slc
logo
Home   |    News
මාර්තු 17, 2023
මැතිව්ස් එක්දින පිලට

sinhala editor

නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 බැගින් වන එක්දින හා විස්සයි-20 තරගාවලි සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිස්ව කැඳවීමට තේරීම් වලදී පියවරගෙන තිබේ.  මැතිව්ස්ට අමතරව ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක එක්දින හා 20යි 20 සංචිත දෙක සදහා ඇතුළත් කර තිබේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් 18 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම සඳහා මැතිව්ස්ව කැඳවා ඇත්තේ මාස @ කින් වීම කැපී පෙනෙයි. ඔහුට අමතරව පන්දු වාර 20-20 සංචිතය සදහා කුසල් ජනිත් පෙරේරා යළි කැදවා තිබේ.

එමෙන්ම එක්දින සංචිතය සදහා සහන් ආරච්චිගේ මෙන්ම විස්සයි-20 සංචිතය සදහා ලසිත් කෘෘස්පුල්ලේ නම් කර තිබෙන අතර ඒ අතරට සධීර සමරවික්‍රම හා නුවනිදු ප්‍රනාන්දු සංචිත දෙක සදහාම ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර නවසීලන්ත සංචාරයේ සීමිත පන්දුවාර තරග සදහා ද එක් එක් කරගෙන නොමැත.

චමීර වෙනුවට එක්දින සංචිතය සදහා මතීෂ පතිරණ ආදේශ කිරීමටත්, 20යි 20 සංචිතය සදහා ප්‍රමෝද් මදුෂාන් ආදේශ කිරීමටත් ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මාර්තු 25 වැනිදා දෙරට අතර එක්දින තරගාවලිය ඔක්ලන්ඩ් හිදී ආරම්භ වන අතර දෙවැනි එක්දින තරගය මාර්තු 28 වැනිදා ක්‍රයිස්චර්ච් හී දී ද, තෙවැනි එක්දින තරගය මාර්තු 31 වැනිදා හැමිල්ටන් හී දී ද පැවැත්වීමට නියමිතයි.

අනතුරුව පැවැත්වෙන විස්සයි-20 ක්‍රිකට් තරගාවලි අප්‍රේල් දෙවැනිදා ඔක්ලන්ඩ් හී දී ආරම්භ වන අතර දෙවැනි හා තෙවැනි තරග පිළිවෙලින් ඩුනේඩින් හී දී හා ක්වීන්ස්ටවුන් හී දී යි පැවැත්වීමට නියමිතව ඇත.

එක්දින – දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, නුවනිඳූ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, චරිත් අසලංක, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණගේ, කසුන් රජිත, කසුන්, ළහිරු කුමාර, ප්‍රමෝද් මකුශාන්, ඩිල්ෂාන් මදුශංක, චාමික කරුණාරත්න, මහීස් තීික්ෂණ

විස්සයි-20 -දසුන් ශානක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, කුසල් පෙරේරා, ලසිත් කෘස්පුල්ලේ, සදීිර සමරවිකුම, නුවනිඳු ප්‍රනාන්දු, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, කසුන් රජිත, ළහිරු කුමාර, ඩිල්ෂාන් මදුශංක, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ, ප්‍රමෝද් මදුශාන්.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]
  • ශ්‍රී ලංකා කාන්තාවෝ කඩුලු දහයකින් ස්කොට්ලන්තය පරාජය කරයි
    ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර සෙනසුරාදා (27) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පැවැති කාන්තා ලෝක කුසලාන විස්සයි 20 සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • කොළඹ පරදා ගාල්ල අපරාජිතව අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයෙන් කඩුලු 10ක පූර්ණ ජයග්‍රහණයක් ලබාගත් […]
  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee