slc
Home   |    News
පෙබරවාරි 20, 2023
ලයන්ස්ට එරෙහි තීරණාත්මක තෙවැනි තරගයට 14 දෙනෙකුගෙන් යුත් සංචිතයක්

sinhala editor

එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයට සහභාගිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කෙරුණු හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගේ ස්ථානය සඳහා කිසිදු ක්‍රීඩකයකු ආදේශ නොකිරීමට තේරීම් කමිටුව වග බලා ගෙන තිබේ.

ඒ අනුව දෙවැනි තරගය සඳහා නම් කරන ලද 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමෙන් මැතිව්ස් ඉවත්වීම මත හෙට (21 වැනිදා) පැවැත්වෙන තීරණාත්මක එක්දින තරගය සදහා ඉතිරි 14 දෙනාගෙන් යුතු කණ්ඩායම ඉදිරිපත් කිරීමට තේරීම් වලදී තීරණය ගෙන තිබේ.

මෙතෙක් පැවැති තරග 2 න් දෙපිළම ජයග්‍රහණ 1 බැගින් වාර්තා කරගෙන සිටින හෙයින් හෙට තරගයේ ජය ගනු ලබන කණ්ඩායම තරගාවලියේ ශූරයින් බවට පත්වෙනු ඇත.

මෙම තරගාවලියට පෙර ගාල්ලේ පැවැති තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලියද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට වැඩි ගෞරව හිමි වෙමින් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම – සදීර සමරවික්‍රම (නායක), ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, ළහිරු උදාර, නිපුන් ධනංජය, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, සුමින්ද ලක්ෂාන්, කවිශ්ක අංජුල, ඉසිත විජේසුන්දර, දුශාන් හේමන්ත, අම්ෂි ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන්.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest