slc
Home   |    News
මාර්තු 30, 2023
ගෞරවාන්විත තරගාවලි අවසානයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව හැමිල්ටන් පිටියට

sinhala editor

තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම  හෙට (මාර්තු 31 වැනිදා) හැමිල්ටන්හි සෙඩන් පාර්ක් පිටියේදී නවසීලන්ත පිල මුණ ගැසෙනු ඇත. පළමු තරගයෙන් ලකුණු 198 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්වීමත්, දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් සේදී යෑම නිසාත් ගෞරවාන්විත තරගාවලි අවසානයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට තරගයේ ජය අතිශයින්ම වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගයට පැමිණෙන්නේ 0-1 ක් ලෙස තරගාවලිය පසුපසන් සිටිමිනි. දෙවැනි එක්දින තරගය එකම පන්දුවක් හෝ යැවීමට නොහැකිවීම නිසා එම තරගයේදී දෙපිළටම ප්‍රසාද ලකුණු 5 බැගින් හිමි වුවත්, පළමු තරගයේදී නියමිත වේලාවට පෙර පන්දුවාර සංඛ්‍යාව යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අපොහොසත්වීම නිසා එක් ප්‍රසාද ලකුණක් අහිමිව තිබේ. ඒ අනුව මේ වන විට ලෝක කුසලාන සුපර් ලීග් තරග වටයේ ශ්‍රී ලංකා පිලේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 81 ක් ලෙසින් සටහන් වේ.

කෙසේ වෙතත් හෙට තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිලට අවස්ථාව උදා වුවහොත් තවත් ප්‍රසාද ලකුණු 10 ක් එක් කර ගත හැකි වනු ඇත. එසේ වුවහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 91 දක්වා ඉහළ යන අතර එය ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීම සදහා යළිත් බලාපොරොත්තු රඳවන්නක් බවට පත් වනවා සේම දකුණු අප්‍රිකානු පිලට කිසියම් අභියෝගයක් ගෙනදෙනු ඇත.

ඒ සියල්ල රදා පවතිනුයේ ශ්‍රී ලංකාව හෙට දිනයේදී ජය වාර්තා කර ගත හොත් පමණි. හැමිල්ටන් තණතීරුවේ සත්කාරකයින්ගේ ඉතිහාසය ගෙන බැලීමේදී 2014 වසරේ සිට මේ දක්වා ක්‍රීඩා කර ඇති එක්දින තරග 12 න් අවස්ථා 10 කදීම ජයග්‍රහණය කිරීමට නවසීලන්ත පිල සමත්ව සිටියි.

තරගය පැවැත්වෙන සෙඩ්න් පාර්ක් තණතීරුව වේග පන්දු යවන්නන්ට වැඩි වාසියක් ලබාදෙන තණතීරුවක් ලෙසින් සැලකෙන අතර එහිදී මුල් පැය කීපය පිතිකරුවන්ට අතිශය අභියෝගාත්මක කාල සීමාවකි. මෙතෙක් මෙම ක්‍රීඩාංගණයේ පවත්වා ඇති තරග 52 න් පසුව පන්දුවට පහර දුන් කණ්ඩායම අවස්ථා 27 කදී ජය වාර්තා කරගෙන තිබේ.

පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායම ලබාගනු ලබන ලකුණු සාමාන්‍ය 234 ක් වශයෙන් සටහන් වුවත්, මෙහි වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හිමිකම් කියයි. ඒ 2014 වසරේදී කඩුලු 9 ක් දැවී රැස් කරන ලද ලකුණු 350 වේ.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest