැස් කිරීම අද දිනයේ කැපී පෙනිණ.

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 10 කට ක්‍රීඩා කර ඇති ආරම්භක පිතිකරු ඇලෙක්ස් ලීස් එංගලන් ඉනිමේ කැපී පෙනෙනම පිතිකරුවා බවට පත් වද්දී තවත් පිතිකරුවන් සිව් දෙනෙකු අර්ධ ශතක ඉක්මවා ලකුණු රැස් කළහ. ටොම් අබෙල් (57), ජොස් බොහනන් (58), ජැක් හයින්ස් (නොදැවී 63) සහ ජෙමී ස්මිත් (50) එසේ අර්ධ ශතක වාර්තා කළ පිතිකරුවෝ බවට පත්වූහ.

දිනයේ ශතක ලාභියා වූ ආරම්භක පිතිකරු ඇලෙක්ස් ලීස් පන්දු 94 කදී සිය ශතකය සපුරා ගත්තේ පයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක්ද සිය ඉනිමට ඇතුඅළත් කර ගනිමිනි. ළහිරු උදාරගේ සුපිරි ස්ටම්ප් කිරීම හමුවේ ලීස් දැවී යනවිට පන්දු 97 කදී වේගවත් ලකුණු 103 ක් ලබා සිටියේය.

ලයන්ස් පිතිකරුවො කෙතරම් වේගයෙන් පන්දුවට පහර දුන්නේද කිවහොත් දිවා ආහාරය සඳහා යවන ලද පන්දුවාර 24 දී ලකුණු 167 ක් රැස් කර ගැනීමට සමත්වූහ. දිවා භෝජනයට පෙර ප්‍රතිවාදින්ගේ ඩුලු 3 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් XI සමත්වද්දී ඉන් 2 ක් කවිඳු පතිරත්නගේ නමට ලියැවී තිබිණ. ලයන්ස් පිතිකරුවන්ගේ වේගය පාලනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් XI  සහන් ආරච්චිගේට පන්දු යවන්නන් 10 දෙනෙකුගේ සේවය ලබා ගැනීමට සිදු වුවත් ඉන් යන්තම් හෝ සාර්ථකත්වයක් අත්කරගත්තේ වේග පන්දු යවන ජනිත් ලියනගේ පමණි. තේ පානයට පෙර කඩුලු 2 ක් දවා ගැනීමට සමත්වන ජනිත් එංගලන්ත ඉනිම අත්හිටුවීම සඳහා අවසන් වතාවට දැවී ගිය පිතිකරුවා වූ ඔලී රොබින්සන්ගේ කඩුල්ල ද ඇතුළත්ව ලකුනු 47 කට කඩුලු 3 ක් දවා ගත්තේය. ඒ හැරුනු කොට තරිඳු රත්නායක සහ කවිඳු පතිරත්න කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත්වූහ.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

USD United States (US) dollar