slc
Home   |    News
පෙබරවාරි 8, 2023
ලයන්ස් පිතිකරුවෝ වේගවත් පිතිහරඹයක

sinhala editor

Chamila Karawita reporting from Galle

 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (08 දා) මන්දාලෝක තත්ත්වය හේතුවෙන් තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත ලයන්ස් කණ්ඩායම පන්දුවාර 35 ක් ඇතුළතදී කඩුලු 3 කට ලකුණු 234 ක් ලබාගෙන සිටියේය. එම ලකුණු රැස් කිරීමේදී පන්දුවාරයකට දළ ලකුණු වේගය සටහන් වූයේ 6.68 ක් ලෙසිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 122 ක්ව තිබියදී තෙවැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසු පිටියට පිවිසි ජැමී ස්මිත් එංගලන්ත ලකුණු ලබා ගැනීම ඉක්මන් කරන ලද නියමුවා වූවේය. ඔහු දිනය අවසන් වන විට මුහුණ දුන් පන්දු 56 න් ලකුණු 86 ක් ලබා සිටියේ ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 10 කින් වර්ණවත් කර ගනිමිනි.

එම පිතිහරඹයේදී ස්මිත් කෙතරම් පන්දුවට පහර දුන්නේද කිව‌හොත් ඔහු පන්දුවට පහර දීමට පැමිණෙණ විට අනෙක් අන්තයේ රැඳී සිටි ඇලෙක්ස් ලීස් රැස් කරගෙන සිටියේ ලකුනු 53 කි. එහෙත් දෙවැනි දිනට තරගය නිමා කරන විට ලීස්ගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ‌75 ක් ලෙසින්ද ස්මිත්ගේ  ලකුණු සංඛ්‍යාව 86 ක් ලෙසින්ද සටහන් විය. ස්මිත් ලබා ගන්නා ලද ලකුණු 86 න් 70 ක්ම හයේ සහ හතරේ පහර වලින් විය.

තරගය අවසන් වීමට මත්තෙන් ලක්ෂිත මානසිංහ සහ චාමික කරුනාරත්නගේ පන්දුවාර දෙකේදී උදුරා ගන්නා ලද ලකුණු 38 ත් සමඟ අවසන් පන්දුවාර 10 දී ලකුනු 97 ක් රැස් කිරීමට ස්මිත් සහ ලීස් දෙපළ සමත්වූහ. මේ නිසාම ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස් කර ගන්නා ලද ලකුණු 332 ට ඉක්මවා ලීම සදහා ලයන්ස් කණ්ඩායමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 98 ක් පමණි. භයානකම තත්ත්වය වන්නේ ඔවුන් සතුව තවත් කඩුලු 7 ක් තිබීමය.

එංගලන්ත ඉනිම ආරම්භයේදීම නායක හසීම් හමීඩ් සහ ටොම් අබෙල්ව දවා ගැනීමට චාමික කරුණාරත්න සහ විශ්ව ප්‍රනාන්දු සමත් වද්දී ලීස්ට එක්වුණු අංක 4 පිතිකරු ජොෂ් බොහනන්ගේ කඩුල්ල දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත්වූයේය. න්දු 62 කදී ගොඩනැංවුණු ලකුණු 54 ක බොහනන්ගේ ඉනිම දවා ගැනීම වෙනුවෙන් විශ්වට සහයෝගය ලබා දුන්නේ ඔහුගේ බාල සහෝදරයා වන නුවනිදු ප්‍රනාන්දු වීම කැපී පෙනිණ.

විශ්වගේ පන්දුවාර 10 දී ලකුණු 44 ක් පමණක් ලබා දෙමින් කඩුලු 2 ක් දවා ගැනීම සහ ප්‍රවීන් ජයවික්‍රම (පන්දුවාර 5 කදී ලකුණු 24 ක්) හැරුණු කොට සෙසු සියලුම පන්දු යවන්නන් හමුවේ පන්දුවාරයකට ලකුණු 6.5 කට වඩා වේගයක් රඳවා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ. එ් අතර වඩාත් හිංසනයට ලක්වූයේ ලක්ෂිත මානසිංහ වන අතර ඔහුගේ පන්දුවාර 5 දී ලකුණු 54 ක් එක් කරන ලද්දේ පන්දුවාරයකට ලකුනු 10.80 ක වේගයක් රදවා ගනිමිනි.

නවසීලන්තයට එරෙහි‌ ටෙස්ට් තරගාවලිය සදහා අත්හදා බැලීමක් ලෙස මෙම තරගයට යොදා ගෙන සිටින චාමික කරුණාරත්න විසින් යවන ලද පන්දුවාර 5 දී ලකුණු 42 ක් රැස් කරගෙන තිබුණේ පන්දුවාරයකට ලකුණු 8.40 ක වේගයක් රදවා ගනිමිනි.

මංගල සිව්දින ටෙස්ට් තරගයට සහභාගි වූ ජොෂ් ටංග් ප්‍රමුඛ එංගලන්ත ලයන්ස් පිලේ ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනා එක්ව කඩුලු 9 ක් දවා ගැනීමට සමත්වීම ප්‍රධාන කොට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 332 දී නිමාවට පත්විය.

ශ්‍රී ලංකා පිලේ දැවී ගිය කඩුලු 10 න් 9 ක්ම ලයන්ස් පිලේ ප්‍රධානම වේග පන්දු යවන්නන් තිදෙනා වන ටංග්, මැතිව් ෆිෂර් සහ සෑම් කුක් විසින් දවා ගත්හ. එහි වැඩිම ගෞරවය හිමි වූයේ ජොෂ් ටංග්ටය. හේ අද දිනයේ දැවි ගිය කඩුලු 7 න් 4 කම හිමිකරුවා බවට පත්වූවේ සමස්ථ ඉනිමේම කඩුලු 5 ක් තම නම ඉදිරියෙන් ලියා ගනිමිනි. දිනය ආරම්භයේදී ලකුණු 45 කට එක් කඩුල්ලක් දවා ගෙන සිටි ජොෂ් ටංග් දිවා භෝජනය දක්වා යවන ලද පන්දුවාර 8.3 කදී ලකුණු 22 ක් පමණක් ලබා දී ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ දැවී ගිය කඩුලු 4 ම හිමිකරුවා බවට පත්වූවේය. ඔහුට අමතරව ෆිෂර් සහ කුක් කඩුලු 2 බැගින් දවා ගත්හ.

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග සංචාරයේදී වේග පන්දු යවන්නකුට අමතරව පිතිකරුවකු ලෙසින් තමන්ට කළ හැකි දේ පෙන්වීම සඳහා ලබා දුන් අවස්ථාවේදී ලකුණු ලබා ගැනීමට පෙරම චාමික කරුණාරත්නව දවා ගැනීමට ජොෂ් ටංග් සමත්විය. ටංග්ගේ අති විශිෂ්ට පන්දු යැවීම නිසා ලකුණු 211 කට කඩුලු 3 ක් ලෙසින් සටහන්ව තිබූ ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු පුවරුවේ අවසන් කඩුලු 7 ම ලකුණු 121 ක් ඇතුළත බිඳ වැටිණ.

දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා වූයේ පෙර දින ශතක ලාභී ලසිත් කෲස්පුල්ලේය. දුර්වල පන්දු දුටු විගස රිදෙන්නට පහර එල්ල කිරීමට කිසිසේත් පසුබට නොවන පිතිකරුවකු ලෙසින් නමක් දිනා සිටින කෲස්පුල්ලේගේ කඩුල්ලේ හිමිකාරිත්වය ජොෂ් ටංග්ට හිමි වුවත් එහි පූර්ණ ගෞරවය මැතිව් ෆිෂර්ට හිමිවිය යුතුය. ටංග්ගේ පන්දුවකට කෲස්පුල්ලේ එල්ල කරන ලද පහර බැක්වර්ඩ් පොයින්ට්හි සිටි මැතිව් ෆිෂර් රැක ගන්නා ලද්දේ ගුවනට පැන තනි අතට රැක ගනිමිනි.

එතැන් පටන් ශ්‍රී ලංකා කණ්ඩායමට යළි තරගයට අවතීර්ණ වූ එංගලන්ත ලයන්ස් පන්දු යවන්නෝ තවත් ලකුණු 08 ක් ලකුණු  පුවරුවට එකතු වන අතර තුරදී චාමික සහ ළහිරු උදාරව දවා ගනිමින් පීඩනය ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙතට යොමු කළහ.

මේ අතරින් චාමික පිට ඉන්නෙන් පිටට පිත වූ පන්දුවකට එලවා පහර දීමට යෑමෙන් කඩුල්ල අහිමි කර ගත් අතර ළහිරු උදාර බොහානන් අතට උඩ පන්දුවක් දැවී ලකුණු නොලබා දැවී ගියහ. මෙම දැවී යෑම් අතරින් ළහිරුගේ දැවී යෑම පිළිබඳව කිසියම් සැකයක් ප්‍රධාන විනිසුරුවන් දෙදෙනාට තිබූ හෙයින් එය තෙවැනි විනිසුරුවරයා දක්වා යොමු කළ නමුත් ඔහු එය දැවී යෑමක් ලෙසින් සංඥා කළේය.

කෙසේ වෙතත් පළමු තරගයේදී සැඳෑ පිතිකරුවා ලෙස පිටියට පිවිස අර්ධ ශතකයක් ලබා ගත් ලක්ෂිත මානසිංහ නායක නිපුන් ධනංජය සමඟ එක්ව කඩා වැටුණු ශ්‍රී ලංකා ‘ඒ ඉනිම ගොඩ ගැනීමේ කාර්යයෙහි නිරත වෙමින් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම ලකුණු 300 සීමාව දක්වා රැගෙන යෑමට මූලිකත්වය ගත්හ. එහිදී නිපුන් ලකුණු 61 ක්ද, ලක්ෂිත මානසිංහ ලකුණු 43 ක්ද රැස් කළය. දිවා විවේකයට  පන්දුවාර 3 ක් තිබියදී නායක නිපුන් දැවී ගිය අතර ලක්ෂිතට එක්වූ ලසිත් ඇඹුල්දෙණියද ලකුණු 42 කින් ‘ඒ’ ඉනිමට ශක්තියක් වූවේය. ඔවුන් දෙදෙනා අතර වූ 8 වැනි කඩුල්ලේ සම්බන්ධතාව මුලු ලකුණු 308 දී බිඳ වැටිණ.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest