slc
logo
Home   |    News
පෙබරවාරි 10, 2023
ශ්‍රී ලංකා ‘ඒ’ ජයග්‍රහණයට මන්දාලෝක හරස් වෙයි

sinhala editor

Chamila Karawita reporting from Galle

පන්දුවාර 52 ක් ඇතුළත ලකුණු 284 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත ලයන්ස් දෙවැනි ඉනිමේ කඩුලු 7 ක් ලකුණු 173 ක් ඇතුළතදී බිද දැමූ ලක්ෂිත මානසිංහ ප්‍රමුඛ පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම යග්‍රහණයේ ආසන්නයටම රැගෙන ඒමට සමත්වූහ. පන්දුවාර 13 ක් ඉතිරිව තිබියදී මන්දාලෝකය තරගයට හරස් නොවූයේ නම් අද තරගය තරගය ජයගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට හොඳ අවස්ථාවක් පැවැතියේය. කෙසේ වෙතත් දෙපිළම කරට තරග වැදුණු ‌මෙම සිව්දින ටෙස්ට් තරගාවලිය නිමාවට පත්වූයේ ජය පැරදුමෙන් තොරවය.

මෙම තරගයට පෙර පැවැති පළමු සිව්දින තරගයේදීද ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයට පිවිසියත් අයහපත් කාලගුණය එදින තරගයට හරස් විය.

පෙර දින ඇද හැළුණු වර්ෂාව නිසා අද  (10 දා) තරගය මිනිත්තු 75 ක ප්‍රමාදයෙන් ආරම්භ විය. එසේ නොවන්නට අද තරගයට අහිමි වුණු පන්දුවාර 13 දී කිසිදු අපහසුවකින් තොරව ඉතිරි කඩුලු 3 දවා ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ පිලට අවස්ථාව තිබිණ. ප.ව. 5.33 ට පමණ පිටියේ විනිසුරුවරුන් තරගය නතර කර දමන විටත් ලයන්ස් පිල ජයග්‍රහණයට ලකුණු 111 ක් ඈතින් සිටියේය.

ලයන්ස් පිල සුණු විසුණු කර දැමීමේ මූලිකයා වූයේ ලක්ෂිත මානසිංහය. ඔහු ලයන්ස් දෙවැනි ඉනිමේ දැවී ගිය කඩුලු 7 න් 5 කම හිමිකරුවා වූවේය. තේ පානය සදහා තරගය නිමා කරන විට එක් කඩුල්ලක් දවා ගත් මානසිංහ, ඊට පසු ක්‍රියාත්මක වූයේ ඔවුන්ගේ මැද පෙළ ප්‍රහාරාත්මක පිතිකරුවා වූ ජැමී ස්මිත්ගේ කඩුල්ලද දවා ගනිමිනි. මානසිංහ කඩුලු 5 ක හිමිකරුවා වුවද පළමු ඉනිමට වඩා ලයන්ස් දෙවැනි ඉනිමේදී සියලුම පන්දු යවන්නන් ඉතාම හොදින් පන්දු යැවීම කැපී පෙනිණ.

පන්දු වාර 16 ක් ක්‍රියාත්මක දකුණත් පිට දඟ පන්දු යවන්නා නිලකුණු පන්දුවාර 2 ක්ද සමඟින් ලකුණු 61 කට කඩුලු 5 ක් බිඳ හෙළුවේ තමන්ට ඉතා හොඳ අනාගතයක් තිබෙන බවට පෙර නිමිති පළ කරමිනි. ලයන්ස් දෙවැනි ඉනිම මට්ටු කිරීම වෙනුවෙන් නායක නිපුන් ධනංජය පන්දු යවන්නන් යොදා ගත් ආකාරයද ඉතා ප්‍රශංසනීය මට්ටමක විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැවැති මෙම සිව්දින ටෙස්ට් තරගයේදී සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 356 ක් රැස් කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම  හැකිනම් පන්දුවාර 52 ක් ඇතුළත ලකුණු 284 ක් ලබා ගන්නා ලෙස එංගලන්ත ලයන්ස් පිලට අභියෝග කළේය.

වර්තමානයේදී එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රහාරාත්මක පිතිකරණ රටාව හෙවත් ‘බස්බෝල්’ රටාවට අනුගතව සිටින බැවින් මෙම ඉලක්කය බැලූ බැල්මට ඔවුනට අභියෝගයක් නොවේ. එහෙත් තේ පානයට පෙරම ඔවුන් සතු ප්‍රහාරාත්මකම පිතිකරුවා වූ ඇලෙක්ස් ලීස් සහ ටොම් හේන්ස් දෙදෙනාම දවා දැවී යෑම දැඩි පාඩුවක් විය.  මෙම තත්ත්වය මත තේ පානයෙන් පසු යැවීමට නියමිත පන්දුවාර 37 දී රැස්කරගත ඔවුන්ට රැස් කරගත යුතු ඉලක්කය 218 ක් බවට පත්වූයේ පන්දුවාරයකට අවශ්‍ය දළ ලකුණු වේගය 5.89 ක තරම් ඉහළ අගයකට පත් කරමිනි.

කඩුලු 6 කට ලකුණු 278 ක් ලබා සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම දිවා ආහාරයෙන් පසු තවත් පන්දුවාර 12.1 පන්දුවට පහර දුන් ‘ඒ’ පිතිකරුවෝ තවත් ලකුණු 78 ක් දෙවැනි ඉනිමට එකතු කර ගත්හ. මෙම ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු 76 ක්ම ළහිරු උදාර සහ ලක්ෂිත මානසිංහ 8 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු විය. පළමු ඉනිමේදී අවාසනාවන්ත ලෙස දැවී යෑමකට හසු වුවද දෙවැනි ඉනිමේදී ලකුණු 63 ක් රැස් කරමින් පිතිකරුවකු ලෙසින් තමන් කෙරෙහි තේරීම් කමිටුව තැබූ විශ්වාසය අකුරටම ඉටු කිරීමට ළහිරු උදාර සමත්විය. 7 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි ළහිරු පසු පෙළට ශක්තියක් වෙමින් පන්දු 71 කදී ලකුණු 63 ක් රැස් කළේ හතරේ පහර 8 ක් ද තම ඉනිමට එක් කරගනිමිනි.

ඔහුට අනගි සහායක් ලබා දුන් ලක්ෂිත මානසිංහ පළමු ඉනිමේ පරිදිම ලකුණු 43 ක් ලබා දැවී ගියේය. පන්දු 36 කදී වාර්තා වුණු එම වටිනා ඉනිමට හතරේ පහර 7 ක් එල්ල කර තිබුණි.

වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් මෙම තරගයට චාමික කරුණාරත්ව යොදා ගත්තද පන්දු යවන්නකු ලෙස කඩුලු 4 ක් දවා ගනිමින් කාර්යය භාරයඉටු කළත් පිතිකරුවකු ලෙස අසාර්ථක විය. ඔහුට පළමු ඉනිමේ පරිදිම දෙවැනි ඉනිමේදීත් ලකුණු රැස් කර ගැනීමට නොහැකි විය.

ඒ හැරුණු විට අද දිනයේ සිදුවූ සුවිශේෂීතම සිදුවීම වූයේ නිශාන් මදුශ්ක මෙවර තරග වාරයේ තෙවැනි ශතකය වාර්තා කිරීමට සමත්වීමය. පෙර දිනයේදී ලකුණු 84 ක් ලබා සිටි මදුශ්ක අද උදෑසන ජැක් කාසන් විසින් ක්‍රියාත්මක කරන ලද පළමු පන්දුවාරයේ පළමු පන්දු 3 ටම හතරේ පහර 3 ක්ද ඊළඟ පන්දුවට ලකුණකින් පැති මාරු කරමින් ශතකය වාර්තා කළේය. එය මෙම තරගාවලිය යටතේ ඔහු වාර්තා කරන ලද තෙවැනි ශතකය විය. මීට පෙර ඔහු ලයන්ස් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී නොදැවී ලකුණු 150 ක් සහ ලකුණක්, පළමු සිව්දින තරගයේ පළමු ඉනිමේදී ලකුණක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 241 ක් සහ මෙම තරගයේදී ලකුනු 22 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 100 ක් වශයෙන් ලකුණු රැස් කළේය. ඒ අනුව ඔහු මෙම තරගාවලියේ ඉනිම 6 කදී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 514 කි.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම පන්දුවාර 88.1 කදී සියලු දෙනා දැවී ලකුණු 332 යි – (ලසිත් කෲස්පුල්ලේ 128, නිශාන් මදුශ්ක 22, නිවනිඳු ප්‍රනාන්දු 22, නිපුන් ධනංජය 61, ලක්ෂිත මානසිංහ 43, ලසිත් ඇඹුල්දෙණිය 42, ජොෂ් ටංග් 76/5, සෑම් කුක් 69/2, මැතිව් ෆීෂර් 83/2)

එංගලන්ත ලයන්ස් පළමු ඉනිම පන්දුවාර 76.4 කදී සියලු දෙනා දැවී ලකුණු 405 යි – (ජැමී ස්මිත් 126, ඇලෙක්ස් ලීස් 97, ජොෂ් බොහනන් 54, මැතිව් ෆිෂර් 35*, ලියම් පැටර්සන් 24, ජොෂ් ටංග් 29)

 

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee