slc
Home   |    News
මාර්තු 11, 2023
දසුන්ගේ කලම්බු පරදා මිනෝද්ගේ දඹුල්ල ජය ලබයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් දඹුල්ල පිල කඩුලු 4ක ජයක් වාර්තා ක‍ළේය.

කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිලේ නායක මිනෝද් භානුක මුලින්ම දසුන් ශානක පෙරටු කොටගත් කළම්බු පිලට පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර කළම්බු ක්‍රීඩකයෝ සියළු දෙනා ලකුණු 195කට දැවී ගියහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල පිල කඩුලු 6ක් දැවී ලකුණු 197ක් ලබා තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

දඹුල්ල පිල ජයග්‍රහණය කරා රැගෙන ගිය අශාන් ප්‍රියංජන පන්දු 71කදී හතරේ පහර 3ක් සමග නොදැවී ලකුණු 50ක් වාර්තා කළ අතර, දුශාන් හේමන්ත පන්දු 46කදී හතරේ 3ක් සමග නොදැවී ලකුණු 41ක් ලබා ගැනීමට සමත් විය. ලසිත් අබේරත්න ලකුණු 32කින් හා අභිෂේක් ලියනාරච්චි ලකුණු 24කින් දඹුල්ල ජයග්‍රහණයට දායකත්වය ලබා දෙද්දී පවන් රත්නායක ලකුණු 23ක් එක් කළේය.

කළම්බු පිලේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 1ක් ලබා සිටියදී දවා ගැනීමට දඹුල්ල ආරම්භක වේග පන්දු යවන ළහිරු සමරකෝන් සමත් වූ අතර, එවිට ලකුණු පුවරුව ලකුණු 2ක් වී තිබිණි.

කළම්බු පිලේ වැඩිම ලකුණු ලබාගත් දසුන් ශානක හා අශේන් බණ්ඩාර පිළීවෙලින් පන්දු 50කදී හා පන්දු 41කදී හතරේ පහර 3 බැගින් එල්ල කොට ලකුණු 35 බැගින් ලබාගත්හ. කළම්බු පිලේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පන්දු 39කදී හතරේ පහර 3ක් සමග ලකුණු 29ක් ලබාගත් අතර, අවසන් කඩුල්ලට ලකුණු 26ක් එක් කළ ඉසිත දේව් විජේසුන්දර පන්දු 29කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමග ලපකුණු 24ක් ලබා ගැනීම හැර අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු අටේ සීමාවෙන් ඉහළට පැමැණීමට දඹුල්ල පිලෙන් ඉඩක් නොළැඹුණි.

දඹුල්ල පිලේ ලක්ෂාන් සඳකැන් කඩුල් 3ක් දවාගත් අතර, ළහිරු සමරකෝන් හා දුෂාන් හේමන්ත කඩුලු 2 බැගින් බිදහෙලා ගත්හ.

තරගයේ වීරයා – අෂාන් ප්‍රියන්ජන

කළම්බු – සියළු දෙනා දැවී ලකුණු 195යි (ඕවර් 40.4)
කුසල් ජනිත් පෙරේරා 29, නිපුන් ධනංජය 26, දසුන් ශානක 35, අශේන් බණ්ඩාර 35, කවිදු නදීෂාන් 18, ඉසිත දේව් විජේසුන්දර 24 (නුවන් තුෂාර 33/1, ළහිරු සමරකෝන් 33/2, රනිත ලියනාරච්චි 19/1, අශාන් ප්‍රියංජන 17/1, දුෂාන් හේමන්ත 37/2, ලක්ෂාන් සඳකැන් 53/3)

දඹුල්ල – කඩුලු 6ක් දැවී ලකුණු 197යි (ඕවර් 43.3)
අභිෂේක් ලියනාරච්චි 24, පවන් රත්නායක 23, අශාන් ප්‍රියංජන නොදැවී 50, දුශාන් හේමන්ත නොදැවී 41 ලසිත් අඹේරත්න 32, රනිත් ලියනාරච්චි 11 ( නුවන් ප්‍රදීප් 5/1, දසුන් ශානක 40/1, නිපුන් ධනංජය 16/1 තරිදු රත්නායක 37/ 3)

තරග තීරක ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා අතින් අශාන් ප්‍රියන්ජන් තරගයේ වීරයා සම්මානය ලබාගනිමින්

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest