slc
logo
Home   |    News
පෙබරවාරි 20, 2023
කාන්තා පිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස් වෙයි

sinhala editor

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරියට යෑමට සඳහා අතිශය තීරනාත්මක තරගය බවට පත්වුණ නවසීලන්තයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 102 දරුණු පරාජයක් අත් විඳීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවිය. මේ නිසාම තරගාවලියේ දෙවැනි තරග වටයට හෙවත් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට යෑමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තිබූ පහසුම අවස්ථාවද මග හැරී ගියේය.

මූලික තරග වටය යටතේ දකුණු අප්‍රීකාවට සහ බංග්ලාදේශයට එරෙහිව පිට පිට ජයග්‍රහණ වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට දෙවැනි තරග වටයට යෑම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය කෙසේ වෙතත් ශුද්ධ දල ලකුණු වේගය වැදගත් වූ නමුත්, වගකීම් විරහිත පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාවට තිබූ සියලුම අවස්ථාවන් මෙම පරාජයත් සමඟ අහිමිවම ගියේය. මෙම තත්ත්වය මත ඉතිහාසයේ කිසි දිනෙක විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක දෙවැනි තරග වටයට යෑමට අපොහොසත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වතාවට එවැනි අවස්ථාවකට සුදුසුකම් ලබා ගැනීමට තිබූ පහසුම අවස්ථාවද ගිලිහී ගියේය.

මෙම තරගය ජය ගැනීමත් සමඟ නවසීලන්තය සහ ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව හතර බැගින් සමාන තත්ත්වයට පත්ව ඇතත්, ශ්‍රී ලංකාවට (-1.46) වඩා දල ලකුණු ලබා ගැනීමේ වේගය (0.138) වැඩි අගයක් රඳවා ගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකියාව ලැබීම නිසා ඔවුන් අවසන් පුර්ව තරග වටයසඳහා සුදුසුකම් ලබා ගත්තේය.

පන්දු 48 කදී ලකුණු 66 ක් ලබා ගත් අමෙලියා කෙර් සහ පන්දු 49 කදී ලකුණු 56 ක් ලබා ගත් සිසු බෙට්ස් ශ්‍රී ලංකාවට ලකුණු 102 ක දැවැන්ත තරග ජයක් ලබා ගැනීම වෙනුවෙන් වැඩිම දායකත්වයක් දක්වන ලද ක්‍රීඩිකාවන බවට පත්වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීමේ සහායද ඇතිව පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 162 ක් ලබා ගැනීමට සමත්වූවේය. මෙම ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම අතින් උඩ පන්දු 2 ක් ගිලිහී යෑමට අමතරව දුවද්දී දැවී යෑම් අවස්ථා කීපයක්ම මඟ හැරිණ.

ඉලක්කය හඹා යෑම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 22 ක් එක් කිරීමට චමරි සහ හර්ෂිතා සමත් වුවත්, මුලු ලකුණු සංඛ්‍යාව 22 ක්ව තිබියදී හර්ෂිතා දැවී ගියාය. එතැන් පටන් හිස එසවීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් නවසීලන්ත පන්දු යවන්නියෝ ශ්‍රී ලංකා ලකුනු පුවරුවට ලකුණු 13 ක් එකතු වන අතර වාරයේ ඉදිරි පෙළ පිතිකාරිණියන් 5 දෙනාම දවා ගැනීමට සමත්වූහ. ඒ අතර නායිකා චමරි අතපත්තු (19) ද පසුවූවාය. චමරි හැරුණු විට ශ්‍රී ලංකා පිලේ ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට සමත් වූ එකම පිතිකාරිණිය වූයේ මල්ෂා ෂෙහානි (10) පමනි.

තෙවැනි පන්දුවාරය යවන අතරතුරදී වේග පන්දු යවන අචිනි කුලසූරිය උරහිසේ ආබාධයකට ගොදුරුවීම නිසා පන්දුවට පහර දීමට පැමිණීමෙන් වැළකී සිටියාය. මේ නිසා ශ්‍රී ලංකා ඉනිම කඩුලු 9 කින් සමන්විත විය. වගකීම් විරහිත අතිශය දුර්වල පිතිහරඹය නිසා ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 15.5 කදී ලකුණු 60 කට සීමා විය.

නවසීලන්තය පන්දුවාර 20 කදී කඩුලු 3 ට ලකුනු 162 යි – (අමේලියා කෙර් 66, සුසී බේට්ස් 56, බ්‍රෙමඩයින් බිසුඩිහයට් 32)

ශ්‍රී ලංකාව පන්දුවාර 15.5 කදී සියලු දෙනා දැවී ලකුණු 60 යි – (චමරි අතපත්තු 19, මල්ෂා ෂෙහානි 10, අමේලියා කෙර් 07/2, ලී ටහුහු 12/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee