slc
logo
Home   |    News
පෙබරවාරි 10, 2023
මදුශ්කගෙන් තවත් ශතකයක් – ශ්‍රී ලංකා ‘ඒ’ 202 කින් පෙරට

sinhala editor

Chamila Karawita reporting from Galle

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ  පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේදී එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව සිව්වැනි ඉනිමේදී සටනක් ලබාදිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලබා දීමේ අභියෝගය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ කර මතට පැටවී තිබේ. දිවා භෝජනය සඳහා තරගය නිමා කරන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලයන්ස් පිලට වඩා තවමත් ඉදිරියෙන් සිටින්නේ ලකුනු 202 කිනි.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 6 කට ලකුනු 278 ක් ලබා සිටියද පළමු ඉනිමේදී තිබූ ලකුණු 73 පරතරය ශ්‍රී ලංකා කණ්ඩායමේ අවාසියට හේතුවී තිබේ. කෙසේ වෙතත් තවමත් පන්දුවට පහර දිය හැකි පිතිකරුවන් දෙපළක් වන ළහිරු උදාර සහ චාමික කරුනාරත්න දෙදෙනා කඩුල්ලේ රැදී සිටීම නිසා ශ්‍රී ලංකා ‘ඒ’ පිලට සැනසුමකි. ඒ හැරත් ලක්ෂිත මානසිංහටද සැලකිය යුතු මට්ටමේ පිතිකරණ හැකියාවක් තිබීමද සත්කාරක පිලට ශක්තියකි.

සිව්වැනි දිනයේ තරග නිමාවීමට නම් තවත් පන්දුවාර 67 ක් ඉතිරිව තිබෙන බැවින් ඉන් වැඩි වේලාවක් පන්දුවට පහරදීම තරගයේ ඉරණමට බෙහෙවින්ම වැදගත් වේ. මන්ද යත් වර්තමාන එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව, ප්‍රහාරාත්මක පිතිකරණ රටාවකට අනුගතව සිටින බැවිනි. ඒ සඳහා වන හොඳම උදාහරණය වන්නේ දෙවැනි දින පස්වරුවේ ඔවුනට පන්දුවට පහර දීමට ඉතිරිව තිබූ පන්දුවාර 35 දී කඩුලු 3 ක් දැවී ලකුණු 234 ක් ලබා ගැනීමට ඔවුන් සමත්වීමයි.

උදෑසන කාල සීමාවේදී සිදුවූ සුවිශේෂීතම සිදුවීම වූයේ නිශාන් මදුශ්ක මෙවර තරග වාරයේ තෙවැනි ශතකය වාර්තා කිරීමට සමත්වීමය. පෙර දිනයේදී ලකුණු 84 ක් ලබා සිටි මදුශ්ක අද උදෑසන ජැක් කාසන් විසින් ක්‍රියාත්මක කරන ලද පළමු පන්දුවාරයේ පළමු පන්දු 3 ටම හතරේ පහර 3 ක්ද ඊළඟ පන්දුවට ලකුණකින් පැති මාරු කරමින් ශතකය වාර්තා කළේය. එය මෙම තරගාවලිය යටතේ ඔහු වාර්තා කරන ලද තෙවැනි ශතකය විය. මීට පෙර ඔහු ලයන්ස් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී නොදැවී ලකුණු 150 ක් සහ ලකුණක්, පළමු සිව්දින තරගයේ පළමු ඉනිමේදී ලකුණක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 241 ක් සහ මෙම තරගයේදී ලකුනු 22 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 100 ක් වශයෙන් ලකුණු රැස් කළේය. ඒ අනුව ඔහු මෙම තරගාවලියේ ඉනිම 6 කදී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 514 කි.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම පන්දුවාර 88.1 කදී සියලු දෙනා දැවී ලකුණු 332 යි – (ලසිත් කෲස්පුල්ලේ 128, නිශාන් මදුශ්ක 22, නිවනිඳු ප්‍රනාන්දු 22, නිපුන් ධනංජය 61, ලක්ෂිත මානසිංහ 43, ලසිත් ඇඹුල්දෙණිය 42, ජොෂ් ටංග් 76/5, සෑම් කුක් 69/2, මැතිව් ෆීෂර් 83/2)

එංගලන්ත ලයන්ස් පළමු ඉනිම පන්දුවාර 76.4 කදී සියලු දෙනා දැවී ලකුණු 405 යි – (ජැමී ස්මිත් 126, ඇලෙක්ස් ලීස් 97, ජොෂ් බොහනන් 54, මැතිව් ෆිෂර් 35*, ලියම් පැටර්සන් 24, ජොෂ් ටංග් 29)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee