slc
Home   |    News
මාර්තු 9, 2023
කොළ පැහැති තණතීරුවේ පළමුව පන්දුවට පහර දීමේ අභියෝගය ශ්‍රී ලංකාවට

sinhala editor

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් ටෙස්ට් තරගාවලිය වන නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තීරණාත්මක පළමු ටෙස්ට් තරගයේදී තෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ළහිරු කුමාරව කැඳවමින් ශ්‍රී ලංකා පිල තරගයට අවතීර්ණව සිටියි. ක්‍රයිස්චර්ච්හි හෙග්ලි ක්‍රීඩාංගණයේ අද (09 දා) ආරම්භ වුණු මෙම ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක ටිම් සවුති කොළ පැහැති තණතීරුවේදී පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට අභියෝග කර සිටියේය.

බලාපොරොත්තු වූ ලෙසින්ම නවසීලන්ත කණ්ඩායම මෙම තරගයට වේග පන්දු යවන්නන් සිව්දෙනකු සමඟින් අවතීර්ණව සිටින අතර ශ්‍රී ලංකා පිල වේග පන්දු යවන්නන් තිදෙනෙකු සහ එක් දඟ පන්දු යවන්නකු සමග අවතීර්ණව සිටිති. ප්‍රභාත් ජයසූරිය ‌කණ්ඩායමට නම් කර සිටින එකම දඟ පන්දු යවන්නා වේ.

තෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් කණ්ඩායමට පිවිස සිටින ළහිරු කුමාර අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2022 වසරේ මාර්තු මස ඉන්දියාවට එරෙහිව මොහාලිහිදී පැවැති ටෙස්ට් තරගයට වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 24 කට ක්‍රීඩා කර ඇති දකුණත් වේග පන්දු යවන්නා කඩුලුලක් දවා ගැනීමේ සාමාන්‍ය 38.48 ක් රදවා ගනිමින් කඩුලු 70 ක් බිඳ හෙළීමට සමත්ව සිටින්නේය.

ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීමට නම් තරග 2 කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීම ශ්‍රී ලංකා පිලට අනිවාර්යය වනවා සේම, අද අහමදාබාද්හි ආරම්භ වන ඉන්දු – ඔස්ට්‍රේලියා තරගයේ ජය ඔස්ට්‍රේලියාව අත්කරගත යුතු හෝ එම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය යුතු වේ. එසේ වුවහොත් ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයේ ප්‍රතිවාදීන් බවට පත්වීමට දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිලට අවස්තාව උදාවනු ඇත.

ශ්‍රී ලංකා පිල – ඔෂධ ප්‍රනාන්දු, දිමුත් කරුණාරත්න (නායක), කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කසුන් රජිත, ප්‍රභාත් නිස්සංක, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර.

නවසීලන්ත පිල – ටොම් ලේතම්, ඩෙවෝන් කොන්වේ, කේන් විලියම්සන්, හෙන්රි නිකල්ස්, ඩැරල් මිචෙල්, ටොම් බ්ලන්ඩෙල්, මයිකල් බ්‍රේස්වෙල්, ‌ටිම් සවුති (නායක), මැට් හෙන්රි, නීල් වැග්නර්, බ්ලෙයාර් තික්නර්.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest