slc
logo
Home   |    News
පෙබරවාරි 7, 2023
ලසිත් කෲස්පුල්ලේගෙන් වේගවත් පිතිහරඹයක්

Sri Lanka Cricket

Chamila Karawita reporting from Galle

එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (08 දා) ආරම්භ වුණු දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේදී පළමුව පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අයහපත් කාලගුණ තත්ත්වයෙන් තරගය අතරමග තාවකාලිකව නවතා දමන විට කඩුලු 3 ක් දැවී ලකුණු 150 ක් ලබා සිටියි.

තවත් සති 3 ක කාලයකින් ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා ජාතික කණ්ඩායම ශක්තිමත් කර ලීමේ අරමුණ ඇතිව මෙම තරගය යොදා ගැනීමට තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇති බැවින් ඒ සදහා චාමික කරුනාරත්න, විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රවීන් ජයවික්‍රමව අද තරගය සඳහා කැඳවනු ලැබීය. ඊට අමතරව පළමු තරගයේදී ශතකයක් ලබා ගත් ඔෂධ ප්‍රනාන්දු වෙනුවට ලසිත් කෲස්පුල්ලේ අද තරගය සදහා ඇතුළත්ව සිටියි.

නිශාන් මදුශ්ක සමග ඉනිම ආරම්භ කළ ලසිත් කෲස්පුල්ලේ ඉනිමේ වැඩීම ලකුණු ලාභියා වෙමින් මේ වන විටත් කඩුල්ල ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දෙන්නේ මෙවර තරග වාරයේ දෙවැනි ශතකය වාර්තා කර ගැනීමේ අභිමුවට පැමිණෙමිනි. තරගය නිමා කරන විට පන්දු 86 කට මුහුණ දුන් ලසිත් ලකුණු 96 ක් රැස් කරගෙන සිටියි. දුර්වල පන්දු දුටු විගස දෙසිතක් නොමැතිව වේගයෙන් පන්දුවට පහර දුන් දකුණත් ආරම්භක පිතිකරුවා එල්ල කරන ලද මනම් පුල් පහර 3 කින් සිය ඉනිමට හයේ පහර 3 ක් ඇතුළත් කර ගත්තේය. ඊට අමතරව හතරේ පහර 12 කින්ද සිය ඉනිම ලසිත් වර්ණවත් කරගෙන තිබුණේ මදුෂ්ක මෙන් දිගු ගමනකට දොරගුලු විවර කර ගනිමිනි.

වර්ෂාව හේතුවෙන් තරගය නිමා කිරීමට පළමු හා දෙවැනි කඩුලු සදහා පිළිවෙළින් මදුශ්ක සමග ලකුණු 59 ක් සහ නුවනිඳු සමඟ ලකුණු 83 ක් රැස් කළ කෲස්පුල්ලේ දැන් පැමිණ සිටින්නේ මෙවර තරග වාරයේ දෙවැනි ශතකය අභිමුවටය. ලසිත් මීට පෙර එංගලන්ත ලයන්ස් පිල සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තුන්දින පුහුණු තරගයේ දෙවැනි ඉනිමේදී වේගවත් ශතකයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායමට කඩුලු 4 ක ජයක් කරා පාර කැපුවේය.
‘ඒ’ කණ්ඩායමේ දැවී ගිය පළමු පිතිකරුවා වූයේ නිශාන් මදුශ්ක වන අතර ඔහු ලකුණු 22 කදී ජොෂ් ටංග්ගේ පන්දුවක් හමුවේ ටොම් අබෙල් අතට උඩ පන්දුවක් දී දැවී ගියේය. අනතුරුව පිටියට පිවිසි නුවනිඳු ප්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනාටම වැඩි වේලා කඩුල්ලේ රැදී සිටීමට සෑම් කුක් සහ මැතිව් ෆිෂර් අවසර ලබා නොදුන්හ. තරගය නිමා කරන විට කෲස්පුල්ලේ සමඟ නායක නිපන් ධනංජය නොදැවී ලකුණු 06 ක් ලබා සිටියි.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee