slc
Home   |    News
පෙබරවාරි 24, 2023
පවන්ගේ ශතකයෙන් දඔුල්ලට නව පනක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගීවන පළමු තරගයේදීම ශතකයක් වාර්තා කිරීමට දඹුල්ල පිලේ පවන් රත්නායක අද (22) සමත් වූවේය. පී. සරා ඔවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අවසන් පූර්ව තරගයේදී පවන් රත්නායක දැක්වූ මෙම දක්ෂතා හේතුවෙන් පළමු දිනය නිමා වෙද්දී දඹුල්ල පිල පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 289ක් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා පිලේ ආරාධනාවෙන් මුලින් පන්දුවට පහරදුන් දඹුල්ල පිලේ අංක තුන පිතිකරු ලෙස පවන් රත්නායකන පිටියට පිවිසි අතර, ඔහු පන්දු 148කදී හයේ 3ක් හා හතරේ පහර 12ක් එල්ල කිරීමට සමත් විය. කොළඹ මහානාම විදුහලෙන් පිටියට පිවිසි පවන් දැනට 20 වැනි වියෙහි පසුවන අතර, ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙකි. පළමු දිනය නිමා වෙද්දී අශාන් ප්‍රියංජන නොදැවී ලකුණු 30ක් ලබා සිටියේය.

පවන් හා ගයාන් මනීෂාන් අතර දෙවැනි කඩුල්ලට ලකුණු 78ක සම්බන්ධතාවක් ගොඩනැගී තිබියදී මනීෂාන් ලකුණු 51කට දැවී ගියේය. මනීෂාන් පන්දු 93කදී හයේ පහර 3ක් හා හතරේ පහර 2ක් එල්ල කළේය. අනතුරුව දිනයේ ගොඩනැගුණු හොදම සම්බන්ධතාව වූ තෙවැනි කඩුල්ලට ලකුණු 92ක සම්බන්ධතාව පවන් හා සනෝජ් දර්ශික අතර ගොඩනැගුණි. දර්ශික පන්දු 128කදී හතරේ පහර 6ක් සමග ලකුණු 47ක් ලබා ගත්තේය. නායක මිනෝද් භානුක ලකුණු 1කට දැවී ගියේය.

දඹුල්ල පිල වෙනුවෙන් පන්දුවට පහරදීම උදෙසා ශ්‍රී ලංකා පිලේ ප්‍රබල ක්‍රීඩක වනිදු හසරංග පැමිණීමට නියමිතව සිටින අතර, මෙයට දින කිහිපයකට පෙර නිමාවූ ඒංගලන්ත ‘ඒ‘ පිලට එරෙහි එක්දින තරගාවලියේ වීරයා බවට පත් ව පන්දුවෙන් දස්කම් දැක්වූ දුෂාන් හේමන්ත ද දඹුල්ල පිල සතුව සිටී.

ජැෆ්නා පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ෂශික දුල්ෂාන් කඩුලු 3ක් හා ඒෂාන් මාලිංග කඩුලු 2ක් බිදහෙලූහ.

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ගෝල්, දඹුල්ල, ජැෆ්නා සහ කැන්ඩි කණ්ඩායම් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා සිටින අතර, එහිදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ගෝල් කණ්ඩායම එහි අවසන් ස්ථානයේ පසුවන කැන්ඩි කණ්ඩායමද දඹුල්ල කණ්ඩායමට එරෙහිව ජැෆ්නා කණ්ඩායමද තරග වදිති.

තරගාවලියේ අවසන් මහ තරගය ලබන මාර්තු 2 වැනිදා සිට 5 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

දඹුල්ල පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 289යි (ඕවර් 87.4) – (ගයාන් මනීෂාන් 51, පවන් රත්නායක 117, සනෝජ් දර්ශික 47, අශාන් ප්‍රියංජන නොදැවී 30 ( ෂශික දුල්ෂාන් 86/3, ඒෂාන් මාලිංග 43/2)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest