slc
Home   |    News
මාර්තු 27, 2023
ආරාධිත 23 න්  පහළ ශූරතාව පී.සී.සී. පිලට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් කණ්ඩායම් 18 කගේ සහභාගිත්වයෙන් පැවැති වයස අවුරුදු 23 න් පහළ ආරාධිත සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කලුතර ශාරීරික යෝග්‍යතා ක්‍රීඩා සමාජය (පී.සී.සී.) අද (මාර්තු 26) සමත්විය. කොළඹ සී. සී. සී. පිටියේ පැවැති අවසන් මහ තරගයේදී මහනුවර කණ්ඩායමට එරෙහිව කඩුලු 2 ක ජයක් වාර්තා කළ ශාරීරික යෝග්‍යතා කණ්ඩායම ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ දෙකහමාරක ජය මල්ලකදට හිමිකම් කීය.

පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 කට ලකුණු 199 ක් ලබා ගත් අතර එය හඹා යෑමේදී ශාරීරික යෝග්‍යතා පිලේ නායක කනික දයාරත්න පන්දු 98 කදී ලකුණු 74 ක් රැස් කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය සඳහා මූලික අඩිතාලම එක් කළේය. හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් කනික රැස් කරන ලද එම අනගි ඉනිම නිසා අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබුවේ ඒ සදහා ලබා දෙනු ලබන රුපියල් 25,000 ක මුදලටද හිමිකම් කියමිනි.

පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් කනක වික්‍රමසිංහ සහ මලිත ලක්ෂාන් ලකුණු 56 ක සම්බන්ධතාවක් එක් කළත් තරගයේ මැද භාගයේදී වූ කඩා වැටීම හේතුවෙන් කැන්ඩි පිල ලකුණු 92 ක් ඇතුළත කඩුලු 5 ක් අහිමිකරගෙන සිටියේය. එහෙත් හය වැනි කඩුල්ල වෙනුවෙන් නායක කවිශ්ක මැදගෙදරට එක් වුණු ඉමේෂ් කුමාර (36) 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක සම්බන්ධතාවක් පවත්වමින් කැන්ඩි කණ්ඩායම ලකුණු 200 කඩ ඉම දක්වා රැගෙන ගියහ. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මැදගෙදර හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් වේගවත් ලකණු 50 ක් රැස් කළේය.

එම හඹා යෑමේදී පළමු පන්දුවාර 21 අවසන් වන විට ශාරීරික යෝග්‍යතා කණ්ඩායමේ කඩුලු 4ම ලකුණු 79 කදී බිඳ වැටිණ. පස්වැනි කඩුල්ල වෙනුවෙන් නායක කනික දයාරත්නට එක් වුණු තෙවින් අමරසිංහ (29) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක සම්බන්ධතාවක් එක් කරමින් කලුතර කණ්ඩායම ජයග්‍රාමී මාවත වෙත සේන්දු කළහ. එහෙත් ලකුණු 4 ක් ඇතුළත තවත් කඩුලු 3 ක් දවා ගනිමින් කැන්ඩි කණ්ඩායම යළිත් තරගයට අවතීර්ණ වීම නිසා ශාරීරික යේග්‍යතා කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 8 කට ලකුණ 184 ක් ලෙසින් යළිත් අභියෝගයකට මුහුණ දුන්නේය. එහෙත් 9 වැනි කඩුල්ල බිඳ වැටීමට අවස්ථාවක් නොදුන් ශාරීරික යෝග්‍යතා පිතිකරුවෝ 50 වැනි පන්දුවාරයේ  පළමු පන්දුවේදී ජයග්‍රහණය සනාථ කළහ.

ජය සංකේත ප්‍රධානයේදී දක්ෂතම පිතිකරු සම්මානය රියෝ ක්‍රීඩා සමාජයේ ෂෙහාන් රශ්මික විසින්ද පන්දු යවන්නා ලෙසින් මැලේ ක්‍රීඩා සමාජයේ ඉසුරු ධනජය ද නම් කළ අතර ඔවුන්ට එම කුසලාන සමඟ මුදලින් රුපියල් 50,000 බැගින් පිරිනැමිණ. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් මොරටුව ක්‍රීඩා සමාජයේ ගැවින් බොතේජු සම්මාන දිනාගනිද්දී ඔහුට මුදලින් රුපියල් 75,000 ක මුදලක් පිරිනැමිණ.

දක්ෂතම පන්දු යවන්නා – ඉසුරු ධනංජය (මැලේ)

දක්ෂතම පිතිකරුවා – ෂෙහාන් රශ්මික (රියෝ)

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – ගැවින් බොතේජු (මොරටුව)

අවසන් මහ තරගයේ වීරයා – කනික දයාරත්න (කලුතර ශාරීරික යෝග්‍යතා)

කැන්ඩි කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 199 යි – (මලිත ලක්ෂාන් 21, කනක වික්‍රමසිංහ 31, ඉමේෂ් කුමාර 36, කවිශ්ක මැදගෙදර 50, විශ්ව දිදුලන 45/2, තදුල ද සිල්වා 36/2, කලන සංදීප් 36/2)

කලුතර ශාරීරික යෝග්‍යතා කණ්ඩායම පන්දුවාර 49.1 කදී කඩුලු 8 ට ලකුණු 202 යි – (තෙනුක ලියනගේ 28, කනික දයාරත්න 74, තෙවින් අමරසිංහ 29, දිනුක තෙන්නකෝන් 32/2, කනක වික්‍රමසිංහ 46/2)

දක්ෂතම පන්දු යවන්නා වූ ඉසුරු ධනංජය ශ්‍රී ලංකා ක්‍රිකට් හි දේශීය තරග අංශයේ කළමනාකරු සුරේෂ්  බුලන්කුලම මහතා අතින් සම්මාන ලබා ගනිමින්.  

දක්ෂතම පිතිකරුවා වූ ෂෙහාන් රශ්මික ශ්‍රී ලංකා ක්‍රිකට් හි දේශීය තරග අංශයේ කළමනාකරු සුරේෂ්  බුලන්කුලම මහතා අතින් සම්මාන ලබා ගනිමින්.  

අවසන් මහ තරගයේ වීරයා වූ කනික දයාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් හි දේශීය තරග අංශයේ කළමනාකරු සුරේෂ්  බුලන්කුලම මහතා අතින් සම්මාන ලබා ගනිමින්.  

තරගාවලියේ වීරයා වූ ගැවින් බොතේජු ශ්‍රී ලංකා ක්‍රිකට් හි දේශීය තරග අංශයේ කළමනාකරු සුරේෂ් බුලන්කුලම මහතා අතින් සම්මාන ලබා ගනිමින්.  

Active filters

Recent Posts

  • බේබි ඒ.බී. – දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල දිනවයි
    Chamila Karawita reporting from Pallekele ඒ.බී. ඩිවිලියර්ස්ගේ මිළඟ අනුප්‍රාප්තිකයා ලෙසින් ක්‍රිකට් ලොව හඳුන්වනු ලබන බේබි ඒ.බී. හෙවත් ඩීවල්ඩ් බ්‍රේවිස් පන්දු 71 කදී රැස් කරන ලද නොබිඳුණු ලකුණු 98 […]
  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest