slc
logo
Home   |    News
පෙබරවාරි 9, 2023
‘ඒ’ පිතිකරුවෝ දිගු ඉනිමක කඳවුරු බඳිති

sinhala editor

Chamila Karawita reporting from Galle

ලකුණු 73 ක ක මුල් ඉනිමේදී පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දින (09 වැනිදා) අවසානයේ කඩුලු 3 කට ලකුණු 202 ක් ලබා ගනිමින් දිගු ඉනිමක් ගොඩ නැගීමට අවශ්‍ය පදනම එක් කිරීමට සමත්ව සිටියහ. 

එංගලන්ත ලයන්ස් පිතිකරුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 405 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට වඩා මුල් ඉනිමේදී ලකුණු 73 ක වාසියක් හිමිකරගත්තේය. අවාසියකට මුහුණ දුන්නද දෙවැනි ඉනිමේදී වේගවත් ආරම්භයක් ලබා ගත් ශ්‍රී ලංකා ඒ ආරම්භක පිතිකරුවෝ තේ පානය වන යවන ලද පන්දුවාර 12 දී ලකුණු 73 ක් ලබා පළමු ඉනිමේ පරතරය පියවා දැමූහ.

දිනය අවසන් වීමට පන්දුවාරයක් තිබියදී ඉවසීම බිඳී යෑම නිසා කමිඳු මෙන්ඩිස් අවාසනාවන්ත ලෙස දැවී නොයන්නට ශ්‍රී ලංකා ඉනිම කඩුලු 2 කට 202 ක් වන්නට තිබිණ. කෙසේ වෙත්ත ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් ලකුණු 129 කින් පෙරමුණ ගෙන සිටින්නේ තවත් කඩුලු 7 ක් අත දරාගෙනය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කොඳු නාරටිය බවට පත්ව සිටින්නේ නිශාන් මදුශ්කය. ලයන්ස් පන්දු යවන්න්නට එරෙහිව කිසිදු අතපසුවීමක් සිදු නොකිරීමට වග බලා ගත් දකුණත් පිතිකරුවා මෙවර තරගාවලියේ තෙවැනි ශතකය ලබා ගැනීමේ ආසන්නයට පැමිණ සිටියි. පන්දු 118 කදී ගොඩනැංවුණු මදුශ්කගේ ලකුණු 84 ක ඉනිම සඳහා හයේ පහරක් සහ හතරේ පහර 13 ක් එල්ල කළේය. මදුශ්ක ලයන්ස් පිලට එරෙහි තරගාවලියේදී  මේ දක්වා ක්‍රීඩා කර ඇති ඉනිම 5 දී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 498 කි. එයට ලකුණු 150, 1, 241, 22 ක් සහ අද දිනයේ රැස් කරන ලද ලකුණු 84 ද ඇතුළත්ව තිබේ.

ජැක් කාසන්ට එරෙහිව සීමා ඉරෙන් ඉදිරියට විත් එක්ස්ට්‍රා කවර් කළාපයට ඉහළින් පන්දුව යැවීමට ගන්නා ලද උත්සාහයේදී අතිරේක පන්දු රකින්නකු පැමිණ සිටි නේතන් ගිල්ක්‍රිස්ට් විසින් සුරැකිව රැක ගත්තේය. එම දැවී යෑම ගැන කමිදු දැඩි කණස්සල්ලට පත්වූ බවක් පෙන්නුම් කළ නමුත් තමන් තුළ තිබූ ඉවසීම බිඳී යෑම දිගු ඉනිමකට යෑමට කමිඳුට තිබූ ඉඩ කඩ අහිමි කළේය.

තේ පානය තෙක් හොදින් පන්දුවට පහර දුන් ලසිත් කෲස්පුල්ලේද දැවී ගියේ කමිදු ආකාරයෙන්ම සංයම බිඳී යෑමෙනි. ඉතාමත් හොදින් පන්දුවට පහර දෙමින් සිටි දකුණත් ආරම්භක පිතිකරුවා ජැක් කාසන්ට එරෙහිව හයේ පහරක් එල්ල කරමි් තම ලකුණු සංඛ්‍යාව 47 දක්වා ඉහළ දමා ගත්තද ඉන් සෑහිමකට පත් නොවුණු ඔහු ඊළඟ පන්දුවටද හයේ පහරක් එල්ල කිරීමට උත්සා ගත්තේය.

එහෙත් එයට පෙර පහරට තරම් වූ ජවයක් ඇතුළත් නොවීම නිසා ලියම් පැටර්සන්ගේ දෙඅත් අතර උඩ පන්දුවක් ලෙස නතර විය. ඒ වන විටත් ප්‍රවේගකාරීව පන්දුවට පහර දුන් පළමු ඉනිමේ ශතක ලාභියා පන්දු 41 කදී ලකුණු 47 ක් රැස් කර තිබුනේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

පෙර දිනයේ පරිදිම අද උදෑසනද සිය ප්‍රහාරාත්මක පිතිහරඹ රටාව දියත් කළ ජැමී ස්මිත් අපයසුවකින් තොරව ශතකය ලබා ගත්තේය. විශ්ව ප්‍රනාන්දුට එරෙහිව හතරේ පහරක් එල්ල කරමින් ස්මිත් සිය ශතකය සම්පූර්ණ කර ගන්නා ලද්දේ මුහුණ දුන් 71 වැනි පන්දුවේදීය. පෙර දිනයේ පන්දු 56 කින් ලකුණු 86 ක් ලබා සිටි ස්මිත් ශතකය සඳහා වූ ලකුණු 14 සඳහා පන්දු 15 ක් වැය කළේය.

දිවා ආහාරය වන විට කඩුලු 7 කට දැවී ලකුණු 355 ක් ලබා සිටි ලයන්ස් කණ්ඩායමේ තවත් හෝරාවක පමණ කාලයක් පන්දුවට පහර දුන්නේය. එහිදී වැඩිම කඩුලු ලාභියා වූයේ චාමික කරුනාරත්නය. හේ ලකුණු 84 කට කඩුලු 4 ක් දවා ගනිද්දී විශ්ව ප්‍රනාන්දු ලකුනු 83 කට කඩුලු 3 ක් දවා ගත්තේය. ප්‍රවීන් ජයවික්‍රමට කඩුලු 2 ක් හිමිවද්දී ඇඹුල්දෙනිය එක් කඩුල්ලක් දවා ගත්තේය.

ශතකය වාර්තා කරන තෙක් කිසිදු අත්වැරැද්දක් සිදු නොකිරීමට වග බලා ගත් ලයන්ස් කඩුලු රකින්නා ලකුණු 103 ක් ලබා සිටියදී ලසිත් ඇඹුල්දෙණියගේ  පන්දුවකට ලෝංග් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි විශ්ව ප්‍රනාන්දසුගේ අතටද ලකුණු 120 ක් ලබා සිටියදී පන්දු යැවූ ප්‍රවීන් ජයවික්‍රම අතටද උඩ පන්දු ලබා දුන්නද ඉන් ප්‍රයෝජනයක් ලබා ගැනීමට ඔවුහු අසමත් වූහ. එහෙත් ස්මිත්ට වැඩි වේලා කඩුල්ලේ රැදී සිටීමට චාමික කරුණාරත්න අවස්ථාව ලබා නොදුන්නේය. පිට ඉන්නට පිටතින් යවන ලද පන්දුවට එල්ල කරන ලද කට් පහර පොයින්ට් කළාපයේ පන්දු රැකී ළහිරු උදාර විසින් සුරැකිව රැක ගන්නා විට ජැමී ස්මිත්ගේ ඉනිම ලකුණු 126 දී නිමාවට පත්විය. පන්දු 82 කින් සමන්විත වූ ස්මිත්ගේ ඉනිම හතරේ පහර 13 කින් සහ යයේ පහර 8 කින් සමන්විත විය.

දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා වූයේ ඇලෙක්ස් ලීස්ය. ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දුවකට රිවර් ස්වීප්  පහරක් එල්ල කිරීමට යෑමේදී එය පිත්තේ නිසියාකාරව නොවැදිණ. ප්‍රතිඵලය වූයේ එය ස්ලිප් ස්ථානයේ පන්දු රැකි කමිදු මෙන්ඩිස් විසින් අල්ලා ගැනීමය.

දෙවැනි දිනයේදී දරුණු ප්‍රහාරයකට ලක් වුවද පෙරවරුවේ දැවී ගියේ එංගලන්ත ඉනිමේ කඩුලු 4 න් කඩුලු 2 ක්ම චාමික විසින් දවා ගනිද්දී ජයවික්‍රම සහ ඇඹුල්දෛණිය කඩුල්ල බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම පන්දුවාර 88.1 කදී සියලු දෙනා දැවී ලකුණු 332 යි – (ලසිත් කෲස්පුල්ලේ 128, නිශාන් මදුශ්ක 22, නිවනිඳු ප්‍රනාන්දු 22, නිපුන් ධනංජය 61, ලක්ෂිත මානසිංහ 43, ලසිත් ඇඹුල්දෙණිය 42, ජොෂ් ටංග් 76/5, සෑම් කුක් 69/2, මැතිව් ෆීෂර් 83/2)

 

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාව කැන්ගරුවන් හමුවේ දැවැන්තම එක්දින ජය ලබයි
    කුසල් මෙන්ඩිස්ගේ පස්වැනි එක්දින ශතකයත්, චරිත් අසලංකගේ අර්ධ ශතකයත් සහ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 174 ක විශිෂ්ඨ […]
  • හලාවත මේරියන්ස් කඩුලු 9 ට ලකුණු 259 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින හලාවත […]
  • එක්දින පන්දු යවන්නන් අතර තීක්ෂණ අංක 1 ට ළං වෙයි
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව […]
  • චරිත්ගේ විශිෂ්ඨ ශතකයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 49 ක ජයක්
    By Chamila Karawita පිත්තෙන් විශිෂ්ඨ ශතකයක් මෙන්ම අවස්ථානුකූලව පන්දු යවන්නන් යොදා ගනිමින් කණ්ඩායම හැසිරවීමට චරිත් අසලංක සමත්වීමත් නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති පළමු […]
  • එක්දින තරගාවලිය හෝරා කීපයකින් ඇරඹෙයි
    වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියෙන් ලත් 2-0 ක තරගාවලි පරාජයේ අවමාන යම් තරමකින් අවම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි අවස්ථාව වන තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය […]

Pin It on Pinterest

USD United States (US) dollar