slc
Home   |    News
මාර්තු 27, 2023
දිනුරගේ තුන් ඉරියව් දක්ෂතා අපතේ යයි

sinhala editor

ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් අබුඩාබිහි පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවුණු බංග්ලාදේශයට එරෙහි තරගයෙන් කඩුලු 5 ක අනපේක්ෂිත පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අත් විඳිය.

මාර්තු 26 වැනිදා පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම බංගලාදේශ පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 48 ක් අවසනදී සියලු දෙනා දැවී ලකුණු 215 ක් රැස් කර නමුත් එය හඹා යෑමේදී බංග්ලාදේශ පිල පන්දුවාර 47.5 කදී කඩුලු 5 ක් පමණක් දැවී සපුරා ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩඩායමේ පළමු කඩුලු 3 ම ලකුණු 35 ක් ඇතුළත දැවී ගීයේ 7 වැනි  පන්දුවාරය අවසන් වීමට මත්තෙනි. හිරුන් කපුරුබණ්ඩාර (10, සිනෙත් ජයවර්ධන (04), විශේන් හැළඹගේ (07) සහ නායක ෂෙවෝන් ඩැනියල් (0) ඒ අතර වූහ. ඩැනියල් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී යෑම ශ්‍රී ලංකා පිලට ප්‍රබල පහරක් විය.

විශ්ව ළහිරුත් මුලු ලකුණු සංඛ්‍යාව 61 ක්ව තිබියදී දැවී ගියේ ශ්‍රී ලංකා පිල තවත් අසරණ භාවයට පත් කරමිනි. එම කඩුල්ල වෙනූවෙන් ලකුණු 26 ක් එක් වුවත් ළහිරුගේ දායකත්වය ලකුණු 02 කි. අනතුරුව දිනුරට එක් වුණු කණ්ඩායමේ කඩුලු රකින්නා වූ හිරාන් ජයසුන්දර 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක් එක් කිරීමට දායකත්වය දැක්වූහ.

කණ්ඩායමේ අවශ්‍යතාවය අනුව හැඩ ගැසුණු දකුණත් පිතිකරුවා පන්දු 63 කදී ලකුණු 35 ක් එක් කළේය. හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 82 කට මුහුණ දුන් දිනුර අර්ධ ශතකය පෙනී පෙනී ලකුණු 49 කට දැවී ගියේය.

කෙසේ වෙතත් පසුපෙළින් පැමිණි විශ්ව රාජපක්ෂ (25), මල්ෂ තරුපති (46)  වේග‌යෙන් පන්දුවට පහර දෙමින් ලකුණු අතරට පැමිණි නිසා ශ්‍රී ලංකාවට ලකුණු 200 සීමාව ඉක්මවා ලීමට අවස්ථාව උදාවිය. ප1වේගකාරී ඉනිමක් දියත් කළ මල්ෂ තරුපති තම ලකුණු 46 සදහා පන්දු 37 කට මුහුණ දුන්නේ හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සරසා ගනිමිනි.

ඉලක්කය හඹා යෑමේදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක ස්ථාවරත්වයක් එක් කිරීමට බංග්ලාදේශ ආරම්භක පිතකිරුවෝ සමත්වූහ. ඒ අතරින් ඉවක් බවක් නැතිව පන්දුවට පහර දුන් ජිෂාන් අලාම් දිනුර කලුපහනගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යද්දී කළ හැකි උපරිම පාඩුව සිදුකර තිබුණි. පන්දු 32 කට මුහුණ දුන් අලාම් හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 62 ක් රැස් කළේ ඒ වන විට ලකුණු පුවරුව ලකුණු 66 ක්ව සටහන්ව තිබියදීය.

නැවතත් ක්‍රියාත්මක වූ කනුපහන ශරියර් සකීබ් ව දවා ගත්තද අනතුරුව පැමිණි පිතිකරුවන් කඩුලු අතර සම්බන්ධතා ගොඩ නගමින් බංග්ලාදේශ පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ. බංග්ලාදේශ පිතිකරුවන් මෙල්ල කිරීම සදහා ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 8 දෙනෙකුගේ සහාය ලබා ගත්තද එය නිෂ්ඵල කටයුත්තක් විය.

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 48 කදී ලකුණු 215 යි – (දිනුර කලුපහන 49, හිරුන් කපුරුබණ්ඩාර 10, හිරාන් ජයසුන්දර 35, විශ්ව රාජපක්ෂ 25, මල්ෂ තරුපති 46, මරු‌ෆ මිධා 40/3, රොහාන්ත් බෝර්සන් 51/3, ටන්වීර් අහමඩ් 41/2)

බංග්ලාදේශ යොවුන් පිල පන්දුවාර 47.5 කදී කඩුලු 5 ට ලකුණු 217 යි – (ජිෂාන් අලාම් 62, අශිඛර් රහ්මාන් 30, අරිෆුල් ඉස්ලාම් 22, අහරාර් අමින් 44*, ශිහාබ් ජේම්ස් 26, මෆුසුර් ‌රාහ්මන් 21*, දිනුර කලුපහන 41/2)

 

Active filters

Recent Posts

  • බේබි ඒ.බී. – දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල දිනවයි
    Chamila Karawita reporting from Pallekele ඒ.බී. ඩිවිලියර්ස්ගේ මිළඟ අනුප්‍රාප්තිකයා ලෙසින් ක්‍රිකට් ලොව හඳුන්වනු ලබන බේබි ඒ.බී. හෙවත් ඩීවල්ඩ් බ්‍රේවිස් පන්දු 71 කදී රැස් කරන ලද නොබිඳුණු ලකුණු 98 […]
  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest