slc
logo
Home   |    News
පෙබරවාරි 17, 2023
ගෝල් හා ජැෆ්නා තරගය විවෘත මුහුණුවරකට

sinhala editor

පළමු ඉනිමේදී ලකුණු 130කට දැවී ගිය ජැෆ්නා ක්‍රීඩකයෝ සිය දෙවැනි ඉනිමේදී කඩුලු 5ක් දැවී ලකුණු 219ක් ලබා සිටින හෙයින් සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමා වෙද්දී ඔවුන් කඩුලු 5ක් අතැතිව ලකුණු 91ක් ඉදිරියෙන් සිටියි. එබැවින් තවත් දින 2ක් ඉතිරිව ඇති මෙම තරගය විවෘත මුහුණුවරකට පත්ව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා ජැෆ්නා අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී ගෝල් පිල පළමු ඉනිමට ලකුණු 258ක් ලබා ගත්තේය.

ඊයේ (16) පළමු ඉනිමට ගෝල් ක්‍රීඩකයෝ 4ක් දැවී ලකුණු 193ක් ලබා සිටි අතර, අද දිනයේ කඩුලු 6ක් දැවී තවත් ලකුණු 65ක් එක්කර ගත්තේය. කැපී පෙණෙන පිතිකරු බවට පත් වූ ෂොහාන් ඩී ලිවේරා ලකුණු 143ක් ලබාගත් අතර, පැතුම් කුමාර ලකුණු 48ක් ලබා ගත්තේය. අනෙක් පිතිකරුවන් අඩු ලකුණු ගණනකට දැවී යෑමෙන් ගෝල් ලකුණු පුවරුව ඉහළට නොගියේය. ආරම්භක පිතිකරු ෂොහාන් ඩී ලිවේරා පන්දු 218කට මුහුණදුන් අතර, හතරේ පහර 16ක් එල්ල කරද්දී පැතුම් කුමාර පන්දු 116කට මුහුණදී හතරේ පහර 4ක් තම ඉනිමට එක් කළේය.

ජැෆ්නා ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත දෙවැනි ඉනිමේදී ලකුණු 86ක් ලබාගත් අතර, පන්දු 169කදී හතරේ පහර 8ක් එල්ල කිරීමට සමත් විය. රොන් හා අවිශ්ක තරිදු සිවුවැනි කඩුල්ලට ලකුණු 103ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර, රොන් චන්ද්‍රගුප්ත දැවී යෑමෙන් පසු ඊළග පන්දුවේදී ශෂික දුල්ෂාන් ලකුණු නොළබාම පිටියෙන් ඉවත් කිරීමට අකිල ධනංජය සමත් වූවේය.

ජැෆ්නා පිල පසුගිය සතියේදී කැන්ඩි පිලට එරෙහි තරගය නිමාවීමට දිනක් ඉතිරිව තිබියදී කඩුලු 4කින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

ජැෆ්නා – පළමු ඉනිමට ලකුණු 130යි (ඕවර් 38) – නවෝද් පරණවිතාන 39, ජනිත් ලියනගේ 20, ළහිරු මධුසංක 11, බිනුර ප්‍රනාන්දු 37 (මොහොමඩ් සිරාෂ් 60/5, අකිල ධනංජය 24/2, කෞමාල් නානායක්කාර 13/2)

ගෝල් – පළමු ඉනිමට ලකුණු 258යි (ඕවර් 78) – ෂොහාන් ඩී ලිවේරා 143,  ලක්ෂාන් එදිරිසිංහ 16, පසිදු සුරියාරච්චි 16, පැතුම් කුමාර 48, ( බිනුර ප්‍රනාන්දු 52/2, ළහිරු මධුසංක  42/2, ෂශික දුල්ෂාන් 37/4, ඒෂාන් මාලිංග 27/1, නවෝද් පරණවිතාන 8/1)

ජැෆ්නා – දෙවැනි ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 219යි (ඕවර් 61) – රොන් චන්ද්‍රගුප්ත 86, දේශාන් ඩයස් 12, ජනිත් ලියනගේ 40, අවිශ්ක තරිදු නොදැවී 61 (අකිල ධනංජය  59/3)

 

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee