slc
logo
Home   |    News
පෙබරවාරි 15, 2023
ලයන්ස් පිලට ලකුණු 231 ක ඉලක්කයක්

sinhala editor

By Chamila Karawita

සදීර සමරවික්‍රමගේ නායකත්වයේ ඉනිමත් සහන් ආරච්චි සහ අංක 7 පිතිකරුවා ලෙසින් පිවිසි චාමික කරුණාරත්නගේ අර්ධ ශතක රැස් කිරීම හෙුතුවෙන් එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (15 දා) පැවැත්වෙන පළමු නිල නොවන එක්දින තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 230 ක් ලබා ගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනාගත් සදීර සමරවික්‍රම පැකිළිමකින් තොරව පන්දුවට පහර දීම තෝරා ගත් නමුත්, උදෑසන පැයක පමණ කාල සීමාවේදී පන්දුවේ තිබූ අසීමිත දෝලනය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 4 ක් අවසන්වීමට මත්තෙන් කඩුලු 3 ක් බිද වැටුණේ මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 09 ක්ව සටහන්ව තිබියදීය.

අනතුරුව කණ්ඩායමේ පළපුරුදුම පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස්ද මුලු ලකුණු සංඛ්‍යාව 25 දී දැවී යෑම ශ්‍රී ලංකා ‘ඒ’ පෙරමුණ සම්පූරණයෙන්ම අඩ පණ වීමට හේතු විය. කෙසේ වෙතත් නායක සදීරට එකතු වුණු සහන් ආරච්චිගේ දෙදෙනා එක්ව පෙරමුණ බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිමට ජීවය එක් කළේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනංවමිනි.

පන්දු 68 කදී සහන් ආරච්චිගේ අර්ධ ශතකය වාර්තා කර ගනිමින් හොඳින් පන්දුවට පහර දෙද්දී 57 වැනි ලකුණේදී දැවී ගියේ ජැක් හේන්ස් විසින් උඩ පන්දුවක් රැක ගැනීම නිසාය. ටොම් ප්‍රෙස්ට්ගේ පන්දුවකට හතරේ සීමාව ආසන්නයේ පන්දු රැකි හේන්ස් ට ලබා දුන් උඩ පන්දුව හැර අවධානම් පහරක් එල්ල නොකිරීමට වග බලා ගත්තේය. පන්දු 80 කදී ගොඩනැවුණු සහන්ගේ ඉනිමට ඇතුළත්ව තිබුණේ හතරේ පහර 4 ක් පමණි.

නායකත්වයේ වගකීම කුමක්ද යන්න හරියටම වටහා ගනිමින් පන්දුවට පහර දුන් සදීර සමරවික්‍රම, චාමික සමගද එක් වෙමින් ලකුණු සංඛ්‍යාව ඉහලට රැගෙන ඒමට උත්සාහ ගත්තේය. එහෙත් මිඩ් විකට් කළාපයට ඉහලින් පන්දුව යැවීමට ගන්නා ලද උත්සාහයේදී එය සෝඩ් මිට් විකට්හි පන්දු රැකි ජෝර්ඩ් කොක්ස් දෑත් අතර සිර කරගත්තේ ගුවනට මුසු වෙමිනි. ඒ සමඟම සදීරගේ ලකුණු 74 ක වටිනා ඉනිම නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 6 වැනි කඩුල්ලද අහිමි වෙමිනි. පන්දු 86 කට මුහුණ දුන් සදීරද සහන් පරිදිම හතරේ පහර 4 ක් පමණක් සිය ඉනිමට ඇතුළත් කර ගත්තේය.

නවසීලන්ත තරග සංචාරයේදී අංක 7 පිතිකරුවාගේ භූමිකාව සඳහා චාමික කරුනාරත්නව යොදා ගැනීම කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමු විය. මේ නිසාම ඔහු අවසන් වරට ගාල්ලේ පැවැති දෙවැනි සිව්දින තරගය සඳහාද යොදා ගැණින. එම තරගයේ ඉනිම 2 දීම ඔහුට ලකුණු ලබා ගැනීමට නොහැකි වුවද අද තරගයේදී සාර්ථක වෙමින් ලකුණු 52 ක් ලබා ගත්තේ ‘ඒ’ පසු පෙළ ශක්තිමත් කරමිනි.

සදීර දැවී යන විටත් චාමික රැස් කරගෙන සිටියේ ලකුණු 9 කි. අනතුරුව පිටියට පිවිසි දුශාන් හේමන්ත චාමික සමඟ ඉතා හොඳින් ලකුණු රැස් කළේ ටොම් හාර්ට්ලිට එරෙහිව දැවැන්ත හයේ පහරක්ද එල්ල කරමිනි. එහෙත් තවත් ලකුණු 6 ක් ඇතුළත කඩුලු 3 ක් දැවී යෑම නිසා ‘ඒ’ ලකුණු පුවරුව කඩුලු 9 කට ලකුණු 209 ක් ලෙසින් සටහන් විය. ඒ වන විට ලකුනු 23 ක් ලබා සිටි චාමික පීඩනය තමන් වෙතම තබා ගනිමින් අර්ධ ශතකය වාර්තා කරන ලද්දේ මුහුණ දුන් 45 වැනි පන්දුවේදී සෑම් කුක්ට හතරේ පහරක් එල්ල කරමිනි. ඊට පෙර කාල සිමවේදී ඔහු ටොම් හාර්ට්ලිට එල්ල කරන ලද හයේ පහර 2 ත් සමඟ ඉනිම ලකුණු 52 දී නිමා වන විට හතරේ පහර 5 කින් ද ඉනිම සරසාගෙන සිටියේය.

Active filters

Recent Posts

  • පාකිස්තාන යොවුන් පිල තරගාවලියේ පෙරමුණ ගනියි
    ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රීඩා සමාජ තරගාවලිය මෙවර සිව්දින තරගාවලියක් වෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ සිවුදින ක්‍රිකට් තරගාවලිය 2026/27 තරග වාරයේදී පළමු වරට සිවුදින තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතය. ඒ අනුව, නොවැම්බර් 19 වැනිදා සිට […]
  • ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 15 ක් ඇතුළත බිඳ වැටෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය එක්වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද (18) රාත්‍රියේදී සමත් විය. රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී […]
  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee