slc
logo
Home   |    News
මාර්තු 19, 2023
පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක

sinhala editor

වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් ඉනිමක පරාජයන් ගැලවීමේ සටන ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ. ලකුණු 416 ක් පළමු ඉනිමේ පසුපසින් සිට දෙවැනි ඉනිම අරඹා තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනට තරගය නිමා කරන විටත් කඩුලු 2 ක් අහිමිකරගෙන සිටියේ ලකුණු සංඛ්‍යාව 113 ක් සටහන්ව තිබියදීය. ඒ අනුව පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට අනපේක්ෂිත අවධානමකට මුහුණ දී සිටියි.

තරගයේ මුලුමනින්ම දින දෙකක් ඉතිරිව තිබියදී  ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයෙන් බේරී නවසීලන්තයට යළි පන්දුවට පහර දීමට අවස්ථාව සලසාලීමට නම් තවත් කඩුලු 8 ක් ඇතුළත ලකුණු 302 කට වඩා රැස් කරගත යුතු වේ.

පළමු ඉනිමේදී ඉනිම ආරම්භ කොට 9 වැනි පිතිකරුවා ලෙසින් දැවී යන විට ලකුණු 89 ක් ලබා ගත් නායක දිමුත්ට දෙවැනි ඉනිමේදී රැස් කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 51 ක් පමණි. දැවී ගිය කඩුලු 2 න් එක් කඩුල්ලක් දිමුත් දැවී යෑම ශ්‍රී ලංකාවට මෙම තතරගයේදී දරාගත නොහැකි පාඩුවකි.

වෙලිංටන් හිදී මීට වසර 5කට පෙර එනම්ශි 2018 වසරේදී විශිෂ්ට ශතක වාර්තා කරමින් දිනය පුරා පන්දුවට පහරදී එකී තරගය ජය පරාජයෙන් තොරව නිමා කරන්නට සමත් වූ කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් ‌නොදැවී රැඳී සිටීම ශ්‍රී ලංකාවට ප්‍රධාන බලාපොරොත්තුවකි. තරගය නිමා කරන විට කුසල් මෙන්ඩිස් ලකුණු 50 ක් සහ ඇන්ජලෝ මැතිව්ස් එක් ලකුණක් ලබා සිව්වැනි දිනය වන හෙට දිනයේදීත් පන්දුවට පහර දීමට අපේක්ෂාවෙන් සිටිති.

ලකුණු 26 ක් ඇතුළත කඩුලු 2 ක් අහිමිව තිබියදී තෙවැනි දිනය ආරම්භ කළ ශ්‍රී ලංකා පළමු ඉනිම තේ පානයට මද වේලාවකට පෙර සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත්වූහ. ක්‍රීඩාව ආරම්භයේදීම සැඳෑ පිතිකරු ලෙසින් පෙර දින පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය දවා ගැනීමට ටිම් සවුති සමත් වූයේ එක් ලකුණක් හෝ අද දිනයේදී වාර්තා කිරීමට මත්තෙනි.

ජයසූරියගේ දැවී යෑමෙන් ලකුණු පුවරුවට ලකුණු 7 ක් එකතු වන විට ඇන්ජලෝ මැතිව්ස් ලකුණකට දැවී යෑම ශ්‍රී ලංකාවට පළමු ඉනිම අඩු ලකුණු සඛ්‍යාවකට සීමා වීමට ප්‍රධාන ලෙසින් බලපෑවේය. කෙසේ වෙතත් නායක දිමුත්ට එක් වූ දිනේෂ් චන්දිමාල් (37) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 ක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 100 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.

පළමු වතාවට පන්දුවට පහර දීමට පිටියට පිවිසි නිශාන් මදුශ්ක ලබාගත්තේ ලකුණු 19 ක් වුවත්, ඔහු නායකයා සමඟ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40 ක් එක් කිරීමට දායකත්වය දැක්වූවේය.

චන්දිමාල්ගේ දැවී යෑමෙන් පසු නවසීලන්ත පන්දු යවනන්නන් අවසන් පිතිකරුවන් සිව්දෙනාටම ලබාගැනීමට අවස්ථාව උදාකර දුන්නේ කුණු 50 ක් පමණි. පන්දු යැවීමේදී මැට් හෙන්රි සහ මයිකල් බ්‍රේස්වෙල් කඩුලු 3 බැගින් බිඳ හෙළූහ.

නවසීලන්තය පළමු ඉනිම පන්දුවාර 123 කදී කඩුලු 4ට ලකුණු 580 යි – (කේන් විලියම්සන් 215, හෙන්රි නිකොලස් 200*, ටොම් ලේතම් 21, ඩෙවෝන් කොන්වේ 78, ඩැරල් මිචෙල් 17, ටොම් බ්ලන්ඩල් 17, කසුන් රාජිත 126/2, ධනංජය ද සිල්වා 75/1, ප්‍රභාත් ජයසූරිය 86/1)

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 66.5 කදී  164 යි – (දිමුත් කරුණාරත්න 89, දිනේෂ් චන්දිමාල් 37, නිශාන් මදුශ්ක 19, මැට් හෙන්රි 44/3, මයිකල් බ්‍රේස්වෙල් 50/3, ඩග්ලස් බේස්වෙල් 18/2)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 43 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 113 යි (දිමුත් කරුණාරත්න 51, කුසල් මෙන්ඩිස් 50*)

 

Active filters

Recent Posts

  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee