slc
logo
Home   |    News
පෙබරවාරි 10, 2023
ලයන්ස් පිලට ලකුණු 284 ක ඉලක්කයක්

sinhala editor

Chamila Karawita reporting from Galle

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේදී සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 356 ක් රැස් කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම  හැකිනම් පන්දුවාර 52 ක් ඇතුළත ලකුණු 284 ක් ලබා ගන්නා ලෙස එංගලන්ත ලයන්ස් පිලට අභියෝග කළේය. තරගයේ සිව්වැනි සහ අවසන් දිනය වූ අද (10 වැනිදා) තේ පානය සඳහා තරගය නතර කරන විට ලයන්ස් කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 66 ක් ලබා සිටියේය.

ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ‘ඒ’ පන්දු යවන්නන් පාලනයකින් යුතුව පන්දු යැවීම නිසාතේ පානයෙන් පසු යැවීමට නියමිත පන්දුවාර 37 දී රැස්කරගත ඔවුන්ට රැස් කරගත යුතු ඉලක්කය 218 ක් බවට පත්ව තිබේ. එය පන්දුවාරයකට අවශ්‍ය දළ ලකුණු වේගය හා සසඳන විට 6 කට ආසන්න (5.89) ක අගයකි.

වර්තමානයේදී එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රහාරාත්මක පිතිකරණ රටාව හෙවත් ‘බස්බෝල්’ රටාවට අනුගතව සිටින බැවින් මෙම ඉලක්කය බැලූ බැල්මට ඔවුනට අභියෝගයක් නොවේ. එහෙත් ගැටලුව බවට පත්ව තිබෙන්නේ මේ වන විටත් ඔවුන් සතු ප්‍රහාරාත්මකම පිතිකරුවකු වන ඇලෙක්ස් ලීස් සහ ටොම් හේන්ස් දෙදෙනාම දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්ව සිටීමයි.

කඩුලු 6 කට ලකුණු 278 ක් ලබා සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම දිවා ආහාරයෙන් පසු තවත් පන්දුවාර 12.1 පන්දුවට පහර දුන් ‘ඒ’ පිතිකරුවෝ තවත් ලකුණු 78 ක් දෙවැනි ඉනිමට එකතු කර ගත්හ. මෙම ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු 76 ක්ම ළහිරු උදාර සහ ලක්ෂිත මානසිංහ 8 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු විය. පළමු ඉනිමේදී අවාසනාවන්ත ලෙස දැවී යෑමකට හසු වුවද දෙවැනි ඉනිමේදී ලකුණු 63 ක් රැස් කරමින් පිතිකරුවකු ලෙසින් තමන් කෙරෙහි තේරීම් කමිටුව තැබූ විශ්වාසය අකුරටම ඉටු කිරීමට ළහිරු උදාර සමත්විය. 7 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි ළහිරු පසු පෙළට ශක්තියක් වෙමින් පන්දු 71 කදී ලකුණු 63 ක් රැස් කළේ හතරේ පහර 8 ක් ද තම ඉනිමට එක් කරගනිමිනි.

ඔහුට අනගි සහායක් ලබා දුන් ලක්ෂිත මානසිංහ පළමු ඉනිමේ පරිදිම ලකුණු 43 ක් ලබා දැවී ගියේය. පන්දු 36 කදී වාර්තා වුණු එම වටිනා ඉනිමට හතරේ පහර 7 ක් එල්ල කර තිබුණි.

වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් මෙම තරගයට චාමික කරුණාරත්ව යොදා ගත්තද පන්දු යවන්නකු ලෙස කඩුලු 4 ක් දවා ගනිමින් කාර්යය භාරයඉටු කළත් පිතිකරුවකු ලෙස අසාර්ථක විය. ඔහුට පළමු ඉනිමේ පරිදිම දෙවැනි ඉනිමේදීත් ලකුණු රැස් කර ගැනීමට නොහැකි විය.

ඒ හැරුණු විට අද දිනයේ සිදුවූ සුවිශේෂීතම සිදුවීම වූයේ නිශාන් මදුශ්ක මෙවර තරග වාරයේ තෙවැනි ශතකය වාර්තා කිරීමට සමත්වීමය. පෙර දිනයේදී ලකුණු 84 ක් ලබා සිටි මදුශ්ක අද උදෑසන ජැක් කාසන් විසින් ක්‍රියාත්මක කරන ලද පළමු පන්දුවාරයේ පළමු පන්දු 3 ටම හතරේ පහර 3 ක්ද ඊළඟ පන්දුවට ලකුණකින් පැති මාරු කරමින් ශතකය වාර්තා කළේය. එය මෙම තරගාවලිය යටතේ ඔහු වාර්තා කරන ලද තෙවැනි ශතකය විය. මීට පෙර ඔහු ලයන්ස් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී නොදැවී ලකුණු 150 ක් සහ ලකුණක්, පළමු සිව්දින තරගයේ පළමු ඉනිමේදී ලකුණක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 241 ක් සහ මෙම තරගයේදී ලකුනු 22 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 100 ක් වශයෙන් ලකුණු රැස් කළේය. ඒ අනුව ඔහු මෙම තරගාවලියේ ඉනිම 6 කදී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 514 කි.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම පන්දුවාර 88.1 කදී සියලු දෙනා දැවී ලකුණු 332 යි – (ලසිත් කෲස්පුල්ලේ 128, නිශාන් මදුශ්ක 22, නිවනිඳු ප්‍රනාන්දු 22, නිපුන් ධනංජය 61, ලක්ෂිත මානසිංහ 43, ලසිත් ඇඹුල්දෙණිය 42, ජොෂ් ටංග් 76/5, සෑම් කුක් 69/2, මැතිව් ෆීෂර් 83/2)

එංගලන්ත ලයන්ස් පළමු ඉනිම පන්දුවාර 76.4 කදී සියලු දෙනා දැවී ලකුණු 405 යි – (ජැමී ස්මිත් 126, ඇලෙක්ස් ලීස් 97, ජොෂ් බොහනන් 54, මැතිව් ෆිෂර් 35*, ලියම් පැටර්සන් 24, ජොෂ් ටංග් 29)

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest