slc
logo
Home   |    News
පෙබරවාරි 11, 2023
කාන්තාවෝ දකුණු අප්‍රිකානු අභියෝගය ජය ගනිති

sinhala editor

විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සාරම්භය සනිටුහන් කරමීන් පැවැති පළමු තරගයේම සත්කාරක දකුණු අප්‍රිකානු පිලට එරෙහිව තියුණු තරගාවසානයකින් පසු ලකුණු 03 ක පෙරැළිකාර ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.

කේප්ටවුන්හි නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී දකුණු අප්‍රිකානු නායිකාවගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පනදුවාර 20 අවසනදි කඩුලු 4 ක් දැවී ලකුණ 129 ක් රැස් කරන ලදුව ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු පිලට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 126 ක් පමණි.

දකුණු අප්‍රිකානු ජයග්‍රහනය සඳහා සුගන්දිකා කුමාරි විසින් යවන ලද අවසන් පන්දුවාරයේදී ලකුණු 13 ක් අවශ්‍ය වුවත් එම පන්දුවාරයේදී ඔවුනට රැස්කරගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි.

දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ ඉලක්කය එතරම් සුභදායක නොවුණු අතර එහි වාසිය ලබා ගත් ආරම්භක පිතිකාරිණියෝ ලකුණු 29 ක් එක් කළහ. ඔෂධී රණසිංහ විසින් එම සම්බන්ධතාව බිඳ දමද්දී ඉලක්කය කරා ගිය දකුණු අප්‍රිකානු ඉනිමේ කොඳු නාරටිය බිද දමන ලද්දේ කණ්ඩායමේ හොඳම පන්දු යවන්නිය බවට පත්ව සිටින ඉනෝකා රණවීරය.

වමතින් දඟ පන්දු යවන ඇය තම පළමු පන්දුවාර දෙක ඇතුළත කඩුලු 2 ක් දවා ගැනීමට සමත්වන්නේ ප්‍රතිවාදීන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගයද අඩාල කර දමමිනි. අනතුරුව 13 වැනි පන්දුවාරය යැවූ සුගන්ධිකා කුමාරි කඩුලු 2 ක් දවා ගැනීමට සමත්වීමද තරගයේ වාසිය ශ්‍රී ලංකාවට වෙතට දෝලනය වීමට හැරවුම් ලක්ෂයය බවට පත්විය. එම කඩුලු 2 දවා ගැනීමත් සමග දකුණු අප්‍රිකානූ ලකුනු පුවරුව ලකුණු 72 කට කඩුලු 5 ක් ලෙස වෙනස් විය.

අවසන් පන්දු 12 දී ප්‍රතිවාදී ඉලක්කය ලකුණු 20 ක් වුවත්, එම පන්දුවාරයේදී එතෙක් වෙලා හිසරදයක් ව සිටි නායිකාව වූ සුන් ලුස්ව දවා ගනිමින් වාසිය තම කණඩායම වෙත ලබා දීමට ඉනෝකා රණවීරය සමත්වූවාය.

මෙම තරගයේදී නියමිත කාල වේලාවට පෙර පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට ශ්‍රී ලංකා පිල අපොහොසත්වීම මත අවසන් පන්දුවාරය යැවීමට සිදුවූයේ යාර 30 සීමාවෙන් පිටත පන්දු රකින්නියන් සිව් දෙනෙකු පමණක්ද රඳවමිනි. කෙසේ වෙතත් සුගන්ධිකා කුමාරි අම අභියෝගය ජය ගනිමින් දකුණු අප්‍රිකානු ඉනිම කඩුලු 9 කදී කුණු 126 ට සීමා කිරීමට සමත්වූවාය.

මෙම තරගයේදී දකුණු අප්‍රිකානු පන්දු යවන්නියන් කෙතරම් හොද ආරම්භයක් ලබා ගත්තේද කිවහොත් පළමු පන්දුවාර 3 දී ඇතුළත ලබා දී තිබුනේ ලකුනු 04 කි. ප්‍රහාරාත්මක පිතිකාරිණියක් ලෙස සැලකෙන චමරි අතපත්තු පවා කඩුල්ලේ රැඳී සිටිද්දී පවර් ප්ලේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 28 කි.

හර්ෂිතාගේ දැවී යෑමෙන් පසු නායිකාවට එක්වුනු 17 හැවිරිදි විශ්මි ගුණරත්න විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 34 කදී ලකුණු 35 ක් ලබා නායිකාවගේ පීඩනය යම්තාක් අඩු කරලීමට දායක වූවාය. මුලින් තැන්පත්ව පන්දුවට පහර දුන චමරි, ක්‍රම ක්‍රමයෙන් වේගය වැඩි කළේ සිය පන්දු 50 වැනි පන්දුවේදී සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 68 ක් දක්වා ඉහළ දමමිනි. එයට හතරේ පහර 12 ක් ඇතුළත් විය. මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාව නිසා ශ්‍රී ලංකා පිලේ දෙවැනි කඩුල්ල බිඳ වැටෙන ලද්දේ මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 114 ක්ව තිබියදී. තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය අර්ධ ශතක ලාභීණී චමරි අතපත්තු විසින් දිනාගත්තාය.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 129 යි – (චමරි අතපත්තු 68, විශ්මි ගුණරත්න 35, හර්ෂිතා සමරවික්‍රම 08, අනුෂ්කා සංජීවනී 05, නිලක්ෂි ද සිල්වා 04, අමා කාංචනා 04*, නජිනි ද ක්ලාර්ක් 38/1, ශබ්මින් ඉස්මයිල් 22/1, මරිසෑන් කැප් 15/1)

දකුණු අප්‍රිකාව පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුනු 126 යි – (ලෝරා වොල්වාද් 18, ටස්මින් බ්‍රිට්ස් 12, මරිසෙන් කැප් 11, සුන් ලුස් 28, චෝ ට්‍රයෝන් 10, සිනාලෝ ජෆ්ටා 15, ඉනෝකා රණවීර 18/3, සුගන්දිකා කුමාරි 28/2, ඔෂධී රණසිංහ 18/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee