slc
logo
Home   |    News
පෙබරවාරි 14, 2023
ලයන්ස්ට එරෙහි ‘ඒ’ තරගාවලියට මැතිව්ස්ව කැදවයි

sinhala editor

එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වන තරරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ කන්ඩායමට හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ව කැඳවීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නායකයා ලෙසින් කටයුතු කරන ලද ඇන්ජලෝ මැතිව්ස, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 218 කට ක්‍රීඩා කර ලකුණු 5835 ක් ලබා ගෙන තිබේ. එක්දින ශතක 3 ක් සහ අර්ධ ශතක 40 කට හිමිකම් කියන මැතිව්ස්ගේ ඉනිමක ලුකණු ලබා ගැනීමේ සාමාන්‍ය 41.67 ක් ලෙස සටහන් වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග අංශයේ වැඩිම ලකුණු සාමාන්‍යයක් සහිත දෙවැනි පිතිකරුවා වන්නේ ඇන්ජලෝ මැතිව්ස් වන අතර ඔහුට ඉදිරියෙන් සුපිරි පිතිකරු හිටපු නායක කුමාර් සංගක්කාර 41.96 ක සාමාන්‍යයක් රඳවා‌ගෙන සිටින්නේය.

මැතිව්ස් අවසන් වතාවට එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2021 වසරේ මාර්තු මස කොදෙව් කන්ඩායමට එරෙහිව නෝර්ත් සවුන්ඩ්හිදී පැවැති තරගයට වේ. ඊට අමතරව කණ්ඩායමේ නායකයා ලෙස සධීර සමරවික්‍රමව නම් කර තිබේ. එක්දින තරග අංශය සඳහා මීට ‌පෙර කමිදු මෙන්ඩිස්ව නම් කර ඇතත් ඔහු නවසීලන්ත තරග සංචාරය ඉලක්ක කොට රදැල්ලේ පැවැත්වෙන දින 7 ක පුහුණු කඳවුර සඳහා මේ සතිය මැදදී පිටත්ව යෑමට නියමිත බැවින් නායකත්වය සධීරට පවරා තිබේ.

ඊට අමතරව චාමික කරුනාරත්න, අවිශ්ක ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන්, නුවනිඳු ප්‍රනාන්දු සහ ප්‍රවීන් ජයවික්‍රම ද ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට නම් කර තිබේ. මීට අමතරව පුහුනු තරගයේදී සහ දෙවැනි සිව්දින තරගයේදී ශතක වාර්තා කිරීමට සමත් ලසිත් කෲස්පුල්ලේ වද කැඳවීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

දෙපිළ අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගවාලියේ පළමු තරගය පෙබරවාරි මස 15 වැනිදාත්, දෙවැනි තරගය පෙබරවාරි මස 18 වැනිදාත්, තෙවැනි තරගය පෙබරවාරි 21 යන තෙදින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා තරග ලෙසින් පැවැත්වේ. මෙම තරග 3 ම සජීවීව ජාතික රූපවාහිනියෙන් විකාශනය කරනු ඇත.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල – සධීර සමරවික්‍රම (නායක), අවිශ්ක ප්‍රනාන්දු, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, සහන් ආරච්චිගේ, චාමික කරුණාරත්න, ප්‍රවීන් ජයවික්‍රම, ප්‍රමෝද් මදුශාන්, දුශාන් හේමන්ත, මිලාන් රත්නායක, කවිශ්ක අංජුල, ළහිරු උදාර, නිපුන් ධනජය, සුමින්ද ලක්ෂාන්.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar