slc
logo
Home   |    News
පෙබරවාරි 13, 2023
බංග්ලාදේශය පරාජය කළ කාන්තා පිලට දෙවැනි ජයත්

sinhala editor

හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 104 ක නොබිඳුණු සම්බන්ධතාවත් චමරි අතපත්තු සහ ඉනෝකා රණවීරගේ පන්දු යැවීමත් හේතුවෙන් පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (13 දා) අළුයම සමත්විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කාන්තා පිල කඩුලු 8 කදී ලකුණු 126 කට නවතාලීමට සමත්වන ශ්‍රී ලංකා කාන්තා පිල එය හඹා යෑමේදී පන්දුවාර 18 පන්දු 2 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.

කේප්ටවුන්හි ‌නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පන්දු 50 කට මුහුණ දුන් හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69 ක් ලබා ගනිමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල පිට පිටම ලද දෙවැනි ජයග්‍රහණයට මූලිකත්වය ගත්තාය.

එම ඉලක්කය හඹා යෑමේදී ප්‍රතීවාදී පිලේ මුරුෆා අක්‌ටර් ඉදිරි පෙළ කඩුලු 3 ම පවර් ප්ලේ පන්දුවාර 6 ඇතුළතදී දවා ගනිමින් ශ්‍රී ලංකා පිලට දැඩි අභියෝගයක් ගෙන දුන්නත්, සිව්වැනි කඩුල්ලට එක් වුණු දකුණත් පිතිකාරිණී නිලක්ෂි සහ වමත් පිතිකාරිණී හර්ෂීතා ශ්‍රී ලංකා කාන්තා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ. හයේ පහරක් සහ හතරේ පහර 8 කින් සමන්විත වුණු හර්ෂිතාගේ නොබිඳුනු ඉනිම ඇයට තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයට මං පෙත් විවර කර දුන්නේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළද පවර් ප්ලේ අවස්ථාවට හිමි කාල සීමාවේදී පන්දු 9 කට මුහුණ දුන් හර්ෂිතා රැස් කරගෙන සිටියේ ලකුණු 8 ක් පමණි. කෙසේ වෙතත් පහර වල් කරා යෑමට වඩා පිතිකාරිණියක් ලෙස රිද්මය ගොඩ නඟා ගැනීම වෙනුවෙන් එතරම් අවධානයක් ලබා නොදුන් හර්ෂිතා ඉනිමේ හරි අඩක් අවසන් වන විට රැස් කරගෙන සිටියේ පන්දු 22 කදී ලකුණු 22 කි.

15 වැනි පන්දුවාරය අවසන් වන විටත් ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා පන්දු 30 කදී ලකුණු 41 ක් අවශ්‍ය වූ අත එහි පළමු පන්දුවේදීම හතරේ පහරක් එල්ල කළ හර්ෂිතා සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගත්තාය මුහුණ දුන් 41 වැනි  පන්දුවේදී ලකුණු 50 සම්පූර්ණ කරගත් හර්ෂිතා රිතූ මෝනි විසින් යවන ලද ඊළඟ පන්දුවට හයේ පහරකින්ද තවත් පන්දු දෙකකට පසු 4 පහරකින්ද සංග්‍රහ කරමින් ලකුණු පරතරය පන්දු 24 කදී කුණු 24 ක් වශයෙන් අඩු කර දුන්නාය. ඇයට අනගි සහායක් ලබා දුන් නිලක්ෂි ද සිල්වා තරගය නිමා වන විට පන්දු 38 කට මුහුණ දී නොදැවී ලකුණු 41 ක් ලබා සිටියාය.

බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට  පහර දෙද්දී පවර් ප්ලේ අවස්ථාව අවසන් වන විට ලකුණු 48 කට කඩුලු 2 ක් ලබා පහසුවෙන්ම ලකුණු 150 සීමාව පසුකර යෑමට තරම් තත්ත්වයක සිටින. එහෙත් අනතුරුව තරගයට අවතීර්ණ වුණු චමරි අතපත්තු ප්‍රමුඛ පන්දු යවන්නියෝ බංග්ලාදේශ කණ්ඩායම පීඩනයකට ලක් කළහ. එහිදී සිය පන්දුවාර 4 ම ක්‍රියාත්මක කළ චමරි ලකුණු 19 කට කඩුලු 2 ක්ද ඔෂධී රණසිංහ ලකුණූ 23 කට කඩුලු 3 ක්ද සහ ඉනෝකා රණවීර ලකුණු 18 කට එක් කඩුල්ලක් දවා ගනිමින් බංග්ලාදේශය ලකුණු 126 කට නවතාලූහ.

මෙම ජයග්‍රණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2 කදී ජයග්‍රහණය 2 ක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු 4 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණ සිටියි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කාන්තා පිල හමුවේ ඉදිරියේදී ප්‍රබල ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තරග දෙක පැවැත්වීමට නියමිත අතර එම තරග‌ දෙකෙන් එක් තරගයක් ජය ගතහොත් කිසිදු අපහසුවකින් තොරව අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට යෑමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට උදාවනු ඇත.

බංග්ලාදේශය පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 126 යි – (සෝභනා මොස්ටරි 29, නිගර් සුල්ටානා 28, ශමීමා සුල්ටානා 20, ඔෂධී රණසිංහ 23/3, චමරි අතපත්තු 19/2, ඉනෝකා රණවීර 18/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 18.2 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 129 යි – (හර්ෂිතා මාධවී 69*, නිලක්ෂි ද සිල්වා 41*, චමරි අතපත්තු 15, මුරුෆා අකටර් 23/3)

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee