slc
Home   |    News
පෙබරවාරි 17, 2023
කාන්තා පිලේ අපරාජිත ගමන බිඳ වැටෙයි

sinhala editor

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ පෙබරවාරි මස 16 වැනිදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා පිලට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්විය. මේ සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත ගමනද නිමාවට පත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 113 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 15.5 ක් පමණක් වැය කරමින් එම ජයග්‍රහණය ලබා ගන්නා ලද්දේ කිසිදු කඩුල්ලක් ප්‍රතිවාදීන් හමුවේ ලබා නොදෙමිනි. එහිදී ඇලීසා හිලී පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමඟ නොදැවී ලකුණු 54 ක්ද බෙත් මූනි පන්දු 53 කදී හතරේ පපහර 7 ක් සමඟ නොදැවී ලකුණු 56 ක් ලබා ගත්හ.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලට ප්‍රබල තර්ජනයක් වූ මේගන් ස්වට් ප්‍රමඛ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නියන් හමුවේ රැස් කරගත හැකි වූයේ පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී ලකුණු 112 ක් පමණි. එහිදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ මේගන් ලකුණු 24 කට කඩුලු 4 ක් දවා ගත්තාය.
ශ්‍රී ංකා පිල වෙනුවෙන් ආරම්භක පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම පන්දු 40 කදී හතරේ පහර 3 ක් සමඟ ලකුණු 34 ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූවාය. විශ්මි ගුණරත්න පන්දු 33 කට මුහුණ දෙමින් ලකුණු 24 ක් රැස් කළ නමුත් සෙසු පිතිකාරිණීයෝ දක්ෂතා අතට පැමිණීමට නොහැකිවීම, අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් ගොඩනැංවීමට නොහැකිවී හේතු විය.
පළමු කඩුල්ල වෙනුවෙන් ර්ෂිතා සමග එක්වූ නායිකා චමරි අතපත්තු පළමු පන්දුවාර 5 අතුළතදී ලකුණු 30 ක් එක් කළද චමරි අතපත්තු ලකුණු 16 කට දැවී යෑම දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය. ග්‍රේස් හැරිස් ගුවනේ පියඹා රැක ගන්නා ලද අති විශිෂ්ඨ උඩ පන්දුව හේතුවෙන් ඇය දැවී යන විටත් හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සිය ඉනිමට ඇතුළත් කර තිබුණාය.
ලකුණු වැඩි කිරීමේ අරමුණින් ඔෂධී රණසිංහ පිතිකරණ අනුපිළිවෙළේ වෙනසක් සිදුකරමින් ඉහළින් පැමිණියද එම තීරණයට සාධාරණයක් ඉෂ්ඨ කිරීමට ඇයට නොහැකි විය. ඇය ලකුණු ලබා ගැනීමට පෙරම දැවී ගියාය. කෙසේ මෙතත් මැද පෙළින් පැමිණි නිලක්ෂි ද සිල්වා පන්දු 7 කදී ලකුණු 15 ක් රැස් කිරීමට හැකිවීම නිසා ශ්‍රී ලංකා පිලට ලකුණු 112 සීමාව දක්වා ලකුණු සංඛ්‍යාව වැඩි කර ගැනීමට අවස්ථාව උදාවිය.

ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 112 යි – (හර්ෂිතා සමරවික්‍රම 34, චමරි අතපපත්තු 16, විශ්මි ගනරත්න 24, නිලක්ෂි ද සිල්වා 15*, මෙඝන් ස්වට් 24/4, ග්‍රැස් හැරිස් 07/2)

ඔස්ට්‍රේලියානු කාන්තා පිල පන්දුවාර 15.5 කදී කිසිවකු නොදැවී ලකුණු 113 යි – (ඇලීසා හීලි 54*, බෙත් මූනි 56*)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest