slc
logo
Home   |    News
මාර්තු 21, 2023
අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ කඩුලු 8ක් දැවී ලකුණු 258කට සීමා කිරීමට මුවර්ස් පන්දු යවන්නෝ සමත් වූහ.

රාගම ක්‍රිකට් පිලේ මුල් කඩුලු හතර ලකුණු 69කට දැවී ගොස් තිබූ අතර, මැද පෙළ ක්‍රීඩක ශක්තියෙන් එක් අවස්ථාවකදී කඩුලු 6කට ලකුණු 209ක් විය. එහෙත් 6වැනි හා 7වැනි කඩුලු දෙක ලකුණු 4ක් තුල දැවී යෑමෙන් රාගම පිලේ ලකුණු වේගය අඩුවී ගියේය.

මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා තරගය අද සහ හෙට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනාගත් රාගම පිල පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

රාගම පිලේ පිතිකරුවන් අතර, ඉදිරියෙන්ම සිටින රන්මිත් ජයසේන අද දිනයේදී අගනා ලකුණු 72ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑම ඔවුනට විශාල පාඩුවක් විය. එමෙන්ම අංක තුන පිතිකරු දුලාජ් බණ්ඩාර ලකුණු 73කදී දැවී යෑමද අවාසිදායක විය. රන්මිත් හා දුලාජ් බණ්ඩාර අතර 5වැනි කඩුල්ලට ලකුණු 93ක සම්බන්ධතාවක් ගොඩනැගුණු අතර රන්මිත් හා ඩිලෝන් පීරිස් අතර, 6 වැනි කඩුල්ලට ලකුණු 47ක සම්බන්ධතාවක් ගොඩනැගුණි.

රන්මිත් ජයසේන පන්දු 117 කදී ලකුණු 72ක වාර්තා කළ අතර, එයට හතරේ පහර 6ක් ඇතුලත් විය. රන්මිත් මෙම තරගයත් සමග තරග 7කදී ශතකයක් හා අර්ධ ශතක 3ක් සමග තරගාවලියේදී ලකුණු 410ක් ලබා ගෙන ඇත. ඔහුගේ වැඩිම ලකුණු ප්‍රමාණය 139ක් වේ.

දුලාජ් බණ්ඩාර හතරේ පහර 5ක් සමග පන්දු 150කදී ලකුණු 73 වාර්තා කළ අතර, ඔහු මෙවර තරගාවලියේ වාර්තා කළ තෙවැනි අර්ධ ශතකය වේ. දුලාජ් මෙම තරගාවලියේදී මෙතෙක් තරග 7කදී අර්ධ ශතක 3ක් සමග ලකුණු 291ක් ලබා සිටී.

රාගම පිලේ නායක ඩිලෝන් පීරිස් පන්දු 46කදී හතරේ 3ක් සමග ලකුණු 27ක් ලබා ගනිද්දී අවසන් පිතිකරුවන් අතරට එක් වූ ශෂික දුල්ෂාන් පන්දු 69කදී හතරේ 3ක් සමග නොදැවී ලකුණු 29වාර්තා කිරීමට සමත් වූවේය. මුවර්ස් පන්දු යවන්නන් අතුරින් තේෂාන් විතූෂාන් කඩුලු 3ක් හා දිනුක දිල්ෂාන් කඩුලු 2ක් බිද හෙලීමට සමත් වූහ. මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ මුවර්ස් ක්‍රීඩා සමාජයේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක යාපනය මැදි විදුහලෙන් පිටියට පිවිසි විතූෂාන් මේ තරගයද ඇතුළුව තරග 6කදී කඩුලු 31ක් බිදහෙලා සිටී.

ජාතික තලයට පිවිසෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා උරගා බැලෙන හොදම තරගකාරී අවස්ථාවක් ලෙස සැලකෙන මෙම තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ කණ්ඩායම් 24ක් අතරේ පැවැති අතර, ඒ ඒ කාණ්ඩවල මුල් කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. අවසන් පූර්ව වටයේදී මුවර්ස් ක්‍රීඩා සමාජය හා රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ ලකුණු අනුව පිළිවෙලින් එස්එස්සී පිල හා ටැමිල් යූනියන් පිල පරාජය කොට අවසන් මහා තරගයට පිවිසියේය.

මෙම තරගාවලියේ ශූරයින්ට රුපියල් ලක්ෂ 5ක් සමග ශූරතාව පිරිනැමෙන අතර, අනු ශූරයින්ට රුපියල් ලක්ෂ 3ක් සමග අනු ශූරතා කුසලානය පිරිනැමේ. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට රුපියල් ලක්ෂයක්, හොදම පිතිකරුට හා හොදම පන්දු යවන්නාට රුපියල් 75000 බැගින්, අවසන් තරගයේ වීරයාට රුපියල් 50000 බැගින් පිරිනැමෙන අතර, එම දක්ෂතම ක්‍රීඩකයන්ට වෙන වෙනම කුසලාන පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා ඇත.

රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 8කට ලකුණු 258යි (ඕවර් 91) – නුෂාල් ධර්මරත්න 10, දුලාජ් බණ්ඩාර 73, ළහිරු දෙවටගේ 17, රන්මිත් ජයසේන 72, ඩිලෝන් පීරිස් 27, ශෂික දුල්ෂාන් නොදැවී 29, අශේන් ප්‍රනාන්දුනොදැවී 7 ( දිනුක දිල්ෂාන් 19/2, ජනිස්ක පෙරේරා 37/1, ඉම්තියාස් ස්ලාසා 83/1, තේෂාන් විතූෂන් 90/3)

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

USD United States (US) dollar