slc
logo
Home   |    News
පෙබරවාරි 17, 2023
ගෝල් හා ජැෆ්නා තරගය විවෘත මුහුණුවරකට

sinhala editor

පළමු ඉනිමේදී ලකුණු 130කට දැවී ගිය ජැෆ්නා ක්‍රීඩකයෝ සිය දෙවැනි ඉනිමේදී කඩුලු 5ක් දැවී ලකුණු 219ක් ලබා සිටින හෙයින් සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමා වෙද්දී ඔවුන් කඩුලු 5ක් අතැතිව ලකුණු 91ක් ඉදිරියෙන් සිටියි. එබැවින් තවත් දින 2ක් ඉතිරිව ඇති මෙම තරගය විවෘත මුහුණුවරකට පත්ව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා ජැෆ්නා අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී ගෝල් පිල පළමු ඉනිමට ලකුණු 258ක් ලබා ගත්තේය.

ඊයේ (16) පළමු ඉනිමට ගෝල් ක්‍රීඩකයෝ 4ක් දැවී ලකුණු 193ක් ලබා සිටි අතර, අද දිනයේ කඩුලු 6ක් දැවී තවත් ලකුණු 65ක් එක්කර ගත්තේය. කැපී පෙණෙන පිතිකරු බවට පත් වූ ෂොහාන් ඩී ලිවේරා ලකුණු 143ක් ලබාගත් අතර, පැතුම් කුමාර ලකුණු 48ක් ලබා ගත්තේය. අනෙක් පිතිකරුවන් අඩු ලකුණු ගණනකට දැවී යෑමෙන් ගෝල් ලකුණු පුවරුව ඉහළට නොගියේය. ආරම්භක පිතිකරු ෂොහාන් ඩී ලිවේරා පන්දු 218කට මුහුණදුන් අතර, හතරේ පහර 16ක් එල්ල කරද්දී පැතුම් කුමාර පන්දු 116කට මුහුණදී හතරේ පහර 4ක් තම ඉනිමට එක් කළේය.

ජැෆ්නා ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත දෙවැනි ඉනිමේදී ලකුණු 86ක් ලබාගත් අතර, පන්දු 169කදී හතරේ පහර 8ක් එල්ල කිරීමට සමත් විය. රොන් හා අවිශ්ක තරිදු සිවුවැනි කඩුල්ලට ලකුණු 103ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර, රොන් චන්ද්‍රගුප්ත දැවී යෑමෙන් පසු ඊළග පන්දුවේදී ශෂික දුල්ෂාන් ලකුණු නොළබාම පිටියෙන් ඉවත් කිරීමට අකිල ධනංජය සමත් වූවේය.

ජැෆ්නා පිල පසුගිය සතියේදී කැන්ඩි පිලට එරෙහි තරගය නිමාවීමට දිනක් ඉතිරිව තිබියදී කඩුලු 4කින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

ජැෆ්නා – පළමු ඉනිමට ලකුණු 130යි (ඕවර් 38) – නවෝද් පරණවිතාන 39, ජනිත් ලියනගේ 20, ළහිරු මධුසංක 11, බිනුර ප්‍රනාන්දු 37 (මොහොමඩ් සිරාෂ් 60/5, අකිල ධනංජය 24/2, කෞමාල් නානායක්කාර 13/2)

ගෝල් – පළමු ඉනිමට ලකුණු 258යි (ඕවර් 78) – ෂොහාන් ඩී ලිවේරා 143,  ලක්ෂාන් එදිරිසිංහ 16, පසිදු සුරියාරච්චි 16, පැතුම් කුමාර 48, ( බිනුර ප්‍රනාන්දු 52/2, ළහිරු මධුසංක  42/2, ෂශික දුල්ෂාන් 37/4, ඒෂාන් මාලිංග 27/1, නවෝද් පරණවිතාන 8/1)

ජැෆ්නා – දෙවැනි ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 219යි (ඕවර් 61) – රොන් චන්ද්‍රගුප්ත 86, දේශාන් ඩයස් 12, ජනිත් ලියනගේ 40, අවිශ්ක තරිදු නොදැවී 61 (අකිල ධනංජය  59/3)

 

 

Active filters

Recent Posts

  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee