slc
Home   |    News
ජනවාරි 29, 2023
මිෂෙල් – නිමාලි – වැනේසා – ‌දේදුණු ජාත්‍යන්තරයට යති

sinhala editor

ඉදිරියේදී පැවැත්වෙන විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන නිලධාරිණියන්ගේ මණ්ඩලය සඳහා ශ්‍රී ලාංකිකයින් දෙදෙනකුද ඇතුළත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සංගමය පියවර ගෙන තිබේ. පෙබ‌රවාරි 10 වැනිදා සිට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ‌මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග තීරකවරියක ලෙස මිෂෙල් පෙරේරාද තරග විනිසුරුවරියක ලෙස නිමාලි පෙරේරාද ඇතුළත්ව සිටිති.

13 දෙනෙකුගෙන් සමන්විත මෙම නිලධාරිණියන්‌ අතරට තරග තීරකවරියන් තිදෙනෙකු පමණක් ඇතුළත්ව සිටින අතර ඉන් එක් අයෙකු ලෙසින් නිමාලි කටයුතු කිරීම කැපී පෙනෙයි. මේ අතර විනිසුරුවරියන් 10 දෙනා අතරට එක්ව සිටින නිමාලි පෙරේරා රටවල් හයක් අතරින් මෙම මඩුල්ලට තේරී පත්වීම විශේෂත්වයකි.

දිනෙන් දින දියුණුවට පත්වෙමින් තිබෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම තරගාවලියක් ලෙසින් සැලකෙන ලෝක කුසලාන තරගාවලියකදී වැඩිම කාන්තාවන් පිරිසක් සහභාගිවනු ලබන නිලධාරී මඩුල්ල ලෙසින් ඉතිහාස ගත වනු ඇත. පිරිමි පාර්ශ්වයේ ක්‍රීඩාවට මෙන්ම සමාන අවස්ථාවක් ලබා දීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලික අරමුණ බැවින්, මේ හරහා වන ගෝලීය ප්‍රදර්ශනය හරහා කාන්තා ක්‍රීඩාවේ නියෝජනය වැඩි දියුණු කර ගැනීමද ඔවුන් සතු තවත් ඉලක්කයකි.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන වයස අවුරුද 19 න් පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (29 වැනිදා) ඉන්දියාව සහ එංගලන්තය අතර අවසන් මහ තරගයේදී ද ශ්‍රී ලාංකික තරග තීරකවරියක් වන වැනීසා ද සිල්වා මහත්මිය කටයුතු කිරීමද කැපී පෙනෙයි.ලෝක කුසලාන අවසන් මහ තරගයක තරග තීරකවරියක් ලෙසින් කටයුතු කරන පළමු ශ්‍රී ලාංකික කාන්තාව වශයෙන්ද ඇය අද දිනයේදී ඉතිහාස ගත වන්නීය. ඇයට අමතරව අද තරයේදී විනිසුරුවරයක වන දේදුණු ද සිල්වා අවසන් මහ තරගයේ රූපවාහිනි විනිසුරුවරිය ලෙසින් කටයුතු කරන්නීය

.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest