slc
logo
Home   |    News
ජනවාරි 27, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිලට ලකුණු 309 ක ඉලක්කයක්

sinhala editor

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පුහුණු තරගයේ තෙවැනි සහ අවසන් දිනය වූ අද (27 දා) ලකුනු 309 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 49 ක් ලබා සිටියේය. ඒ අනුව එංගලන්ත ලයන්ස් පිල පරාජයට පත් කිරීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායමට තවත් කඩුලු 9 කදී ලකුණු 260 ක් අවශ්‍ය වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ ලකුණු 22 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර ළහිරු උදාර ලකුණු 25 ක් ලබා සිටියදී දැවී ගියේය.

කඩුලු 8 කට ලකුණු 164 ක්ව තිබියදී අද දිනය ආරම්භ කල එංගලන්ත ලයන්ස් පිලේ අවසන් පිතිකරුවන් තිදෙනා තවත් ලකුණු 86 කින් ඉනිම පෝෂණය කළහ. එහිදී ජැක් හේන්ස් සහ ජොස් බොහනන් දෙදෙනාම අර්ධ ශතක වාර්තා කිරීම කැපී පෙනුනි. මොවුන් දෙදෙනා අතර අද දිනයේදී 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 86 ක් රැස් කිරීමට සමත්වූවේය. පන්දු යැවීමේදී එකදු පන්දු යවන්නකු කඩුලු 2 සීමාව ඉක්මවාලීමට අපොහොස්තවිය. ඉසිත විජේසුන්දර, සහන් ආරච්චිගේ, නිමේෂ් විමුක්ති ශ්‍රී ලංකා ක්‍රිකට් XI  පිල වෙනුවෙන් කඩුලු 2 බැගින් බිඳ හෙළූ පන්දු යවන්නෝ බවට පත්වූහ.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest