slc
logo
Home   |    News
මාර්තු 13, 2023
ටෙස්ට් ශූරතා අවසන් මහ තරග බලාපොරොත්තුව ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

sinhala editor

BY CHAMILA KARAWITA

ටෙස්ට් ක්‍රිකට් යනු චමත්කාර ක්‍රීඩාවක් බව යළි ඔප්පු කරමින් හෙග්ලි ඔ්වල් පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගය අද (13 දා) දිනය අවසන්වීමට නියමිත අවසන් පන්දුවේදී නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා පිලට එරෙහිව කඩුලු 2 ක ජයක් නවසීලන්ත කණ්ඩායම වාර්තා කර මිනි. පන්දුවෙන් පන්දුව ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගෙන පැවැති මෙම තරගයේ අවසන් පන්දුවේදි නවසීලන්ත ජයග්‍රහණය සඳහා එක් ලකුණක් ලබා ගත යුතු වූ අතර එය නවසිලන්ත පිතිකරුවන් රැස් කරගන්නා ලද්දේ කඩුලු රකින්නාගෙන් ගිලිහෙන විට ලබා දෙනු ලබන ‘බයි’ ලකුණක් වශයෙනි. මේ සමඟම ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තබා තිබූ බලාපොරොත්තුද නිමාවට පත්විය.
පස්වැනි දින ආරම්භයේ වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා නවසීලන්ත පිලට ජයග්‍රහණය සඳහා ලබාගත යුතු වූ ලකුණු 257 සඳහා පන්දුවාර 52 ක් ඉතිරිව තිබිණ. ශ්‍රී ලංකා කණ්ඩායම දෙසින් තරගය ජය ගැනීම සදහා අවශ්‍ය වූයේ කඩුලු 9 ක් දවා ගැනිම පමණි. කෙසේ වෙතත් දිනයේ වාසනාව සංචාරකයින්ට වඩා සත්කාරකයින් සතුවීම නිසා තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමේ හැකියාව නවසීලන්තයට උදාවිය.
නවසීලන්ත ජයග්‍රහණය සනාථ වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටි කේන් විලියම්සන් ලකුණු 121 ක් ලබා ගනිමින් දිනයේ වීරයා බවට පත්විය. ටොම් ලේතම් (24) සහ හෙන්රි නිකොල්ස්ව (20) අඩු ලකුණු සංඛ්‍යාවන් වලට දවා ගිනිමන් සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණත්, නිරෝෂන් දික්වැල්ල අතින් විලියම්සන්ගේ උඩ පන්දුවක් අත හැර දැමීම, මෙම වේදනාකාරී පරාජයට ප්‍රධානම හේතුව බවට පත්විය.
ලකුණු 30 ක් ඇතුළත කඩුලු 2 ක් දැවී යෑම නිසා ශ්‍රී ලංකාව තරගයේ ඉදිරියට පැමිණියේය. එම පීඩනයද නවසීලන්ත කණ්ඩායම වෙත දෝලනය වී තිබූ නිසා විලියම්සන් පන්දුවට පහර දුන්‌නේ තැතිගැන්මකිනි. එය වාසියකට හරවා ගනිමින් පන්දු යැවූ ළහිරු කුමාරගේ පන්දුවකට පිත්තේ පිටත දාරයේ වැදී නිරෝෂන් දික්වැල්ල වෙත උඩ පන්දුවක් ලෙසින් ඇදී යන විට විලියම්සන් ලබාගෙන සිටියේ ලකුණු 33 ක් පමණි. එම උඩ පන්දුව රැක ගැනීමට දික්වැල්ල සමත් වූයේ නම් තරගය මීට හාත්පසින්ම වෙනස් ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයකට පත්වනු ඇත.
ඒ හැරුණු විට අවසන් ලකුණ ලබා ගැනීමේදීද දික්වැල්ලට දුවද්දී දැවී යෑමකට හසු කර ගැනීමට තිබූ අවස්ථාවටද ඔහුට අහිමි විය. අසිත ප්‍රනාන්දු විසින් යවන ලද අවසන් පන්දුව කඩුලු රකින්නා වෙත නිලකුණු පන්දුවක් ලෙසින් ඇදී ගියත් පිතිකරුවන් දෙපළ ලකුණක් කරා පැති මාරු කරගත් නමුත්, දික්වැල්ලට පන්දුව කඩුල්ල වෙත යොමු කිරීමට නොහැකිවිය. පන්දුවට පහර දෙන අන්තයේ කඩුල්ල අසළින් පැමිනි පන්දුව අසිත ප්‍රනාන්දු රැගෙන පන්දු යවන්නාගේ කඩුල්ලට එල්ල කළද ඒ වන විටත් විලියම්සන් සිය සීමා ඉර පසුකර තිබුණේය. කෙසේ වෙතත් නවසීලන්ත ජයග්‍රහණය සනාථ වූයේ තෙවැනි විනිසුරුවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව වීමද කැපී පෙනූණි.යම් ලෙසකින් දික්වැල්ල විසින් යොමු කරන ලද පන්දුව කඩුල්ලේ වැදුණේ නම් සමව අවසන් වූ ටෙස්ට් තරගයක් ලෙස අද ටෙස්ට් තරගය නිමාවට පත්වනු ඇත.

උඩ පන්දුව ගලිහී යෑමෙන් වරම් ලබා ගත් විලියම්සන්, ඩැරල් මිචෙල් සමග එක්ව තෙවැනි කඩුල්ල සදහා ලකුණු 142 ක සම්බන්ධතාවක් පවත්වමින් ගිලිහුණු තරගයේ වාසිය නවසිලන්තය වෙත ගෙන දුන්නේය. ඒ අතරතුර සිය 27 වැනි ටෙස්ට ශතකය විලියම්සන් වාර්තා කරගත්තේ මුහුණ දුන් 177 වැනි පන්දුවේදීය.

විලියම්සන් තැන්පත් අයුරින් පන්දුවට පහර දෙන විට ප්‍රාහාරාත්මක පිතිහරඹයක නියැළුණු පළමු ඉනිමේ ශතක ලාභියා වූ ඩැරල් මිචෙල් ලකුණු 81 ක් බා ගත්තේය. හයේ පහර 4 කින් සහ හතරේ පහර 3 කින් වර්ණවත් වුණු මිචෙල්ගේ ඉනිම පන්දු 86 කින් සමන්විත විය. ඔහුගේ වේගවත් ඉනිම නිසා තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවයෙන් අවසන් ලකුණු 40 රැස් කර ගන්නා ලද්දේ පන්දු 50 ක් පමණක් වැය කරමිනි. මෙම වේගවත් පිතිහරඹය, නවසීලන්ත ජයග්‍රහණයට ප්‍රධාන ලෙසින් ඉවහල් වුණු ඉනිමක් ලෙසින් සැලකිය හැක. මෙම කඩුලු සම්බන්ධතාවයේ තවත් දැක ගත හැති සුවිශේෂත්වයක් වූයේ දැවැන්ත පහර මෙන්ම කඩුලු අතර දිව යෑමද ඉතා ඉහළ මට්ටමක පැවැතීමයි. ඔවුහු මෙම සම්බන්ධතාවයේදී ලකුණු 2 ඒවා 19 වතාවක් රැස් කරගනිමින් පීඩනය පන්දු යවන්නන් වෙතට යොමු කිරීමටද සමත්වූහ. පළමු ඉනිමේ ලද ලකුණු 102 ත් දෙවැනි ඉනිමේ ලද ලකුණු 81 ත් නිසා තරගයේ වීරයා සම්මානය හිමිවූයේ ඩැරල් මිචෙල් වෙතය.
ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 92.4 කදී 355 යි.
නවසීලන්තය පළමු ඉනිම පන්දුවාර 107.3 කදී ලකුණු 3073 යි.
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 105.3 කදී ලකුණු 302 යි.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest