ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්රධානතම ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග මාර්තු මස 15 සහ 16 වැනිදා කොළඹදී පැවැත්වේ.
මෙහිදී කොළඹ සී. සී. සී. ක්රීඩාංගණයේ පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ටැමිල් යුනියන් සහ රාගම ක්රීඩා සමාජයත් කෝල්ට්ස් ක්රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී එස්. එස් සී. සහ මුවර්ස් ක්රීඩා සමාජයත් තරග වදිති.
මූලික තරග වටය යටතේ ප්රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටිම කණ්ඩායම් 4 අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලැබූහ. මෙහිදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග වැදි ටැමිල් යුනියන් ක්රීඩා සමාජය තරග 5 කදී එක් පූර්ණ ජයක් සහ පළමු ඉනිමේ ජයග්රහණ 3 ක් ද, ‘බී’ කාණ්ඩයෙන් තරග වැදි එස්. එස්. සී. ක්රීඩා සමාජය තරග 4 කදී පූර්ණ ජයග්රහණ 3 ක් සහ එක් පළමු ඉනිමේ ජයක් ද, ‘සී’ කාණ්ඩයෙන් තරග වැදි මුවර්ස් ක්රීඩා සමාජය තරග 4 කදී එක් පූර්ණ ජයක් සහ පළමු ඉනිමේ ජයග්රහණ 3 ක් ද සහ ‘ඩී’ කාණ්ඩය යටතේ තරග වැදි රාගම ක්රීඩා සමාජය තරග 5 කදී පූර්ණ ජයග්රහණ 2 ක් සහ පළමු ඉනිමේ ජයග්රහණ 2 ක් සමඟින් අදාළ කාණ්ඩවල පෙරමුණට පැමිණියහ.