slc
Home   |    News
ජනවාරි 16, 2023
විශ්මි සහ දෙව්මිගේ උත්සාහය අපතේ යයි

sinhala editor

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ බාලිකා කණ්ඩායම් අතර මූලික වටය යට‌තේ පැවැති තරගයෙන් ප්‍රබල තරගයක් දිමෙන් අනතුරුව ශ්‍රී ලංකාව පරදවා ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද (16 දා) සමත්විය.

බෙනෝ‌නිහි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලබා දුන් ලකුණ 166 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිලට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 ක් දැවී රැස් කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 155 ක් පමණි.

එම ලකුණු හඹා යෑමේදී පළමු කඩුලු 2 ම ලකුණු 24 කදි බිඳ වැටුණද නායිකා විශ්මි ගුණරත්නට එක් වුණු දෙව්මි විහංගා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ආසන්නය වෙත රැගෙන යෑමට දායකත්වය දැක්වූහ.

මෙහිදි විශ්මි සහ දෙව්මි දෙදෙනා අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම කැපීි පෙණිණ. ඒ අතරින් පළමුව දැවී ගියේ දෙව්මි වන අතර ඇය පන්දු 44 කදී වේගවත් ලකුණු 55 ක් රැස් කළේ හයේ පහර 2 ක් සහ තවත් හතරේ පහර 7 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි. ශ්‍රී ලංකා බාළිකා ක්‍රිකට් ඉතිහාසයේ අර්ධ ශතකයක් වාර්තා කිරීිමට සමත් පළමු ක්‍රීඩිකාව ලෙසද දෙව්මි විහංගා අද ඉතිහාස ගත වූවාය.

ඉදිරි පෙළ කඩුලු ඉක්මනින් දැවී යෑම නිසා ශ්‍රී ලංකා ආරම්භය තරමක් මන්දගාමී විය. ඒ හේතුවෙන් පළමු පන්දුවාර 10 අවසනදී ශ්‍රී ලංකා පිලට රැස් කරගත හැකි වූයේ ලකුණු 66 ක් පමනි. කෙසේ වෙතත් අවසන් පන්දු 60 දි හ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 100 ක් ලබා ගත යුතු වූ නමුත් ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 90 ක් පමණි.

තරගය අහවර වන තෙක්ම නායිකා විශ්මි කඩුල්ල ආරක්ෂා කර ගැනීමට සමත් වුවත්, ජයග්‍රහණය සඳහා කැඳවාගෙන යෑමට එම ඉනිම ප්‍රමාණවත් නොවීය. පන්දු 54 කද ලකුණු 60 ක් ලෙසින් සටහන් වුණු එම ඉනිම සඳහා ඇය හයේ පහරක් සහ හතරේ පහර 8 ක් එල්ල කිරීමට සමත්වූවාය.

බංග්ලාදේශ ඉනිමේදී අංක 4 පිතිකාරිණිය ලෙසින් පිටියට පිවිසි ෂොනා අකටර් විසින් පන්දු 28 කදී රැස් කරන ලද ලකුණු 50 නිසා ලකුණු 165 ක් තරම් ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට බග්ලාදේශ පිලට අවස්ථාව උදාවිය. ඇයට අමතරව ආරම්භක පිතිකාරිණී අෆියා ප්‍රොටෙෂා පන්දු 43 කදී ලකුණු 53 ක් ලබා ගත්තාය.

බංග්ලාදේශ ඉනිම ක්‍රියාත්මක වද්දී ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතරින් රශ්මි නේත්‍රාංජලී පඹණක් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්වූ අතර, පන්දු යවන්නියන් අතර කැපී පෙනෙන දෙව්මි විහංගා සහ විදුශිකා පෙරේරා සිය පන්දුවාර 4 ලකුණු 28 සහ 20 බැගින් සීමා කොට යැවීමට සමත්වූහ.

බංග්ලාදේශ පිල පන්දුවාර 20 කදී කඩුලු 2 ට ලකුණු 165 යි – (අෆියා පෙ1ාටේෂා, 53, මිස්ටි ශාහා 14, දිලාරා අක්‌ටර් 36*, ෂොර්නා අක්ටර් 50*)

ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුනු 155 යි – (විශ්මි ගුණරත්න 60*, දෙව්මි විහංගා 55, දුලංගා දිසානායක 12*, මරුෆා අක්ටර් 19/2)

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest